වසර ගණනාවක් සිදුකළ පර්යේෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රථම වතාවට පෘථිවිය හා ප‍්‍රමාණයෙන් සමාන වන හා ජීවය පැවතිය හැකි බව ‘‘දෙවැනි පෘථිවියක්‘‘ සොයාගැනීමට ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයේ තාරකා ශාස්ත‍්‍රඥයෝ සමත්ව ඇත්තාහ.
අප සෞරග‍්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 490 ක දුරින් පිහිටන වෙනත් ග‍්‍රහ මණ්ඩලයකට අයත් මෙම ග‍්‍රහයා හදුන්වාදී තිබෙන්නේ කෙප්ලර් 186එෆ් ලෙසය.පෘථිවිය මෙන් 1.1 ගුණයක් විශාල වන කෙප්ලර් 186එෆ් මතුපිට ජීවය පැවතීමටත් ඉහළ සම්භාවිතාවක් තිබෙන්නේයැයි ඔවුහු මත පළ කරති.
එහි මව් තාරකාව වන කෙප්ලර් 186 ලෙස නම් කර ඇති තාරකාව වටා භ‍්‍රමණය වෙමින් පවතින මේ ග‍්‍රහයා පෘථිවිය සේම මව් ග‍්‍රහයාට වැඩි දුරකින් හෝ වැඩි ළගකින් නොව අතරමැදි දුරකින් පිහිටන්නේයැයිද මේ කරුණ ග‍්‍රහයෙකු මත ජීවය පැවතීමට විශේෂයෙන් බලපාන්නේයැයිද ඔවුහු පෙන්වාදෙති.
මෙය සරලවම පැහැදිලි කරතොත් කිසියම් ග‍්‍රහයෙක් මව් තාරකාවට ඉතා ළගින් පිහිටන්නේ නම් තාරකාවෙන් නිකුත් වන අධික උණුසුම නිසා එය මත ජීවය පැවතීමට ඉඩක් නැත.අනෙක් අතට මව් තාරකාවට ඉතා ඈතින් පිහිටන ග‍්‍රහයෙකු මතද ජීවය පැවතීමටත් ඉඩක් නැති අතර එයට හේතු වන්නේ එවැනි ග‍්‍රහයෙකු මත උෂ්ණත්වය ඉතා අවම වීමයි.
පෘථිවිය සූර්යයාගේ සිට අතරමැදි දුරකින් පිහිටන හෙයින් අතරමැදි උෂ්ණත්වයක් ලබන අතර මෙය පෘථිවිය මත ජීවය ඇතිවීමට ප‍්‍රබල සාධකයක් ලෙස විද්‍යාඥයින් හදුනාගෙන තිබේ.
මේ හා සමානවම කෙප්ලර්186එෆ් ද පිහිටන්නේ එහි මව් තාරකාවේ සිට අතරමැදි දුරකිනි.
ඒ කෙසේ වුවත් ජීවය ඇතිවීමට අවශ්‍ය වන ප‍්‍රබලතම සාධකය වන ජලය කෙප්ලර් 186එෆ් මත පවතින්නේදැයි තවමත් අනාවරණය කරගෙන නොමැත.
මෙය ඉතා වැදගත් සොයාගැනීමක් ලෙස විද්‍යාඥයින් සළකනු ලබන්නේ කෙප්ලර් 186එෆ් මේ දක්වා සොයාගැනීමට හැකිව ඇති ජීවය පැවතීමට ඉහළ සම්භාවිතාවක් තිබෙන පෘථීවිය හා ප‍්‍රමාණයෙන්ද සමාන වන ප‍්‍රථම ග‍්‍රහයා නිසාය.
2018 දී නාසා ආයතනය අභ්‍යාවකාශයට යැවීමට බලාපොරොත්තුවෙන් සිටින ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරදක්නයෙන් ග‍්‍රහයා සම්බන්ධ වැඩිදුර තොරතුරු සොයාගැනීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ කියති.
තාක්ෂණයේ දියුණුවත් සමග තවත් වසර 20 ක් පමණ ගතවූ තැන ජීවය පවතින්නේයැයි ස්ථීර කොටම කිව හැකි ග‍්‍රහලෝකයක් නිසැකවම සොයාගැනීමට හැකිවේයැයි ඔවුහු මත පළ කරති.
]
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමිල, ඒකනේ බුදු පියාණන් කිව්වේ ලෝකය ගැන නොසොයා තමන්ගේ ශරීර කුඩුව ගැන සොයන්න කියල නේද... එම් එච් 370 කියන්නේ ලෝකෙට රහසක් වුණාට දන්නෝ දන්නවා ඇති කියල මට හිතෙනවා. (ස)
මේ විශ්වයේ කෝටි ලක්ෂයක් පෘථිවි තියෙන බව බුදු පියාණන් වදාලා. මේ ඉන් එකක් වෙන්න ඇති. (ස)
මේ අපේ ලෝකයේ අතුරුදහන් වුණ ගුවන් යානය හොයාගන්න බැරුව ඉන්න වෙලේ, මේ ආලෝක වර්ෂ 490 ට එහා තිබෙන එකක් හොයාගෙන? අනේ මන්දා මොනවා කියන්නද කියලා. (නි)
තාම එම්.එච් 370 හොයා ගත්තේ නැහැ නේද? (නදී)
එක නම් හරි චමිල. ඕවද හොයන්න ඕනි අර නැති වෙච්ච ගුවන්යානය නේද ? (නදී)
බුදු පියාණන් දෙසු ධර්මය නවීන විද්‍යාවෙන් 100% ක් තහවුරු වී ඉවරයි. (ස)
අයියෝ චමිල, මම නම් ඉඩම් අක්කර 50 ක් ගත්තා. අක්කර 50 ට වැඩියෙන් දෙන්නේ නැහැ. අක්කරයක් බොහොම සුළු ගානක් වෙන්නේ. මිට අවුරුදු 100කට පමණ තිබුණ ලංකාවේ මිල හා සමානයි. පහු වෙනකොට ගන්න හම්බවෙන්නේ නැහැ. දැන්ම ඉඩම් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙන්න. එයාල අපේ ඉල්ලුම් පත්‍රය නාසා ආයතනයට යවනවා. කරන දෙයක් දැන්ම කරගත්තොත් විතරයි. (ස)
50 වැඩ ගන්න බැරී එහෙ අගමැතිනිය වෙලාද කොහෙද (අ)
මේ විද්‍යාඥයන් හැම තිස්සෙම වෙනත් ග්‍රහලෝක වල ජීවය හොයන්නේ පෘතුවියේ තියෙන ජලය, ඔක්සිජන් වැනි පාරසරික තත්වයන්ට සාපේක්ෂකව. කවුද දන්නේ ඒවායේ ජීවීන් හයිඩ්‍රජන් ( H2 ), හීලියම් (He ) වගේ වායු වලින් ජීවත් වෙනවද කියල. අපි ඒ වගේ වායුවලට නිෂ්ක්‍රීය වායු වර්ග කියල කිව්වත් සූර්යා ශක්තිය පිට කරන්නේ ඔය වායු වර්ග වලින් කියලනේ කියන්නේ. ඉතින් කොහොමද ඒවා නිෂ්ක්‍රීය වෙන්නේ. මම වාණිජ කරපු කෙනෙක්. දන්නේ නැති නිසා අහන්නේ. (ස)
තුන්ලෝකයාට අග්‍රවු තතාගත බුදුපියානන් මෙම සියල්ල මනසින් දුටුසේක (දී)
මගරි , ඔයා හරි. අනිත් එක උෂ්ණත්වේ වැඩි තැන් වලත් ඒකට අනුවර්තනය වෙච්ච ජීවීන් ඉන්නේ. මේ ගොල්ලෝ කරන්නේ ලොකු බොරුවක්. තාම අර මැලේසියන් ප්ලේන් එක හොයා ගන්න බැහැ. ආලෝක වර්ෂ 490 ඈත තියෙන ඒවා ගැන කියනවා.(නදී)