
බංග්ලාදේශ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එරට ජාතික පක්ෂයේ සභාපති තාරික් රහ්මාන්, අද (17) බංග්ලාදේශ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.
දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද ඇරැයුම් ලැබී ඇති නමුත්, මෝදි බංග්ලාදේශය බලා නොයන බව පැවැසෙයි.
ඊට හේතුව මේ වනවිට නවදිල්ලි අගනුවර පැවැත්වෙන ජාත්‍යන්තර ඒ.අයි. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සමුළුව මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බැවින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙන් මැක්රොන් ඉන්දියාවේ නිල සංචාරයක නියැලෙන බැවිනි. මැක්රොන් සහ බිරිඳ ඉන්දියාවට පැමිණියේ ඊයේ (16) රාත්‍රියේය.
අග්‍රාමාත්‍ය මෝදිට පැමිණිය නොහැකි බැවින්, ඉන්දීය පාර්ලිමේන්තු කථානායක ඕම් බිර්ලා බංග්ලාදේශයේ ඩකා අගනුවර බලා යනු ඇතැයි පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd