ඉන්දියාවේ නවදිල්ලි නුවර අද (16) පැවැත්වීමට නියමිත සම්මන්ත‍්‍රණයට සල්මාන් රූෂ්ඩි පැමිණෙන්නේ නම් තමා ඊට සහභාගී නොවන බව පාකිස්තානයේ හිටපු කි‍්‍රකට් විරුවකු මෙන්ම වර්තමානයේ ප‍්‍රබල දේශපාලන චරිතයක් ද වන ඉම්රාන් ඛාන් පවසයි. අද පැවැත්වීමට නියමිත එම සම්මන්ත‍්‍රණයට ඉම්රාන් ඛාන්ට ද ඇරැයුම් කර තිබේ. සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන කථිකයා වන්නේ ද ඔහුය. ලෝ පුරා මුස්ලිම්වරුන්ට අවමන් කළ රුෂ්ඩි සම්බන්ධ වන කිසිම වැඩසටහනකට සහභාගි වීමේ අදහසක් තමන්ට නැතැයි ඉම්රාන් ඛාන් පවසා තිබේ. පසුගිය මාස කිහිපයේදී ඉම්රාන් ඛාන් පාකිස්තාන දේශපාලනයේ ප‍්‍රබල පෙරැළියක් සිදු කළ අතර, පාකිස්තාන ජනතාවගේ අනාගත බලාපොරොත්තුව ඔහු යැයි බොහෝ දෙනාගේ මතය වී ඇත. ඉන්දියාවේ මුම්බායි නුවර උපන් රුෂ්ඩි (64) මේ වනවිට ඉන්දියාවෙන් පිටවී බි‍්‍රතාන්‍යයේ ජීවත් වෙයි. 1988 වසරේදී ‘සාතන්ගේ කවි’ නමැති ග‍්‍රන්ථය පළ කිරීමත් සමඟ ඉස්ලාම් දහමට නිගරු කළේ යැයි රුෂ්ඩිට චෝදනා එල්ල විය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
දිල්ලි සම්මන්ත‍්‍රණයට රුෂ්ඩි එනවා නම් මා එන්නේ නෑ