ඉදිරිපස පාද වෙනුවට රෝද ඇති දාර ඉබ්බෙක් එංගලන්තයේ ගොස්ෆෝට් ප‍්‍රදේශයේ සිටියි. සෙප්ටිමස් නමින් හඳුන්වන මෙම ඉබ්බා අවුරුදු 23 ක් තිස්සේ ඩැරන් ස්ට්‍රැන්ගේ නිවසේ සුරතලාය.
දිනක් මිදුලෙහි ඇවිද පැමිණි ඉබ්බාගේ ඉදිරිපස කකුල්වල වෙනසක් දුටු ඩැරන් වෛද්‍යවරයකු සෙප්ටිමස් පෙන්වීය.පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව සෙප්ටිමසගේ කකුල් දෙක මීයන් කා ඇති බව සොයා ගැණින.
අපහසුවෙන් ඇවිදින ඉබ්බාට කකුල් දෙකක් බද්ධ කිරීමට සිතූවත් ඩැරන්ගේ යෝජනාව පරිදි රෝද දෙකක් සවි කෙරිණි.
සෙන්ටිමීටර කිහිපයකින් උස් වී ඇති සෙප්ටිමස් දැන් වෙනදට වඩා වේගයෙන් එහා මෙහා යයි. එපමණක් නොව උස් මට්ටමක ඇති පෑලෑටි දළු පවා පහසුවෙන් කෑමට හැකියාව ඇත. රෝද සවි කිරීම සෙන්ටිමස්ට නුහුරු අත්දැකීමක් වුවත් ඌ සතුටින් සිටින බවත් කි‍්‍රයාශීලී වී ඇති බවත් ඩැරන් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේගයෙන් යන්න පුළුවන් නිසා සාමාන්‍ය ඉබ්බොත් රෝද ඉල්ලයිද දන්නේ නැහැ.(අ)
කොච්චර හොඳ දෙයක්ද? (නදී)