ඉන්දියාවේ දී සෑම විනාඩි 22ට වරක් ඉන්දියාවේ ස්ත්‍රී දූෂණයක් සිදුවන සමාජ විද්‍යාඥයෝ කියති. දූෂකයන්ගෙන් බේරී සිටීමට උපකාරීවන කලිසමක් නිපදවීමට ඉන්දියාවේ උතුරු වාරානාසි නගරයේ තරුණියන් දෙදෙනකු සමත්ව ඇත. විස් එක් හැවිරිදි දික්ෂා පතක් සහ විසි තුන් හැවිරිදි අන්ජලී ශ්‍රී වස්තවා කුඩා විද්‍යුත් මෙවලමක් යොදා ගනිමින් මේ කලිසම නිර්මාණය කැර තිබේ.
එම කලිසම ඇඳ සිටින විට බාහිරින් යම් තෙරපීමක් යෙදු සැනින් ළඟම ඇති පොලිස් ස්ථානයට ඇමතුමක් ලැබෙන පරිදි මෙම උපකරණය නිපදවා ඇත. එළඹෙන මාසයේ අත්හදා බැලීමට නියමිත මෙම නව නිපැයුම පිළිබඳ එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ 'කලිසම අතිශයින්ම සාර්ථක' වනු ඇති බවයි.
මෙය ක්‍රියාත්මක වූ සැනින් අවට ඇති පොලිස් ස්ථාන 200කට පමණ මෙහි සංඥා ලැබෙන බවත්, එම සංඥා මගින් කලිසම තිබෙන තැන පෙන්වන බවත් දික්ෂා පතක් පැවසුවා ය. මෙම කලිසම් යුගලයක් පවුම් 25ක් වැනි මුදලකට අලෙවි කිරීමට නියමිත ය. එක් වරක් බැටරි යෙදූ පසු මාස තුනක කාලයක් යනතුරු බැටරි යලි යෙදීමට අවශ්‍ය නොවේ.
එක්සත් ජාතීන්ගේ සංගමයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ උප සභාපති බෙන්යම් බෙස්මුර් පවසන්නේ මෙම කලිසම දූෂණ සිද්ධි අවම කර ගැනීමට බෙහෙවින් උපකාරී විය හැකි බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිමි ගොටු තියෙනකන් මට නං ඕව ඕනේ නෑ!!!(දී)
වින්දන., ඔබේ අදහස මට සිනාව ගෙන දුන්න ගොඩක් ස්තුතියි (දී)
යාන්තමට තෙරපුනාට ප්‍රශ්නයක් නැහැනේ නේද ? (දී)
උත්සාහයත් නිර්මාණයත් දෙකම අගය කරන්න ඕනා. වැඩි දියුණු කරලා ගත්තම ලංකාවටත් හොඳයි (නදී)
මේ අදහස් ටික බලලා මට නම් හොදටම හිනා (දී)
නිව්ස් එක කියවගෙන යද්දී මටත් සිතුනේ ලංකාට සිතිච්ච දේමයි ., ලංකාවේ බස් වල සෙනග පටවන්නේ හරියට ලොරියකට පොල් පටවනවා වගේනේ. ඉතින් පිටතින් තෙරපෙන එක කොහොම නතර කරන්නද ., මේ කලිසම් ලංකාවට ගෙනාවොත් පොලිසියට වෙන රාජකාරියක් කරන්න වෙලාවක් නැති වෙයි....!!!! (දී)
වැඩේනම් හොඳයි , හැබැයි දුෂකයා ඉස්සෙල්ලම ඔය කෑල්ල කැපුවොත් මොකද කරන්නේ ? (දී)
ලංකාවෙ සෑම විනාඩි 90ට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවෙනවා. ඒත් ඒවායින් 2%යි නීතිය ඉදිරියට යන්නේ. ලංකාවෙ ජනගහනය කෝටි 2යි , ඉන්දියාවේ ජනගහනය කෝටි 130. (දී)
