දකුණු සෝමාලියාවේ කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් රජයේ හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් අඩු තරමින් දස දෙනෙකු මිය ගොස් ඇතැයිද එනමුත් වැඩි පිරිසක් සාමාන්‍ය වැසියන් බවද ප‍්‍රචණ්ඩකාරීහු සෝමාලි රජයට චෝදනා කරයි. මෙම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් ගණන් බලා නැතැයි අහමඞ් යුසුෆ් නම් ප‍්‍රහාරයට ලක්වූ හොස්නින්ගෝව් ප‍්‍රදේශයේ අසල්වැසියකු පැවසීය. හොස්නින්ගෝව් ප‍්‍රදේශයට ඉහලින් පැමිණි හමුදා ජෙට් යානා තුනක් මෙම ප‍්‍රහාර එල්ල කළ බව අහමඞ් යුසුෆ් තව දුරටත් පැවැසීය. ප‍්‍රහාරක යානාවලින් දැමූ එක් බෝම්බයක් හොස්නින්ගෝව් ප‍්‍රදේශයේ කඩසාප්පු පිහිටි ප‍්‍රදේශයට වැටී ඇත. දකුණු සෝමාලියාවේ කොටසක් සෝමාලි ප‍්‍රචණ්ඩකාරීන්ගේ ග‍්‍රහණයට නතුවී තිබේ. නමුත් ප‍්‍රාදේශීය හමුදා ඛණ්ඩවලින් එම ප‍්‍රදේශවලට නිතර ප‍්‍රහාර එල්ල වේ. අහිංසක සිවිල් ජනතාවට එල්ල කරන ප‍්‍රහාරවලට පළිගන්නා බව ෂෙඩා ඕ ප‍්‍රදේශය බාර කැරලි නායක ෂීක් අඩුකාර් පැවැසීය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd