ඇෆ්ගන් අර්බුදය නිමා කිරීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කරමින්, තලේබාන් නායක මුල්ලා ඕමාර්, ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාට ලිපියක් යවා ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියකු පවසයි. නම හෙලි කිරීමට අකමැති වූ එම රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා පවසන අන්දමට එම ලිපිය ඔබාමාට ලැබී ඇත්තේ ඉකුත් වසරේ ජූලි මාසයේදීය. මේ බව මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධ වීමත් සමඟ ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ප‍්‍රකාශක සබිදුල්ලා මුජහීද් ඊයේ (5) ඊ මේල් පණිවුඩයක් හරහා පවසා ඇත්තේ ඇෆ්ගන් තලේබාන්වරුන් කිසිම අවස්ථාවක ඇමෙරිකා ජනපති ඔබාමාට ලිපියක් නොයැවූ බවය. සාම මාවතකට හෝ දේශපාලන මාවකතට හෝ අවතීර්ණ වීමේ කිසිදු අපේක්ෂාවක් නැතැයි ඇෆ්ගන් තලේබාන් සටන්කාමීහු තරයේ කියා සිටිති. එපමණක් නොව විදෙස් හමුදා පිටව යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ බලය යළි අල්ලා ගැනීමටද ඔවුහු උත්සාහ දරති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd