ඉන්දියාවේ නවදිල්ලි නුවර අද (16) පැවැත්වීමට නියමිත සම්මන්ත‍්‍රණයට සල්මාන් රූෂ්ඩි පැමිණෙන්නේ නම් තමා ඊට සහභාගී නොවන බව පාකිස්තානයේ හිටපු කි‍්‍රකට් විරුවකු මෙන්ම වර්තමානයේ ප‍්‍රබල දේශපාලන චරිතයක් ද වන ඉම්රාන් ඛාන් පවසයි. අද පැවැත්වීමට නියමිත එම සම්මන්ත‍්‍රණයට ඉම්රාන් ඛාන්ට ද ඇරැයුම් කර තිබේ. සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන කථිකයා වන්නේ ද ඔහුය. ලෝ පුරා මුස්ලිම්වරුන්ට අවමන් කළ රුෂ්ඩි සම්බන්ධ වන කිසිම වැඩසටහනකට සහභාගි වීමේ අදහසක් තමන්ට නැතැයි ඉම්රාන් ඛාන් පවසා තිබේ. පසුගිය මාස කිහිපයේදී ඉම්රාන් ඛාන් පාකිස්තාන දේශපාලනයේ ප‍්‍රබල පෙරැළියක් සිදු කළ අතර, පාකිස්තාන ජනතාවගේ අනාගත බලාපොරොත්තුව ඔහු යැයි බොහෝ දෙනාගේ මතය වී ඇත. ඉන්දියාවේ මුම්බායි නුවර උපන් රුෂ්ඩි (64) මේ වනවිට ඉන්දියාවෙන් පිටවී බි‍්‍රතාන්‍යයේ ජීවත් වෙයි. 1988 වසරේදී ‘සාතන්ගේ කවි’ නමැති ග‍්‍රන්ථය පළ කිරීමත් සමඟ ඉස්ලාම් දහමට නිගරු කළේ යැයි රුෂ්ඩිට චෝදනා එල්ල විය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd