IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දරුණු අපරාධකරුවන්ට දඩුවම් දැඩි කරයි

කාලය අවියක් ලෙස යොදාගෙන දරුණු ගණයේ අපරාධකරුවන්ට දඩුවම් දීමේ ක‍්‍රමවේදයක් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් පර්යේෂණ පවත්වමින් සිටිති.

මිනී මැරම්,ළමා දුෂණ ආදීයට වැරදි කරුවන් වන අපරාධකරුවන්ට බොහෝ අවස්ථාවන්හිදී නියම වන්නේ වසර 30 ක,හෝ බරපතලම අවස්ථාවකදී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් බව කියන පර්යේෂකයෝ ඔවුන් කර ඇති අපරාධ දෙස බැලීමේදී ඒවා කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව පවසති.

සිර දඩුවම් ලැබූවන්ට ආහාර,ව්‍යායාම,විනෝදාස්වාදය නොමිලයේම සැපයෙන බවත් ඔවුන් අතින් විනාශයට ලක්වූ පුද්ගලයින් මියගොස් හෝ ජීවිතයේ ගැටුම් වලට හසුවෙමින් ජීවත් වෙමින් සිටියදී ඔවුන් මෙසේ ‘‘නිවාඩුවක්‘‘ ගත කරමින් සිටීම අසාධාරණ යැයි පර්යේෂක පිරිසේ අදහසයි.

මෙනිසා වසර ගණනකට හෝ විශේෂයෙන් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූවන්ට කාලය සෙමෙන් ගතවන්නේයැයි දැනවීමට ඔවුහු තම පර්යේෂණයන් මගින් උත්සාහ කරමින් සිටී.මෙය සරලව කියතොත් ඔවුන් සැරසෙන්නේ එවන් සිරකරුවන්ගේ වයසට යෑමේ වේගය අඩු කිරීමටයි.

මෙවිට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූවෙකුට සිර දඩුවම් විදිමින් වසර 1000 ක් පමණ සිරගතවී සිටීමට සිදුවනු ඇතැයි ඔවුහු කියති.

කාලය ගෙවීම සම්බන්ධයෙන් මිනිස් මනස ව්‍යාකූල කරවීමේ සමත් ක‍්‍රම හා විවිධ ඖෂධ අපරාධ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ දැනටමත් භාවිතා වෙමින් පවතී.මෙම පර්යේෂකයින්ගේ අරමුණ ඒවා තවත් වැඩිදියුණු කිරීමයි.

මිනිස් ආයුකාලය දික් කිරීමට නිපදවෙන ඖෂධ මිනිසාට දඩුවම් දීමටද යොදාගත හැකි බව ඔවුහු පෙන්වා දෙති.

මානුෂීය සම්පන්න නොවන බව කියමින් පර්යේෂකයින්ව විවේචනය කිරීමට බොහෝ දෙනා කටයුතු කර තිබෙන අතර ඇතැමුන් මෙම පර්යේෂණ සම්බන්ධයෙන් යහපත් ආකල්පයක් දක්වා තිබෙන්නේ අපරාධකරුවන් මාර්ගයෙන් හෝ ජීවිතයට දිගුවක් ලබා ගත හැකි ක‍්‍රමවේදයක් සොයාගැනීමට හැකි වනු ඇතැයි පවසමිනි.

 

 



අදහස් (0)

දරුණු අපරාධකරුවන්ට දඩුවම් දැඩි කරයි

රූපවතී Tuesday, 18 March 2014 02:26 AM

හැම දරුනු අපරාදකාරයෙක්වම විදුලි පුටුවට යැව්වා නම් හි නේද? (නදී)

:       0       0

ගුනේ Monday, 17 March 2014 12:15 PM

හොඳ ආරංචියක්. ලංකාවටත් හොඳට ගැලපෙනවා. නමුත් ඔය අලුත් සොයාගන්න දේවල් සමග නීතියත්, දඬුවමත් සාදාරන ලෙස වෙනස් විය යුතුයි. නවීන ලෙස සිදුවන අපරාද වලට ගැලපෙන ලෙස නවීන හෝ මිට වඩා දැඩි දඩුවම් ක්‍රමයක් ඇතිවිය යුතුයි. දඩුවම් වල ඇති ලිහිල් කම නිසා අපරාද කරුවන් නැවත නැවතත් අපරාද කරන්නට පසුබට වෙන්නේ නැහැ. ඔවුන් දන්නවා ලැබෙන දඬුවම දරාගත හැකිබව. මෙහෙ කියාගෙන යන්නේ. හිරකරුවොත් මනුස්සයෝ කියලයි. මේ අපරාදකරයෝ මනුස්සයන්ගේ ජිවිත විනාස කරලා මෙයාලව මනුස්සයෝ කරන්න හදනවා. ඒ දෙයත් දේසපාලනයට සාපේක්ෂව හුරු කරපු වාක්කිය කණ්ඩයක්. දෙසපාලකයන්ගේ කොන්ත්‍රාත් කරලා කොටු වුනාට පසු ඔවුන්ට ලිහිල් බව ලබාදෙන්න ගොතපු වාක්කිය මාලාවක්. අමුනුස්ස වැඩ කරපු අයව මේ වැකියෙන් මනුස්සයෝ කරන්ඩ හදනවා. එය සිදුවිය යුත්තේ වැකියකින් නොව යම් ක්‍රියාන්විත ක්‍රමයකින්. ඒ ක්‍රමයට අසුවන කෙනා නැවත, දඬුවම් ලබපු එම ස්ථානය දකින්නවත්, ඒ ස්ථානය ගැන අසන්නවත් අකමැති වෙන තරමට අපරාද කරුවාගේ මනස බිය විය යුතුයි. මෙය සිදු නොවන තුරු ඉදිරියටත් දරුණු ගනයේ අපරාද අපට දකින්න, අසන්න ලැබෙයි. එය සමාජයේ යහ පැවැත්මට ශාපයක් වී තියේවි.(නදී)

:       0       0

රොහාන් Friday, 21 March 2014 09:18 AM

ඒ ගත කරන කාලය 4 X 4 කරුවල කාමරයක ගතකරන්න සැලස්සුවා නම් තමා හොද.(නදී)

:       0       0

අස්මිත් Friday, 21 March 2014 10:14 AM

ගුණේ,ඔබගේ අදහස් පිලිගනිමි. ලංකාවේ නීතිය තාමත් යල් පැනගිය තත්වයේ ඒවා වීම වැරදි කරුවන්ට මහත් රුකුලක් වී තිබේ. තිබෙන නීති උල්ලංඝනය වී මුදලට බලයට කොතරම් පහත් වැඩ කරනවද? අපරාද කරුවන් අමු අමුවේ නිදහස් වී නැවත ඒ හා සමාන හෝ ඊට වැඩිය දැවැන්ත වැරදි කිරීමට පෙළඹෙන්නේ නීතිය තිබියදීත් හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසා නේද? සුළු වැරදි වලට පොලිසිවල මහත්වරු කුඩු පැකට් පරණ ආවුද දමා අහිංසකයන් කී දෙනෙක්ගේ ජීවිත මුදලට විනාශ කර තිබෙනවද ? මොන නීතියක් හැදුවත් ලංකාවේ නම් ක්‍රියාත්මක කිරීම බොරු බව දිනෙන් දින ඔප්පුවී ගෙන තිබෙනවා.(නදී)

:       0       0

බංඩා - කුවෙට් Tuesday, 18 March 2014 09:44 AM

ඔබගේ සොයුරිය හෝ නැගණිය දුෂනය කළ හෝ මැරුව අපරාද කරු මනුස්සයකු වන්නේ කෙසේද? ඔබගේ හදවතෙන්ම අසන්න මෙය බුද්ධිමතුන් යැයි කියාගන්න පට්ට මෝඩයන්ගේ සංකල්පයකි. අපරාද කරුට සාධාරණම විසඳුම දෙන්නේ අරාබි රටවලය.(නදී)

:       0       0

චන්දි Friday, 21 March 2014 12:54 PM

කොහේ මොන නීති හැදුවත්, ක්‍රියාත්මක කළත්,මගේ මවු භුමියේ නිතිය ගැන නම් ඇතිවෙන්නේ හරිම කනගාටුවක්,(අ)

:       0       0

ලක්සිරි Monday, 17 March 2014 03:35 PM

අපරාධකරුවන්ට දඩුවම් දිය යුතුයි(දිල්)

:       0       0

ෂෙරිෆ් Friday, 21 March 2014 04:02 PM

අපේ පුංචි ලංකාවේ ඕනෑම වර්ගයේ අපරාධ කරුවෙකුට පෙබරවාරි හතර වෙනිදාට යෙදෙන නිදහස් සැමරුම් දිනයේ ජනාදිපති සමාව යටතේ සුළු අපරාධ ගොන්නට ඇතුලත්ව නිදහස ලබා සුභ මොහොතින් තම නිවෙස් කරා නිදහසේ යන්න අවසර ඇත, අනිත් කාරණය නම් අපරාධකරුට හිරේ නොගොස් නිදහස් විය හැකි ක්‍රමය, කල අපරාධය මතක නැහැ යනුවෙන් ප්‍රකාශ කිරීමයි.(නදී)

:       0       0

තිලක් Monday, 17 March 2014 07:07 PM

ගුනේගේ අදහසට මම එකගයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site