
දෙවැනි වටයේ සාම සාකච්ඡා සඳහා ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන් සූදානම් බව පාකිස්තානය පැවැසීය.
ඇමෙරිකා ඉරාන යුද්ධය නැවැත්වීමට මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි. මේ වනවිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම කාලය තුළ සාම ගිවිසුමකට යෑමට ඇමෙරිකාව සහ ඉරානය කැමැති කර ගැනීම පාකිස්තානයේ අරමුණවී ඇත.
පසුගිය සති අන්තයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැති සාකච්ඡා ආර්ථක විය. එම සාකච්ඡා සඳහා ට්‍රම්ප්ගේ නියෝජිතයන් ලෙස සහභාගී වූයේ ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස්, ජැරඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ්ය. ඉරානය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගාර් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එම සාකච්ඡා සඳහා සහභාගී වූහ.
සාකච්ඡා අසාර්ථක වූයේ ඇමෙරිකාව ඉරානයටත්, ඉරානය ඇමෙරිකාවටත් දැමූ කොන්දේසි හේතුවෙනි. ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වන්නැයි ඉරානය ඉල්ලා ඇත. ඊශ්‍රායලය ලෙබනනයට පහර දෙන්නේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. හිස්බුල්ලා යනු ඉරාන හිතවාදීන්ය.
හිස්බුල්ලා සටන්කාමීන් සම්බන්ධයෙන්, ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සාකච්ඡා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පැවැත්විණි. ලෙබනනය සහ ඊශ්‍රායලය සටන් විරාමයක් ඇති කර ගැනීමේ අරමුණින් සහ සාම වැඩපිළිවෙළක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡා ද සාර්ථකත්වයකින් තොරව අවසන් විය.
මේ අතරේ, ඇමෙරිකාව සහ ගාසා තීරයේ හමාස් සටන්කාමී සංවිධානය අතරේ ද වෙනම සාකච්ඡා පැවැත්වෙයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී ගාසා තීරයට සටන් විරාමයක් හඳුන්වා දීමෙන් පසු ඇමෙරිකාව සහ හමාස් සටන්කාමීන් අතරේ සාකච්ඡා පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. හමාස් සටන්කාමීන්ට අනුග්‍රහය දක්වන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ය. ඇමෙරිකන් මාධ වාර්තා කළේ ඇමෙරිකන් උපදේශක ආර්යේ ලයිට්ස්ටෝන් ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී හමාස් නියෝජිතයන් හමුවුණු බවය.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලඇණිය දිගින් දිගටම හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගැනීමත් සමග ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකන් නාවික හමුදාව යොදවා හෝමූස් සමුද්‍ර සන්ධියේ පිවිසුම අවහිර කර ඇත. ඒ, ඉරාන නෞකාවලට ඉරාන නැව්තොටුපොළවලට යෑමට නොහැකි ආකාරයටය. ඒ අනුව, ඇමෙරිකන් නාවික හමුදාව, ඉරාන නෞකා ආපසු හරවා යවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙවැනි වටයේ සාකච්ඡා සඳහා පෙරමග සකස් කිරීමක් ලෙස පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, සෞදියේත්, කටාර් රාජ්‍යයේත්, තුර්කියේත් සංචාරයක නියැලෙමින් සිටී. පාකිස්තාන හමුදාපති අසීෆ් මුනිර් ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණියේය.
ඉරානයට ලබා දුන් සති දෙකක සටන් විරාමය තවත් දීර්ඝ නොකරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පැවැසුවත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ සටන් විරාමය තවත් සති දෙකකින් දීර්ඝ කිරීම කෙරෙහි ඇමෙරිකාවේත් ඉරානයේත් අවධානය යොමු වී ඇති බවය. මේ අතර, ඉරානයට එරෙහිව තමන් ආරම්භ කළ යුද්ධය කඩිනමින් අවසන් වේවි යැයි තමක්ට විශ්වාස බව ට්‍රම්ප් ඇමෙරිකන් මාධ්‍ය හමුවේ පවසා ඇත. ඉදිරි දින කීපය ඇතුළත ‘අපූරු දේ දකින්න ලැබෙනු ඇතැයි ද ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd