IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දරු කැක්කුමක තරම

රුසියාවේ දුම්රියපළකදී සැමියා හා වාද විවාද කරගනිමින් සිටි කාන්තාවක තම දරුවා රැදී සිටි ළදරු කරත්තය දුම්රිය මාර්ගයට තල්ලූ කර දැමුවාය.

ළදරු කරත්තය දුම්රිය මාර්ගයට වැටී ගැස්සෙමින් ගොස් නිසල විය.

දෙමාපියන් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් දරුවා බේරා ගැනීමට අවැසි බවක් නොපෙනුනි.ඔවුහු දිගටම වාද කරමින් සිටියහ.

පසුව එතැනට රැස්වුණු දුම්රිය මගීහු දරුවා සිටි ළදරු කරත්තය දුම්රිය වේදිකාව මතට ගත්හ.දරුවාගේ මව හා පියා යැයි සැකකෙරුණු වාදකරමින් සිටි දෙදෙනා අල්ලා පොලිසියට භාර දුන්හ.

වේදිකාවෙන් ඇද වැටුණද දරුවාට හානියක් සිදුවී නොතිබුණි.

දරුවා දෙමව්පියන්ගෙන් වෙන්කර රෝහලක රදවා තැබීමට තීරණව ඇත.

දරුවා යළිත් තමන් වෙත ලබාගැනීමට මව සැරසෙන්නීය.තමන්ට එතරම් කේන්ති ගියේ ඇයිදැයි සිතා ගැනීමට නොහැකි බවද දරුවාට සැබෑවටම අනතුරක් සිදුකිරීමේ චේතනාවක්  තමන්ට නොතිබුණේ යැයිද ඇය කියන්නීය.

ඇය දරුවා රැදි ළදරු කරත්තය දුම්රිය මාර්ගය වෙත තල්ලූ කරනු දුම්රිය ස්ථානයේ වූ ආරක්ෂක කැමරාවේ පටිගත වී තිබුණි.



අදහස් (0)

දරු කැක්කුමක තරම

රණතුංග Thursday, 24 April 2014 02:23 AM

රුසියානුවන් සමස්තයක් වශයෙන් ගත් කල, ඉතා ඉක්මනින් කේන්ති යන ජන කොටසකි. (නි)

:       0       0

සුජානි Thursday, 24 April 2014 08:08 AM

සමහරවිට ලංකාවේ ඥාති ඉන්නවා ඇති. (නි)

:       0       0

සිතූ Thursday, 24 April 2014 09:26 AM

අමිල සඳරුවන්ව මතකයට නැගුණා.එයත් ඔය විදියට බේරුණා නම් හොඳයි.දෙමාපියන්ගේ වැරදි වලින් ගොඩක් දුක් විඳින්නේ හයක් හතරක් නොතේරෙන පුංචි දරුවො. (ස)

:       0       0

රෝචෙන් දී සොයිසා Wednesday, 23 April 2014 09:49 PM

මට අමිල සදරුවන් මතකෙට එයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 290 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2120 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1613 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site