බි‍්‍රතාන්‍යය නිර්මාපකයෝ පිරිසක් අලූත්ම තාලයේ නත්තල් බල්බයක් නිපැදවුහ.
‘‘අවුරා‘‘ ලෙස හදුන්වාදී තිබෙන මේ බල්බයේ ඇත්තේ ඇත්තේ ආලෝක විමෝචක ඩයෝඩයන් (එල්.ඊ.ඞී.) ය.මෙම එල්.ඊ.ඞී දැල්වීමට අවශ්‍ය බලය ලැබෙන්නේ නත්තල් ගස වටා ඇතිකෙරෙන චුම්භක ක්ෂේත‍්‍රයකිනි.චුම්භක ක්ෂේත‍්‍රය ඇති කිරීමට වෙනම උපකරණයක් ඇත.
මේ උපකරණය කි‍්‍රයාත්මක කරවා නත්තල් ගස ඒ මධ්‍යයේ තැබීමෙන් ගස වටා චුම්භක ක්ෂේත‍්‍රයක් ඇති කර ගත හැකිය.දැන් කරන්නට ඇත්තේ තමන්ට රිසි සේ ‘‘අවුරා‘‘ බල්බයන් ගසේ රැඳවීමය.චුම්භක ක්ෂේත‍්‍රයෙන් බලය උකහාගන්නා ඒවා දැල්වී ආලෝකය විහිදුවයි.
බල්බයකට අවුරුදු 20 ක තරම් ජීව කාලයක් ඇති බවද පැවසේ.
වෙනදා බල්බ වැලේ ඇති බොත්තමකින් බල්බ දැල්වීමේ රටාව පාලනය විණි.නමුත් මෙහිදී එවැන්නක් නැත.තාක්ෂණයේ මහිම මේ යැයි පෙන්වමින් මෙම බල්බ ඇතුළු චුම්භක ක්ෂේත‍්‍ර ජනකය රැහැන් රහිත තාක්ෂණය ඔස්සේ ජංගම දුරකථනයක් හෝ ලැප්ටොප් පරිගනකයක් හා සම්බන්ධ කළ හැකිය.එම උපකරණයන්හි ස්ථාපිත කළ යුතුවන කෙරෙන විශේෂ මෘදුකාංගයක් බල්බ දැල්වෙන රටාව ආදිය සිතැඟි පරිදි පාලනයට අවස්ථාව සළසා දේ.
බල්බ දැවී යාමේ කරදරයෙන්,වයර පැටලී නත්තල් ගසත් කඩා වැටීමේ කරදරයෙන් තොර වන මේ තාක්ෂණය නත්තල් ගස් ආලෝක කිරීමට පමණක් නොව වෙනත් කටයුතු සදහාද යොදාගැනීමේ හැකියාව තිබෙන බව නිර්මාපකයින්ගේ අදහසයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නත්තලට අලුත් බල්බයක්
අබරන් Sunday, 07 December 2014 10:15 PM
මේ ක්‍රම මුලින්ම හොයාගත්තේ සර්බියන් ජාතික නිකොලායි ටෙස්ලා විසින්.එහෙත් මේ නිමවුම් එළිදක්වන්න අවුරුදු සියයක් පමණ ගතවුණේ ඇයිද යන්න ප්‍රහේළිකාවක්.... (නි)
සී.කේ.ලංකාපුත්‍ර Thursday, 04 December 2014 09:02 AM
අපේ විදුලිබල ඇමැතිනියට විරුද්ධ අධිරාජවාදී කුමන්ත්‍රනයක්. (නදී)
යසපාල Friday, 05 December 2014 08:44 PM
මේක නම් අපිටත් හොඳයි (නි)
ජයත් Monday, 08 December 2014 10:20 AM
අබරන් ගොයියෝ ටෙස්ලා විද්‍යුත් චුම්බක ආචරණය හොයා ගත්තට එ්කේ භාවිතයන් එලියට එන්නේ විද්‍යාවේ දියුණුවත් එක්ක. හොඳම උදාහරණය තමයි අදිවේගී දුම්රිය. මේවා දැකල ටෙස්ලා සතුටු වෙනවා ඇතී (නදී)
ජයත් Thursday, 04 December 2014 10:08 AM
වැඩේ නම් හොදයි. නමුත් මේකේ මිල තමයි දරා ගන්න අමාරු. (ර)
රජින්ද Thursday, 04 December 2014 02:16 PM
විද්‍යුත් චුමක ක්ෂේස්ත්‍රයක් ඇති නිසා ශරීර සෞඛ්‍යට අහිතකර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩි දරුවන්ට. මොකද නිතරම ඔය නත්තල් ගස් අසල දැවටෙන්නේ පොඩි දරුවොනේ. (හේ)
ජයත් Saturday, 06 December 2014 10:30 AM
හොඳ නම් තමයි යසපාල ළමයෝ නමුත් ඔයාට 2015 නත්තල වෙනකම් ඉන්න වෙනවා මොකද මේක වෙළඳ පොලට එන්නේ ඒ කාලේදී ! (නදී)
ජයලත් Friday, 05 December 2014 06:53 AM
රජින්ද ඔයිට වඩා හුඟක් විශාල චුම්භක ක්ෂේත්‍ර වලට අපි එදිනෙදා නිරාවරණය වෙනවා ඒවා එතරම් ලොකු ප්‍රශ්න නෙමේ (බ) .