ඕකටත් පිලියමක් හොයා ගනියි මම දන්නේ නැද්ද අපේ මිනිස්සු ගැන (දී)
අනේ මන්දා.මේක වැදිලා පොලිසියෙන් එනකොට කොච්චර වෙලා යයිද? ශාන්ත කියන වැඩේ කරන්න පුලුවන් නම් ඉතින් වැඩේ හරි (නි)
මේක සාර්ථක වෙන්න කියල මම භාරයක් වෙනවා (දී)
නියම වැඩක් ඉක්මනට අපේ රටටත් ගෙන්න (දී)(දී)
ඇත්තටම හොද නිර්මණයක්. ඒත් ලංකාවේ අය නම් දැම්ම ඒකට විසදුමකුත් හොයගෙන ඇති. ලංකාවේ බස් වල යනකොට නම් ඔය කලිසම අදින්න වෙන් නෑ නේද? (නදී)
මේකට අදහස් දාපු හැමෝම මෝඩ කතා කියල තියෙන්නේ දෙන්නෙක් තුන් දෙනෙක් ඇරෙන්න . මේ කලිසම ප්‍රයෝගික දෙයක් නෙමෙයි, විශේෂයෙන් ඉන්දියාවේ, බස් එකේ වාඩිවෙන්නේ කොහොමද? හිටගෙන යද්දී ඇගේ වැදුනොත් ? කොයි තරම් ටෙක්නිකල් උනත් මොකටද ප්‍රයෝගික නැතුව? (ස)
එතකොට හැමදාම එකම කලිසම ද අදින්න වෙන්නේ ?????(දී)
මමනම් කියන්නේ යකඩ පට්ටමකින් ලොක් එකකට ඉබ්බෙක් දාල යතුර විවාහයක් නම් ස්වාමියා ලඟත් අවිවාහක නම් අම්ම ලඟත් තියාගත්ත නම් සමහර අය පිට ගියත් ප්‍රශ්නයක් නෑ. (ස)
මේවා මොකටෙයි හොද යකඩ පොල්ලක් සහ ඔලු පලන්න ශිල්පය කියා දුන්නම අහවරයි නොවැ. (දී)
හොද වැඩක් (දී)
කාලෝචිත වස්ත්‍රයක් (දී)
අදහස නම් ප්‍රශංසනීයයි. නමුත් දුෂණයට ඉතාමත් කුඩා දරුවන් දුප්පතුන් වීදි දරුවන් කාන්තාවෝ ලක් වෙනවා. සැබෑ විසඳුම මේක නෙමේ. ගොඩක් අදහස් දැක්විම් වල ඉන්දියාවේ ඔහොම කියනවා. කොයි ලෝකේ ඉන්නවද මන්දා. ලංකාවේ ජනගහනය එක්ක ඉන්දියාවේ ජනගහනය අහසට පොලව වගේ. එහෙම බලනකොට අපේ රට හා ඉන්දියාව අතර වෙනස.(නදී)
මේක හැමදාම ඇඳගෙන යන්න ඔනිද?. (දී)
හෝදන්නේ කොහමද? (දී)
ලංකාවේ ඉන්න අයියලාට නම් ඔවා නෙවෙයි යකඩ කලිසම් ඇඳන් ගියත් ගැලව ගනියි (දී)
කාලින නිර්මාණයක් (දී)
කලිසම මස තුනම හෝදන්නේ නෙතුව අඳින්න ඕනද බැටරි තෙමෙන නිසා එහෙම උනොත් කොහොමත් දුෂණ වෙන්නේ නැහැ වාත දුශනේ හැරෙන්න (දී)
උත්සාහය අගයනවා, රෙද්දේ හැට්ටේ අඳින කට්ටියට ඔට්ටු නැද්ද (දී)
දැන් මේ කලිසම උදේ වැඩට යන්න කලබලේට මාරු වෙලා ගෙදර මහත්තයා ඇඳගෙන ගියොත් තමා වැඩේ. අපේ ගෙවල් වල උදේට වැඩට යන්න යුද්ධ පිටියක් වගේ. (දී)
අදහසනම් හොදයි,හැබැයි ඔය කියන වටිනා කමට [පවුම් 25 යි ,ආසන්න වශයෙන් ඉදියානු රුපියල් 2500 යි ලංකාවේ රුපියල් වලින් නම් රුපියල් 5000 ක් විතර] කවුද ගන්නේ කියන එකයි ප්‍රශ්නේ ? ඉන්දියාවේ වැඩි හරියක් ඉන්නේ දුප්පතුන්. වැඩිපුරම දුෂණයට ලක් වන්නේත් දුප්පතුන්.ඒ මිනිස්සු එදිනෙදා වේල හොයා ගන්නේ කොහොමද කියලා දස අතේ කල්පනා කර කර ඉන්නේ .කලිසමක් ගත්තොත්, මාසයක් කාලා ඉවරයි.නිකන් දුන්නොත් නම් ගනියි.ඕවා ප්‍රායෝගිකව සිදු වෙයි කියලා නම් හිතන්න අමාරුයි. (දී)
ඉන්දියාවේ මිනිස්සුන්ට මේ කලිසම ගන්න නොවෙයි එදාවේල කන්නෙත් අමාරුවෙන් (දී)
පිල්ලේ නෝනා හොයල බලන්න ඕන මෙන්න මේවා . කාන්තා දුෂණ වැඩියෙන්ම වෙන්නේ ඉන්දියාවේ . මේ නෝනට ලංකාවට බොරු ලෙඩ දාන එක නවත්තල නරකද ඉන්දියාවේ සිද්දවෙන කාන්තා හිංසනය වෙනුවෙන් යමක් කලොත් ????(දී)
මේක නම් මර ජෝක් කතාවක්. එන්න එන්න =ම මිනිස්සු පිරිහෙනේව. ඒකට පිටින් උපකරණ හයිකර ගෙන වැඩක් නෑ. හිතට හයි කරන මොකක් හරි උපකරණයක් හදන්න බැරිද දන්නේ නෑ . මොකද ගෙදර තාත්තවත් විශ්වාස කරන්ඩ බැරි රටක් වෙලානේ දැන් මේක. (දී)
මම හිතන්නේ තේරුමක් නැති වැඩක් (දී)
මනමාලි වෙන දවසටත් ඕක ඇන්දොත් ? (නදී)
අනේ ඔච්චර විදම් කරන්නේ මොකටද . නිකම් ආය කටුවක් සාක්කුවේ දාගෙන ගියානම් හොඳටම ඇතිනේ. අපේ නංගිලා සමහරෙක් ඒවා නියම විදිහට භාවිතා කරන හැටි හොඳට දන්නවා .පොඩි පුහුණුවක් දීලා ගත්තානම් හොඳටම ඇති. (දී)
මේ වැඩෙන් පොලිසියම අන්තිමේදී දුෂණ වැඩ වලට අහුවෙවී (නදී)
අපේ බස්වල මේ ඇඳුම ඇඳන් යන්නට බැහැ. කොන්දොස්තර හිටගෙන පේලි තුනක් දමා අතරින් හිරවෙවී යන්ට කැමතිනේ. පොලිසියට නලාව නිතරම වදී (නදී)
අපිට බැරිද ඔය වගේ බැටරි මාරු කරන ව්‍යාපාරයක් පටන් ගන්න (නදී)
නිර්මාණය අගය කරමි, සමහර අදහස් වලට හොදටම හිනා, ඔය උපකරණය එක වෙන තැනක සඟවා තැබීමට යෝජනා කරමි, එවිට කලිසමට යන වියදම ඉතිරි කරගත හැකිය,, අනවශ්‍ය ලෙස දුම්රියේදී සහ බසයේදී තෙරපි පොලිසියට කරදර වන්නේ නැත,දුසකයා උපකරණය ගැන දැනගන්නේද නැත, පොලිසියට පුහුල් හොරා හේනේදීම අල්ලා ගත හැකිය. (දී)
හොඳයි ලංකාවට ඕනවෙයි (අ)
මේ ඇඳුම ලංකාවට ගැලපෙන එකක් නැහැ. මොකද උදේට හවසට බස්වල දුම්රිය වල යන කාන්තාවන්ට නම් කොහොමත් හරියන්නේ නැහැ. මොකද අපේ බස් සහ දුම්රියවලදී තෙරපෙන හිරවෙන විධියට අතපය බේරාගෙන බහින්නේත් තුඹසකින් එලියට එනවා වගේ. ඔය කියන කලිසමේ සුවිච් එක බස් එකට හරි දුම්රියට හරි නගිනකොටම සුටුස් ගාල ඔන් වෙලා මල ජුලියයි වෙන්නේ. (නදී)
