මීට මාසයකට පමණ පෙර ඉතාලියේ ජිග්ලියෝ නමැති දූපත අසල කොරල් පරයක ගැටී පෙරැළී ගිය, කොස්ටා කොන්කෝඩියා නමැති අධි සුඛෝපබෝගී කෲස් නෞකාව අයත් නැව් සමාගමේ තවත් සුඛෝපභෝගී නැවක් පෙරේදා (27) ඉන්දීය සාගරය මැදදී අනතුරට පත්විය.
කොස්ටා ඇලෙග‍්‍රා නමැති එම නෞකාව අනතුරට පත්වූයේ සීෂෙල්ස් දූපත් අසලදීය. අනතුරට හේතු වී ඇත්තේ නැවේ විදුලි බල සැපැයුම් පද්ධතියේ හටගත් දෝෂයකි. විදුලි බලය නොලැබී යෑමෙන් නැව මුහුද මැද නතර විය. කෙසේ නමුත් එයින් නැවේ ගමන් කළ කිසිවකුටවත් අනතුරක් සිදුනොවිණි.
ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීන් කියා සිටියේ කොස්ටා ඇලෙග‍්‍රා නැවේ මගීන් 636 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 413 දෙනකු සිටි බවය. මේ වනවිටත් නැව මුහුදේ පාවෙමින් ඇති අතර හෙලිකොප්ටර ආධාරයෙන් නැවේ සිටින පිරිස් වෙත අවශ්‍ය පහසුකම් ලබාදීමටත් නැව ඇදගෙනයාමටත් ඉතාලි වෙරළාරක්ෂකයන් සහ සීෂෙල්ස් දූපත් බලධාරීහු පියවර ගෙන ඇත.
කොස්ටා කොන්කෝඩියා නැවට වඩා ඇලෙග‍්‍රා නැව ප‍්‍රමාණයෙන් කුඩාය. ඇලෙග‍්‍රා නෞකාවේ බර ටොන් 28,597 ක් වන අතර දිග මීටර් 188 කි.

1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd