කාලය අවියක් ලෙස යොදාගෙන දරුණු ගණයේ අපරාධකරුවන්ට දඩුවම් දීමේ ක‍්‍රමවේදයක් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් පර්යේෂණ පවත්වමින් සිටිති.
මිනී මැරම්,ළමා දුෂණ ආදීයට වැරදි කරුවන් වන අපරාධකරුවන්ට බොහෝ අවස්ථාවන්හිදී නියම වන්නේ වසර 30 ක,හෝ බරපතලම අවස්ථාවකදී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් බව කියන පර්යේෂකයෝ ඔවුන් කර ඇති අපරාධ දෙස බැලීමේදී ඒවා කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව පවසති.
සිර දඩුවම් ලැබූවන්ට ආහාර,ව්‍යායාම,විනෝදාස්වාදය නොමිලයේම සැපයෙන බවත් ඔවුන් අතින් විනාශයට ලක්වූ පුද්ගලයින් මියගොස් හෝ ජීවිතයේ ගැටුම් වලට හසුවෙමින් ජීවත් වෙමින් සිටියදී ඔවුන් මෙසේ ‘‘නිවාඩුවක්‘‘ ගත කරමින් සිටීම අසාධාරණ යැයි පර්යේෂක පිරිසේ අදහසයි.
මෙනිසා වසර ගණනකට හෝ විශේෂයෙන් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූවන්ට කාලය සෙමෙන් ගතවන්නේයැයි දැනවීමට ඔවුහු තම පර්යේෂණයන් මගින් උත්සාහ කරමින් සිටී.මෙය සරලව කියතොත් ඔවුන් සැරසෙන්නේ එවන් සිරකරුවන්ගේ වයසට යෑමේ වේගය අඩු කිරීමටයි.
මෙවිට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූවෙකුට සිර දඩුවම් විදිමින් වසර 1000 ක් පමණ සිරගතවී සිටීමට සිදුවනු ඇතැයි ඔවුහු කියති.
කාලය ගෙවීම සම්බන්ධයෙන් මිනිස් මනස ව්‍යාකූල කරවීමේ සමත් ක‍්‍රම හා විවිධ ඖෂධ අපරාධ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ දැනටමත් භාවිතා වෙමින් පවතී.මෙම පර්යේෂකයින්ගේ අරමුණ ඒවා තවත් වැඩිදියුණු කිරීමයි.
මිනිස් ආයුකාලය දික් කිරීමට නිපදවෙන ඖෂධ මිනිසාට දඩුවම් දීමටද යොදාගත හැකි බව ඔවුහු පෙන්වා දෙති.
මානුෂීය සම්පන්න නොවන බව කියමින් පර්යේෂකයින්ව විවේචනය කිරීමට බොහෝ දෙනා කටයුතු කර තිබෙන අතර ඇතැමුන් මෙම පර්යේෂණ සම්බන්ධයෙන් යහපත් ආකල්පයක් දක්වා තිබෙන්නේ අපරාධකරුවන් මාර්ගයෙන් හෝ ජීවිතයට දිගුවක් ලබා ගත හැකි ක‍්‍රමවේදයක් සොයාගැනීමට හැකි වනු ඇතැයි පවසමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දරුනු අපරාදකාරයෙක්වම විදුලි පුටුවට යැව්වා නම් හි නේද? (නදී)
