රුසියාවේ දුම්රියපළකදී සැමියා හා වාද විවාද කරගනිමින් සිටි කාන්තාවක තම දරුවා රැදී සිටි ළදරු කරත්තය දුම්රිය මාර්ගයට තල්ලූ කර දැමුවාය.
ළදරු කරත්තය දුම්රිය මාර්ගයට වැටී ගැස්සෙමින් ගොස් නිසල විය.
දෙමාපියන් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් දරුවා බේරා ගැනීමට අවැසි බවක් නොපෙනුනි.ඔවුහු දිගටම වාද කරමින් සිටියහ.
පසුව එතැනට රැස්වුණු දුම්රිය මගීහු දරුවා සිටි ළදරු කරත්තය දුම්රිය වේදිකාව මතට ගත්හ.දරුවාගේ මව හා පියා යැයි සැකකෙරුණු වාදකරමින් සිටි දෙදෙනා අල්ලා පොලිසියට භාර දුන්හ.
වේදිකාවෙන් ඇද වැටුණද දරුවාට හානියක් සිදුවී නොතිබුණි.
දරුවා දෙමව්පියන්ගෙන් වෙන්කර රෝහලක රදවා තැබීමට තීරණව ඇත.
දරුවා යළිත් තමන් වෙත ලබාගැනීමට මව සැරසෙන්නීය.තමන්ට එතරම් කේන්ති ගියේ ඇයිදැයි සිතා ගැනීමට නොහැකි බවද දරුවාට සැබෑවටම අනතුරක් සිදුකිරීමේ චේතනාවක් තමන්ට නොතිබුණේ යැයිද ඇය කියන්නීය.
ඇය දරුවා රැදි ළදරු කරත්තය දුම්රිය මාර්ගය වෙත තල්ලූ කරනු දුම්රිය ස්ථානයේ වූ ආරක්ෂක කැමරාවේ පටිගත වී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියානුවන් සමස්තයක් වශයෙන් ගත් කල, ඉතා ඉක්මනින් කේන්ති යන ජන කොටසකි. (නි)
සමහරවිට ලංකාවේ ඥාති ඉන්නවා ඇති. (නි)
අමිල සඳරුවන්ව මතකයට නැගුණා.එයත් ඔය විදියට බේරුණා නම් හොඳයි.දෙමාපියන්ගේ වැරදි වලින් ගොඩක් දුක් විඳින්නේ හයක් හතරක් නොතේරෙන පුංචි දරුවො. (ස)
මට අමිල සදරුවන් මතකෙට එයි (දී)