
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමට කැමැත්තෙන් සිටිනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවත්, ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ බයිඩන් මේ මොහොතේ පුටින් හමුවීමට සූදානම් නැති බවය.
පුටින් හමුවී සාකච්ඡා කර, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව බයිඩන් පැවැසුවේ, ධවල මන්දිරයට ආ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
තමන් ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීමට කැමැති යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද එම අවස්ථාවේදී පවසා තිබුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මොනවා කිව්වත් පුටින් තමයි හම්බ වෙනවාද? නැද්ද? කියන එක තීරණය කරන්නේ... මේ ගොල්ලන්ට පුළුවන් යටින් නූල් ඇද ඇද ඉන්න තමයි...