හොඳ ආරංචියක්. ලංකාවටත් හොඳට ගැලපෙනවා. නමුත් ඔය අලුත් සොයාගන්න දේවල් සමග නීතියත්, දඬුවමත් සාදාරන ලෙස වෙනස් විය යුතුයි. නවීන ලෙස සිදුවන අපරාද වලට ගැලපෙන ලෙස නවීන හෝ මිට වඩා දැඩි දඩුවම් ක්‍රමයක් ඇතිවිය යුතුයි. දඩුවම් වල ඇති ලිහිල් කම නිසා අපරාද කරුවන් නැවත නැවතත් අපරාද කරන්නට පසුබට වෙන්නේ නැහැ. ඔවුන් දන්නවා ලැබෙන දඬුවම දරාගත හැකිබව. මෙහෙ කියාගෙන යන්නේ. හිරකරුවොත් මනුස්සයෝ කියලයි. මේ අපරාදකරයෝ මනුස්සයන්ගේ ජිවිත විනාස කරලා මෙයාලව මනුස්සයෝ කරන්න හදනවා. ඒ දෙයත් දේසපාලනයට සාපේක්ෂව හුරු කරපු වාක්කිය කණ්ඩයක්. දෙසපාලකයන්ගේ කොන්ත්‍රාත් කරලා කොටු වුනාට පසු ඔවුන්ට ලිහිල් බව ලබාදෙන්න ගොතපු වාක්කිය මාලාවක්. අමුනුස්ස වැඩ කරපු අයව මේ වැකියෙන් මනුස්සයෝ කරන්ඩ හදනවා. එය සිදුවිය යුත්තේ වැකියකින් නොව යම් ක්‍රියාන්විත ක්‍රමයකින්. ඒ ක්‍රමයට අසුවන කෙනා නැවත, දඬුවම් ලබපු එම ස්ථානය දකින්නවත්, ඒ ස්ථානය ගැන අසන්නවත් අකමැති වෙන තරමට අපරාද කරුවාගේ මනස බිය විය යුතුයි. මෙය සිදු නොවන තුරු ඉදිරියටත් දරුණු ගනයේ අපරාද අපට දකින්න, අසන්න ලැබෙයි. එය සමාජයේ යහ පැවැත්මට ශාපයක් වී තියේවි.(නදී)
ඒ ගත කරන කාලය 4 X 4 කරුවල කාමරයක ගතකරන්න සැලස්සුවා නම් තමා හොද.(නදී)
ගුණේ,ඔබගේ අදහස් පිලිගනිමි. ලංකාවේ නීතිය තාමත් යල් පැනගිය තත්වයේ ඒවා වීම වැරදි කරුවන්ට මහත් රුකුලක් වී තිබේ. තිබෙන නීති උල්ලංඝනය වී මුදලට බලයට කොතරම් පහත් වැඩ කරනවද? අපරාද කරුවන් අමු අමුවේ නිදහස් වී නැවත ඒ හා සමාන හෝ ඊට වැඩිය දැවැන්ත වැරදි කිරීමට පෙළඹෙන්නේ නීතිය තිබියදීත් හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසා නේද? සුළු වැරදි වලට පොලිසිවල මහත්වරු කුඩු පැකට් පරණ ආවුද දමා අහිංසකයන් කී දෙනෙක්ගේ ජීවිත මුදලට විනාශ කර තිබෙනවද ? මොන නීතියක් හැදුවත් ලංකාවේ නම් ක්‍රියාත්මක කිරීම බොරු බව දිනෙන් දින ඔප්පුවී ගෙන තිබෙනවා.(නදී)
ඔබගේ සොයුරිය හෝ නැගණිය දුෂනය කළ හෝ මැරුව අපරාද කරු මනුස්සයකු වන්නේ කෙසේද? ඔබගේ හදවතෙන්ම අසන්න මෙය බුද්ධිමතුන් යැයි කියාගන්න පට්ට මෝඩයන්ගේ සංකල්පයකි. අපරාද කරුට සාධාරණම විසඳුම දෙන්නේ අරාබි රටවලය.(නදී)
කොහේ මොන නීති හැදුවත්, ක්‍රියාත්මක කළත්,මගේ මවු භුමියේ නිතිය ගැන නම් ඇතිවෙන්නේ හරිම කනගාටුවක්,(අ)
අපරාධකරුවන්ට දඩුවම් දිය යුතුයි(දිල්)
අපේ පුංචි ලංකාවේ ඕනෑම වර්ගයේ අපරාධ කරුවෙකුට පෙබරවාරි හතර වෙනිදාට යෙදෙන නිදහස් සැමරුම් දිනයේ ජනාදිපති සමාව යටතේ සුළු අපරාධ ගොන්නට ඇතුලත්ව නිදහස ලබා සුභ මොහොතින් තම නිවෙස් කරා නිදහසේ යන්න අවසර ඇත, අනිත් කාරණය නම් අපරාධකරුට හිරේ නොගොස් නිදහස් විය හැකි ක්‍රමය, කල අපරාධය මතක නැහැ යනුවෙන් ප්‍රකාශ කිරීමයි.(නදී)
ගුනේගේ අදහසට මම එකගයි.(නදී)