
හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ දින 50 ක් සිටි 9 හැවිරිදි අයර්ලන්ත ජාතික දැරියක ද නිදහස ලබා සිටී. ඇය එමලි හෑන්ඩ් ය.
එමලි ට සිටින්නේ පියා පමණි. ඇගේ මව පිළිකාවකින් මියගොසිනි.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ගාසා තීරයට කඩා වැදී පහර දෙද්දී, එමලි සිටි ඇත්තේ ඇගේ ඊශ්‍රායල ගාසා දේශසීමාවට නුදුරින් පිහිටි ඇගේ යෙහෙළියකගේ නිවසේය.
සටන්කාමීන් ඇය සිටි නිවසට කඩා වැදී ඇය බලහත්කාරයෙන් ගාසා තීරයට රැගෙන ගියේ, ඇය ඇද සිටි පිජාමාව පිටිනි. එමලි ඇගේ 9 වැනි උපන් දිනය සැමරුවේ ද හමාස් ප්‍රාණ ඇපයේ සිටිද්දී යැයි පැවැසෙයි.
එමලිගේ පියා 63 හැවිරිදි තෝමස් හෑන්ඩ් පසුගිය දින 50 පුරාවට සිටියේ දියණිය නැති සොවිණි. ඔහු නිරන්තකරයෙන් ඊශ්‍රායල හමුදාව සමඟ සම්බන්ධ වී සිදුවන්නේ කුමක්දැයි විමසා සිටියේය. තම දියණිය යළි දකින්න නොලැබේවි යැයි ඔහු හඩා වැලපෙන්න විය.
ඔහු දිගින් දිගටම දුක් වූයේ, තම එකම දියණිය ආරක්ෂා කර ගැනීමට තමන් ඇය අසල නොසිටි බව පවසමිනි.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇතිකරගත් එකඟතාවට අනුව, ඒමලි නිදහස් වන බව දැනගත් සැණින්, තෝමස් හෑන්ඩ් අතිශය සතුටට පත් විය.
දියණිය වෙනුවෙන් ලොකුම උපන් දින සාදය පවත්වන බව ද ඔහු මාධ්‍ය හමුවේ පවසා ඇත. බිරිඳ ද අහිමි වුණු තමන්ට සිටින්නේ තම දියණිය පමණක් යැයි තෝමස් පවසන්නේ කඳුළු පිරි දෙනෙතිනි.
එමලිට, ජොන්සී නමින් සුරතල් බලු පැටියෙක් සිටී. හමාස් සටන්කාමීන්, ඔවුන්ගේ ප්‍රාණ ඇපයේ සිටි එමලි සහ තවත් 13 දෙනකු ඊශ්‍රායල හමුදාවට බාර දුන්නේ රතු කුරුස සංවිධානය හරහාය.
එමලි හමුවීමට යද්දී තමන් එමලිගේ ආදරය වන ජොන්සී ද රැගෙන යා යුතු යැයි තෝමස් හෑන්ඩ් ඊශ්‍රායල හමුදාවට පැවැසූ අවස්ථාවේදී, ඊශ්‍රායල හමුදාව ඊට විරෝධය පළ කර නැත.
(ඩේලිමේල්)
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දින 50 කට පසු ආපසු ආ පුංචි කෙල්ල
Lal Sunday, 26 November 2023 09:26 AM
ත්‍රස්තවාදී සංවිධාන ... හමස් ජෙප්පෝ 88 89 මෙහෙම තමා
සිල්වා Sunday, 26 November 2023 09:59 AM
හිතට බොහොම සතුටුයි. ඒ වගේම ඊස්රායල් සිරගෙවල් තුල වසර ගණනාවක් තිස්සේ වදහිංසා වලට ලක්වී සිටින පලස්තීන දරුවන් සහ ගැහැණුන් ද නිදහස් වේවා.
saman Sunday, 26 November 2023 10:15 AM
ත්‍රස්තවාදී ඊශ්‍රායල් හමුදාවෙන් මැරෙන ළමයින් ගැන කියන්න බැහැ ඔහෙලට .අනේ මෙහෙමත් ජාතිවාදී පත්තර