නැවුම් එළවළු, පළතුරු සහ දිනපතා නිසි ව්‍යායාමය කිරීම ආයු කාලය වැඩි වීමේ රහස ලෙස අපි විශ්වාස කළත් ලොව වැඩිම ආයු කාලයක් භුක්ති විදින කාන්තාවට අනුව එය එසේ නොව සුෂි (බත් සහ අමු මාළු එකතු කර පිළියෙළ කරන ජපාන් ආහාරයකි) සහ පැය 8ක සුව නින්ද ආයු කාලය වැඩි වීමේ රහස බව පැවසේ.
1898 උපත ලද මිසාවෝ ඔකාවා (116) නම් ජපන් ජාතික කාන්තාවක් වන ඇය පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳ සඳහන් කර ඇත. සෑම දිනකම හොඳ ආහාර වේල් 3 ක් ලබා ගත් අතර පැය 8ක සුව නින්දක් ලබා ගත් බව ඇය පැවසීය. එසේම සෑම විටම කි‍්‍රයාශීලීව එදිනෙදා කාර්යන් වල නිරත වූ බවද පැවසීය. වයස්ගත වූ විට කෑම වේලට ඇය පළතුරුද එක් කර ගත්තීය.
දරුවන් තිදෙනෙකුගේ මවක් වන මිසාවෝගේ දියණියක් (92) සහ පුතෙකු (94) පමණක් තවමත් ජීවත් වෙයි.
ඇය වඩාත්ම සතුටු වූයේ විවාහ වූ දිනයේ සහ ඇගේ දරවන් තිදෙනා උපන් දා බවත්, ඇය වඩාත්ම දුක් වූයේ මීට අවුරුදු 83කට පෙර (1931) අගේ සැමියා යුකියෝ ඔකාවා මිය ගිය දින බවත් සඳහන් කළේය.
ජපානයේ කාන්තාවකගේ ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 86 ක් වන අතර පිරිමියෙකුගේ අවුරුදු 79.6 පමණ වෙයි. බි‍්‍රතාන්‍ය පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 80 ක් වන අතර දැනට ඔප්පු වී ඇති කරුණු අනුව එහි වැඩිම ආයු කාලයක් ජීවත් වූයේ ප‍්‍රංශයේ ජැනී ලූයිස් (අවුරුදු 122 දින 164) නැමැත්තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන් හදල දෙන කම වල වැරදි බලන්නේ නැතුව ඔයාලටත් පුළුවන් නේද රසට ගුනට ගෙදරදී කෑම ටික හදල අනිත් යටත් දෙන්න.තමන් පුටුව උද ඉගෙන අනුන් හදල දෙන දේත් වැරදි හොයනවට වඩා ඒක හොද නැද්ද? (අ)
අනේ ජයේ !!! මාලු විතරක් ද ? සේරම එළවලු වලත් උයනවා කියල කරන්නේ විටමින් ටික මරල දල රොඩු ටිකනේ කන්න තියෙන්නේ . තම්බල ,අමුවෙන් කාල අපේ අයට දිරවන්නේ නැහැනේ .......(අ)
ලංකාවේ කෙසේ වෙතත් පිටරටවල අවුරුදු 100 පන්නන අය ගොඩක් ඉන්නවා ,මස් කන වයින් ,විස්කි,බ්‍රැන්ඩි බොන අය තමයි වැඩි කලක් ජීවත් වෙන්නේ.(නදී)
තමුන්ගේ වැඩ තමුන්ටම කරගන්න පුලුවන්තාක් කල් ජීවත් වුනාම හොඳටම ඇති. මොකටද මේ තරම් කාර්ය බහුල ලෝකයක අනුන්ට බරක් කරදරයක් වෙන්නේ. පමණ ඉක්මවා දීර්ගයුෂ පැතීමත් එක්තරා විදිහක තණ්හාවක්. ඕනෑම දෙයක් ඕනවට වැඩිය උවමන නැහැ කියන්නේ කට කහනවටම නෙමේනේ. (නදී)
අපේ කට්ටිය නම් මාළු උයනකොට පැය ගනම් ලිපේ තියනවා .මාළු විතරක් නෙවෙයි ඉස්සෝ,දැල්ලෝ හදන්නෙත් එහෙමයි.අන්තිමට සියලුම පෝෂ්‍ය ගුණයත් නැති කරගෙන රබර් වගේ වෙනකම් උයලා කනවා (දිල්)
ජයතිලක අයියේ එයා අනිත් අය ගැන කියන්න ඕනා නැහැ.(නදී)
මස් මාළු ටිකක් තමිබලා පැය 6 ක් විතර දවසකට නිදාගන්න ඹිනේ. එතකොට ගානට 80 කින් විතර මැරෙන්න පුළුවන්.(නදී)
මෙයා 116 න් 38 නිදාගෙන. ඊට වැඩිය හොදයි මලානම්. (දී)
කොහොම කෑවත් මාරයා කතාකලහම යන්න වෙනවා.(නදී)
එතකොට සමහර ආගම්වල කියන්නේ මස් මාංශ අනුභව කරන්න එපා කියල? (දී)
රට රටවල කෑම හදන ක්‍රම වෙනස් . පැරණි අය මිරිස් ,තුනපහ , කහ ,කරපිංචා වගේ දේවල් අඹරලා උයන්නේ .කුඩු වර්ග පාවිච්චි කලේ නැත . හාල් වංගෙඩියේ කොටලා ගත්තේ . (දී)
කවුරු කොහොම කිව්වත් අපි ගෙනාපු ආයුෂ ඉවර වුණාම යන්න වෙනවා. වැදගත් ඉන්න ටික කලේ නිරෝගිව සතුටින් ඉන්න පුළුවන් වීමයි.මමනම් මේ තරම් ආයුෂ ප්‍රර්ථනා කරන්නේ නැහැ. ඒක හැමෝටම කරදයක් වෙයි කියල හිතෙනවා. (අ)