ඇෆ්ගන් අර්බුදය නිමා කිරීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කරමින්, තලේබාන් නායක මුල්ලා ඕමාර්, ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාට ලිපියක් යවා ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියකු පවසයි. නම හෙලි කිරීමට අකමැති වූ එම රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා පවසන අන්දමට එම ලිපිය ඔබාමාට ලැබී ඇත්තේ ඉකුත් වසරේ ජූලි මාසයේදීය. මේ බව මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධ වීමත් සමඟ ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ප‍්‍රකාශක සබිදුල්ලා මුජහීද් ඊයේ (5) ඊ මේල් පණිවුඩයක් හරහා පවසා ඇත්තේ ඇෆ්ගන් තලේබාන්වරුන් කිසිම අවස්ථාවක ඇමෙරිකා ජනපති ඔබාමාට ලිපියක් නොයැවූ බවය. සාම මාවතකට හෝ දේශපාලන මාවකතට හෝ අවතීර්ණ වීමේ කිසිදු අපේක්ෂාවක් නැතැයි ඇෆ්ගන් තලේබාන් සටන්කාමීහු තරයේ කියා සිටිති. එපමණක් නොව විදෙස් හමුදා පිටව යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ බලය යළි අල්ලා ගැනීමටද ඔවුහු උත්සාහ දරති.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලේබාන් නායකයා ඔබාමාට ලිපියක් යවලා