IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


තලේබාන් දඩුවම් යළි?

තලේබාන් පාලනය පැවති සමයේ පැවති දඩුවම් ක්‍රම යළිත් හදුන්වාදීමට ඇෆ්ගනිස්ථාන රජය සැරසෙන්නේයැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

ඇෆ්ගනිස්ථානයේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට එරට අධිකරණය කටයුතු කරමින් සිටින අතර එම සංශෝධනයන් යටතේ දුරාචාරයේ යෙදී හසුවන්නන්ට ලබා දිය යුතු දඩුවම් මැයෙන් දණ්ඩ නීති සංග්‍රහයට නව වගන්තියක් එක් කිරීමට අධිකරණය කටයුතු කර ඇතැයි සදහන්ය.

නව වගන්තිය යටතේ එවැනි පුද්ගලයින්ට ලබා දිය යුතු දඩුවම් ලෙස කස පහර දීම,ගල් ගසා මැරීම වැනි දඩුවම් දක්වා ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියයි.

මෙවන් දඩුවම් ක්‍රම තලේබාන් පාලන සමයේ ඇෆ්ගනිස්ථානයේ පැවතියද බටහිර මැදහත්වීමෙන් පිහිටවුනු නව රජය මෙම ම්ලේච්ඡ දඩුවම් සියල්ල අහෝසි කිරීමට කටයුතු කර තිබුණි.

නමුත් යළිත් එවන් දඩුවම් හදුන්වාදීමට ඇෆ්ගනිස්ථානය සැරසෙන්නේ යැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කරයි.

මෙම චෝදනා වලට නිසි පිළිතුරු දීමට ඇෆ්ගනිස්ථානයේ වත්මන් ජනපති හමිීඩ් කර්සායි හට නොහැකි වුවහොත් ඇෆ්ගනිස්ථානයට බටහිර සහය අහිමිවීම නොවැළැක්විය හැකි වනු ඇතැයි විචාරකයින් කියයි.



අදහස් (0)

තලේබාන් දඩුවම් යළි?

මාගරී Wednesday, 27 November 2013 02:55 PM

සජිත් ,වැරදිකරන අය ලංකාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙම ඉන්නවා. සමහර රටවල සිදුවෙන මෙවන් වැරදි වාර්තා වෙන්නේ නැහැ.තවත් රටවල ළමා අපචාර වගේ දේවල් ආගමේ නාමයෙන් වැරදි විදියට සළකන්නේ නැහැ.බුදුහාමුදුරුවන්ට ධර්මය දේශනා කරන්න සිද්ධ වුණෙත් එකල ද වැරදි කරන අය සිටි නිසාය. (නි)

:       0       0

ලාල් Tuesday, 26 November 2013 09:32 PM

අර ආගම තමා (ස)

:       0       0

වීර Thursday, 28 November 2013 02:18 PM

සජිත් මම බය නැතිව කියනවා අපි සිංහලයෝ මේක සිංහලයන්ගේ රට වගේම සිංහල ජනතාවගේ වැරදි නිවැරදි කර යහමග කරා ගෙන ඒමට නම් මෙවැනි දඩුවමි අප රටේද තිබිය යුතුයි කියලා. සජිත් ඒ අතින් ඔබ නිවැරදියි.(නදී)

:       0       0

නල්ලතම්බි Tuesday, 26 November 2013 10:35 PM

අමනුශ්‍යත්වයේ නිර්මාතෘ (අ)

:       0       0

සජිත් Wednesday, 27 November 2013 10:17 AM

ඔහොම දෙන එක හොඳයි නැතිනම් ලංකාව වගේ තමයි වෙන්නේ තාත්තල තමන්ගේම දරුවන්ව කෙලසන එකම රට මම හිතන්නේ ලංකාව ලාල් මෝඩයා වගේ ජාතිවාදය දාන්නේ නැතුව හිතන්න පොඩ්ඩක්.(නදී)

:       0       0

සජිත් Wednesday, 27 November 2013 10:20 AM

ජයා එතකොට බීගෙන ඇවිල්ලා තමන්ගේම දරුවාව දූෂණය කරන්න පුළුවන් නේද? (නදී)

:       0       0

රායා Wednesday, 27 November 2013 06:04 PM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

අනු Thursday, 28 November 2013 04:49 PM

මේ නීතිය අපේ රටේ අවොත් මුලින්ම යන්නේ අර ප්‍රාදේශීය සභාවල කට්ටිය. (නදී)

:       0       0

විරාජ් කාලිංග Thursday, 28 November 2013 08:34 AM

මාත් මේකේ හොද පැත්තක් දකිනවා, අපේ රටට ඕව ගේන්න බැරි ගෙනාවොත් ඉස්සෙල්ලම අහුවෙන්නේ ලොකු ලොකු මිනිස්සුම තමයි. ඒකයි මානව හිමිකම් නාමයෙන් යටගහගෙන ඉන්නේ, වැරදි කරපු මිනිස්සුන්ටනේ දඩුවම් දෙන්නේ, කිසි වැරද්දක් නැහැ, වැරදි නොකර ඉන්න අයට.(නදී)

:       0       0

අජිත් Wednesday, 27 November 2013 06:53 PM

මේකට ප්‍රතිචාරයක් දක්වන්න අමාරුයි. ටිකක් සංකීර්ණයි (නි)

:       0       0

වීර Wednesday, 27 November 2013 06:53 PM

සජිත්,අපි බය නැතුව කියනවා අපි සිංහලයෝ.මේක සිංහලයාගේ රට. (නි)

:       0       0

ජයා Wednesday, 27 November 2013 06:18 AM

මම නම් මෙවන් දේවලට අකමැතියි (නි)

:       0       0

සුමේද Thursday, 28 November 2013 10:53 AM

අපේ නම් මිනී මැරුවත් පහුවදාට ඇප(නදී)

:       0       0

සජිත් Thursday, 28 November 2013 11:23 AM

මාගරි, ඒත් අපි කියන්නේ අපේ රට බුදුන්ගේ රට කියලනේ. ඒ හින්දනේ මම කියන්නේ මෙවන් දේවල් නොවිය යුතුයි කියලා. ඒ වගේම අපිට කියන්න බැහැ අනිත් රටවල් මේවා එලියට දාන්නේ නැහැයි කියලා. අපි අපේ අයව නලවන්නේ නැතුව ඔය ඛේදවාචකයෙන් මිදෙන්න බලන්න ඕනේ. අපි පාරට බැහැල ඔය වගේ මිලේච්ච වැඩ කරන උන්ව ගෙල ගසා දාල මරල දාන්න කියන්න ඕනේ . (ස)

:       0       0

ඉෂාක් Thursday, 28 November 2013 11:24 AM

මම නම් හිතන්නේ ඕගොල්ලෝ ඔය ඉස්ලාමීය නීතිය කියන පොත අරන් බලන්න කියලයි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 November 2013 08:32 AM

ජයා , ඔබ විතරක් නෙමෙයි. ඇස , කන , නාසය සහ හදවත, මොළය වැඩ කරන මිහිපිට ඉන්න කිසිම මනුස්සයෙක් මේ වගේ මිලේච්ඡ දඬුවම් අනුමත නොකරනු ඇති (නි)

:       0       0

ගාමිණී මාතර Wednesday, 27 November 2013 09:15 PM

රටක පැවැත්මට නීතිය එයාලගේ අයිතියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 859 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 97 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 89 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1323 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1735 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2800 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1195 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1497 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site