IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක්

වසර 33 ක තම පාලනය අවසන් කරමින් දින 30 ඇතුළතදී ධුරයෙන් ඉල්ලා අස්වන බව යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ පවසයි. ජනාධිපති සාලේ එම තීරණයට එළැඹුණේ පෙරේදා (23)  ගල්ෆ් රටවල නායකයන්ගෙන් සමන්විත ‘ගල්ෆ් සහයෝගීතා මණ්ඩලය’ සමඟ සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමෙන් අනතුරුවය. එම සාකච්ඡා පැවැත්වූයේ සෞදි අරාබියේ රියාද් නුවර සෞදි රජ මාලිගාවේදීය. ඒ, සෞදි රජු අබ්දුල්ලාගේ අනුග‍්‍රහයෙනි. ජනාධිපති සාලේ ඔහුගේ දෙවැනියා වන අබ්ද් රාබූ මන්සූර් හාඞී ට බලය පවරා දී ඉවත් වීමට එහිදී එකඟ වූයේය. කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවටත් නව ජනපතිවරයකු පත් කර ගන්නා තෙක් බලතල කිසිවක් පාවිච්චි නොකොට ධුරයේ රැඳී සිටීමටත් ජනාධිපති සාලේ එකඟ වූයේය. යේමනයට නව සන්ධාන රජයක් පිහිටුවීමට තමාගේ පූර්ණ සහාය ලබා දෙන බව ද සාලේ වැඩි දුරටත් පවසා ඇත. එල්ල වී ඇති සියලූ වැරදිවලින් සාලෙ නිදොස් කිරීමටත් ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු නොකිරීමටත් නව පාලන තත්ත‍්‍රය ඒකඟවී ඇත. යේමනයේ විරෝධතා හට ගත්තේ ද ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ විරෝධතා රැල්ල ආරම්භ වූ අවස්ථාවේදීය. මාස 10 ක් තිස්සේ යේමන විපක්ෂ කණ්ඩායම් සහ ගෝති‍්‍රක කණ්ඩායම් එක්වී රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වූ අතර ජනාධිපති සාලේ එම විරෝධතා මර්දනය කළේ පොලිස් සහ හමුදා බලය යොදවමින්ය. එහිදී විරෝධතාකරුවෝ යේමනයේ ආයුධ සන්නද්ධ ගෝති‍්‍රක සටන්කාමීන්ගේ සහය ලබා ගත්හ. දෙපිරිස අතර අවස්ථා ගණනාවකදී දරුණු ගැටුම් හටගත් අතර දේශපාලන විචාරකයන් පැවැසුවේ යේමනයේ සිවිල් යුද්ධයක් හටගෙන ඇති බවය. එක් අවස්ථාවකදී ගෝති‍්‍රක සටන්කාමීන් එල්ල කළ රොකට් ප‍්‍රහාරයකින් ජනාධිපති සාලේ තුවාල ලැබුවේය. යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් මර්දනය කිරීමට ඇමෙරිකාවට ජනාධිපති සාලේ ප‍්‍රමුඛ යේමන රජයේ සහාය නොඅඩුව ලැබුණි. යේමන අල් කයිඩාවේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇමෙරිකා හමුදා අතින් ඝාතනය වීමත් සමඟ යේමන අල් කයිඩා සංවිධානය දුර්වල විය. එම අවස්ථාවේ ඇමෙරිකා රජය ජනාධිපති සාලේ ට කියා සිටියේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීමට ඉඩ දී ධුරයෙන් වහා ඉවත් ව යන ලෙසය. ලිබියාව හෝ සිරියාව හෝ මෙන් නොව යේමනය ඇමෙරිකා හිතවාදියකු වීම නිසා ජනාධිපති සාලේට ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට අත්වූ ඉරණමට මුහුණ දීමට සිදු නොවූ බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ජනපති සාලෙ (දකුණේ) සෞදි රජු හමු වෙමින්...  



අදහස් (0)

දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඉන්දීය ගුවන් කලාපය වසා දැමේ
2025 මැයි මස 01 1060 0

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස


ඉන්දියාවේ හෝටලයක ගින්නක්
2025 අප්‍රේල් මස 30 91 0

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හෝටලයක හටගත් ගින්නකින් 14 ක් ජීවිතක්ෂයට පත්වූහ. සිවු දෙනෙක් බරතළ ලෙස තුවාල ලැබූහ.


චීනයේ අවන්හලක ගින්නකින් 22 ක් මරුට
2025 අප්‍රේල් මස 30 89 0

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.


න්‍යෂ්ටික ප්‍රහාරයකට පසුබට නැහැ
2025 අප්‍රේල් මස 30 264 0

ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට


තායි රජු - බිසව ගුවන් යානාය පියාසර කරමින් ඇවිල්ලා
2025 අප්‍රේල් මස 30 225 0

තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.


කැනඩාවේ සුළුතර රජයක්
2025 අප්‍රේල් මස 30 77 0

කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 371 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 97 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site