IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නේටෝව ලිබියාවට පහරදෙද්දී මානව හිමිකම් උල්ලංඝනය වුණා

ලිබියා අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට යැයි කියමින් නේටෝ හමුදා ගුවන් ප‍්‍රහාර එල්ල කරද්දී මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවූ බවත්, සිවිල් වැසියන් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. නේටෝව සිදුකළ ගුවන් ප‍්‍රහාර ගැන සොයා බැලීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර ඇති අතර එහි නායකයා වන්නේ පිලිප් කි‍්‍රෂ්ච්ය. ඔහු පෙරේදා (10) ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙන්නේ නේටෝ ගුවන් හමුදාව එල්ල කළ ගුවන් ප‍්‍රහාර 20 කින් සිවිල් වැසියන් 60 දෙනකු මියගිය බවත්, 55 දෙනකු  තුවාල ලැබූ බවත්ය. -‘‘යුද්ධයකදී හමුදා ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මිය යනවා. ඒත් නේටෝව සිදුකළ එම ගුවන් ප‍්‍රහාර 20 ගැන අප සතුටු වන්නේ නැහැ. සිවිල් වැසියන්ට අනතුරක් සිදුවිය හැකි බව දැනගෙනයි ඔවුන් එම ප‍්‍රහාර එල්ල කර තිබෙන්නේ” යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙයි. ලිබියාවට එල්ල කළ නේටෝ ප‍්‍රහාර සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමටද එම අවස්ථාවේදී තීරණය කෙරුණි.



අදහස් (0)

නේටෝව ලිබියාවට පහරදෙද්දී මානව හිමිකම් උල්ලංඝනය වුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site