බස් අකේ යද්දී තදවුනොත් පොලිසියෙන් අල්ලයි ද (අ)
ඔච්චර ..වියදමකුත් නටන්න දෙයකුත් ..නැහැ .ග්‍රෑම් 100 මිරිස් කුඩු පැකට් එකක් ,දෙකක් හෑන්ඩ් බැග් එකේ දමා ගෙන ගියා නම් .. (දී)
"අතීසාරයට අමුඩ ගැසීම!" (දී)
කලිසම අදින්නේ නැති අයට මොකද වෙන්නේ (දී)
හොඳ නැද්ද ඉන්දියාවේ ඉන්න අයගේ මනස දියුණු කරන්න වැඩපිළිවෙළක් හැදීම ගැන සිතුවා නම්? (නි)
වැඩක් නැති වැඩක් (දී)
ඉන්දියාවේ ඉන්නේ පුදුම අසහන කාරයෝ එ්කට හේතුව තමා නුගත් කමත් වැඩිපුර චිත්‍රපට බැලීමත් (නදී)
ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල මෑත ඉතිහාසයේ පවා ගැහැනුන් වෙනත් පිරිමින් අතින් දුෂණය වීම වළක්වා ගැනීම සඳහා පතිවෘර්තා පටි (Chastity බෙල්ට්) පිරිමින් විසින්ම ගැහැනුන්ට පළඳවනු ලැබුවා. ඉතාමත් ප්‍රාථමික අන්දමින් රළු අන්දමට යකඩෙන් තැනු පටි වෙනුවට ගාන්චුවකින් ආරක්ෂා වුන ලෙහෙසියෙන් ඉරා නොදැමිය හැකි යට අඳනයක් සකස් කරගන්නේ නම් වැඩි මිලක් නොමැතිව හෝ මෙවැන්නක් පිළියෙළ කරගත හැකි වනු ඇත. සිහින් ඉඟක් හා පුළුල් වටොරක් තිබීම හේතු කොටගෙන ගැහැණු සිරුරකින් එය ඉවත් කිරීමත් එතරම් පහසු නොවනු ඇත.(නදී)
හේත්තු වෙන්න යන අයට හොඳ පාඩමක් කියල දෙන්ඩ පුළුවනි නංගිලට.
ඉන්දියාව කොචර පිරිහුණු රටක්ද මෙහෙම අවශ්‍යතා ඇති වෙන්න තරම් ? මේවා ලංකාවට විකුණයි අපේ අයත් ඔලුවඋඩ තියාගෙන ගනී . දැන් ඉන්දියාවේ නැති තරමට ඉන්දියන් ත්‍රීවීල් බයික් තියන්නේ ලංකාවේ (දී)
ඔච්චර උපකරණ ඕනෑ නැහැ. එහෙම කෙනෙක් ළඟට ආවොත් කට්ටක් අතට ගන්නකො (නි)
මේ ඇඳුම ලංකාවට ගෙනාවොත් මුළු ලංකාවේම පොලිසි වලට එක බස් එකක් පස්සේ පන්නන්න වෙයිද දන්නෙ නැහැ (නි)
බලන්න මේ වනකම් මේ ගනු ළමයි දෙන්නා බේරිලා ඉන්නවාද කියලා (දී)
වෙන හදිසියක් වෙලා තද උනොත් මාර වැඩේ නේද....(ස)
ප්‍රයෝගික නැති එක තමයි ප්‍රශ්නේ (දී)
බැටරිය බැහැපු වේලාවක මොනවා වෙයිද? (නි)
ඉඳිකටුවක් ප්‍රමාණවත් (දී)
මේ කලිසම ඇඳගෙන පොල් පටවල වගේ සෙනග ගෙනියන බස් එහෙකට නැග්ගනම් යස අගේට තියෙයි. (නදී)
බලමු මේක සාර්ථක වෙයිද කියලා (නි)
බොහොම හොඳ උත්සාහයක් (නි)
ජනගහණය අනුව බලනවිට ලංකාව දුෂණය අතින් ඉන්දියාවට වඩා ඉදිරියෙන්. අනික මෙවැනි නිර්මාණයක් ඉදිරිපත් කිරීමේදී මෙහි දක්වා ඇති අඩුපාඩු නොසළකා හැරියා කියලා හිතන්න නොහැකියි. (නි)
බොහොම හොඳයි (නි)
ප්‍රයොගිකද වැඩේ (දී)
අපේ අප්පුහාමි මාම නම් නංගිලාගෙන් හොදට පරිප්පු කාල වගෙයි පේන්නේ.....? (දී)
ඔන්න ඉන්දියාවේ තත්වේ .(දී)
මොනවා වුණත් හොඳ උත්සාහයක් (නි)
අපේ අයට මේවා ඇන්දුවොත් අපේ පොලිසි වල කී පාරක් නලාව වදීද? (නි)
කාට කාටත් ජයෙන් ජයම වේවා! (නි)
පෙර ඉන්දියාවේ රජකෙනෙක් යුද්දෙට යනකොට පුරෝහිතයාගෙන් බිසව බේරා ගන්න සාර්ථක උපකරණයක් නිර්මාණය කළා කියලා මා අසා තිබෙනවා.එහෙව් රට! (දී)
සෙනග ඉන්න බස්වල යන්න බෑනෙ ඕක ඇදන් තද උන ගමන් ඉවරයි. (දී)
මේකේ ආයුකාලය කොහොමද දන්නෙ නැහැ (නි)
ඔය බොත්තම තමන්ටම තද කරගන්න තිබුනා නම් හරි. නැත්නම් ඉන්දියාවේ බස් වල සහ කෝච්චි වල මිනිස්සු යන විදියට ඕක හැම තිස්සෙම වැදිලා තියේවි. (නදී)
ලංකාවට අනාගතේදී අවශ්‍ය වෙයි (දී)
මාගේ අදහස නම් මෙවෙනි උපකරණයක් සේදිය යුතු වන්නේ' . ස්ත්‍රී දුෂකයෙක් අතතියන විට අධි බලති විද්යුත් දරාවක් ඔහුට වැදී තාවකාලික අඩපන වීමකට . මොකද ඉන්දියාව වාගේ රටක ඔය තියෙන උපකරණයෙන් පොලිසියට ඇමතුමක් ලේබුනත් . ඉන්දියන් පොලිසිය ගෙන කාටවත් විස්වාසයක් නැහැ . ක්ෂණිකව ක්‍රියා කරාවි කියා . (දී)
දුෂණයට ලක් වෙන්නේ,අහිංසක දුප්පත් මිනිසුනේ (දී)
හොඳ නිර්මාණාත්මක අදහස් තියෙන උදවිය ලංකාවේ ඉන්න බව පේනවා. බොහොම සන්තෝසයි. මේ නිර්මාණය ගැන කියනවා නම් පුංචි පුංචි ගැටලුත් තියනවා. නමුත් අසහනකාරි මානසික රෝගීන් බහුලව සිටින ඉන්දියාවේ තියන මේ ගැටලුවට පිලිතුරක් වශයෙන් මෙය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නදී)
අදින්නේ කලිසමමද? එතකොට ෂල්වාර්, සාරි ......? මොලේ කොලොප්පන්ද මේ දෙන්නගේ? (දී)
කොහොම නමුත් නිර්මාණය අගය කරනවා (දී)
දන්නෙ නැතිව විවේචනය කරන්න එපා. මොකක්හරි තාක්ෂණික පසුබිමක් මතනෙ මේක හදල ඇත්තෙ. ඉදගත්තම එලාම් වදින්න තරම් මෝඩ විදියට නෙවෙයි. මේ වගේ මිනිස්සු තමයි ඉස්සර ලෝකෙ රවුම් කියපු මිනිස්සුන්වත් පිස්සො විදියට සැලකුවෙ. (දී)
ඕක නවත්තන්න එක වැඩක් තියෙනවා..ඔය කලිසන් හරියන්නේ නෑ...යකඩෙන් යට ඇදුම් හදල දුන්න නම් හරි...ලංකාවට ඒ හරියන්නෙත් නෑ...අපේ අයියල ගැන කියන්න ඕනේ නෑනේ. (ස)