
දිල්ලි මහ ඇමැතිවරයා මෙන්ම, දූෂණ විරෝධී ‘ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ, දූෂණ චෝදනා සම්බන්ධයෙනි.
ඉන්දියාවේ දූෂණ විරෝධී හඬ ලෙස සැලකෙන්නේ ද ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ දේශපාලන පක්ෂයයි. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනාවක් ද දිල්ලි මහ ඇමැතිවරයාට එල්ල වී තිබේ.
‘ආම් ආද්මී’ පක්ෂය දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ 2015 වසරේ සිටය. දිල්ලියේ මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් දිල්ලි ප්‍රාන්ත සභාව ක්‍රියාත්මක කළ නීතිවලට පටහැනි අයුරින් මහ ඇමැති කෙජ්රිවාල් කටයුතු කර ඇති බවටත්, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ඒකාධිකාරයක් පවත්වාගෙන ගිය බවටත්, පෞද්ගලික අංශයේ හිතවතුන්ට විශේෂයක් කල බවටත් චෝදනා එල්ල වී ඇත.
ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා අදියර කිහිපයක් යටතේ ආරම්භ වෙයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දුජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ විශිෂ්ට ජයක් අපේක්ෂා කරයි.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම, ඉන්දියාවේ සියලු විපක්ෂ දේශපාලන පක්ෂ 27 ක් හවුල් කර ගනිමින්, ‘ඉන්දියා’ යන නමින් විපක්ෂ සන්ධානයක් පිහිටුවා ගෙන ඇත්තේ ‘භාරතීය ජනතා පක්ෂයට’ අභියෝගයක් කිරීමටය. ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානයට අයත් එක් පක්ෂයක් වන්නේ ද ‘ආම් ආද්මී’ පක්ෂයයි.
දිල්ලි මහ ඇමැති මෙන්ම ආම් ආද්මී නායක කෙජ්රිවාල් සහ සෙසු පක්ෂ නායකයන්ට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සිය කනස්සල්ල පළ කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිල්ලි මහ ඇමැති අත්අඩංගුවට