තලේබාන් පාලනය පැවති සමයේ පැවති දඩුවම් ක්‍රම යළිත් හදුන්වාදීමට ඇෆ්ගනිස්ථාන රජය සැරසෙන්නේයැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
ඇෆ්ගනිස්ථානයේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට එරට අධිකරණය කටයුතු කරමින් සිටින අතර එම සංශෝධනයන් යටතේ දුරාචාරයේ යෙදී හසුවන්නන්ට ලබා දිය යුතු දඩුවම් මැයෙන් දණ්ඩ නීති සංග්‍රහයට නව වගන්තියක් එක් කිරීමට අධිකරණය කටයුතු කර ඇතැයි සදහන්ය.
නව වගන්තිය යටතේ එවැනි පුද්ගලයින්ට ලබා දිය යුතු දඩුවම් ලෙස කස පහර දීම,ගල් ගසා මැරීම වැනි දඩුවම් දක්වා ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියයි.
මෙවන් දඩුවම් ක්‍රම තලේබාන් පාලන සමයේ ඇෆ්ගනිස්ථානයේ පැවතියද බටහිර මැදහත්වීමෙන් පිහිටවුනු නව රජය මෙම ම්ලේච්ඡ දඩුවම් සියල්ල අහෝසි කිරීමට කටයුතු කර තිබුණි.
නමුත් යළිත් එවන් දඩුවම් හදුන්වාදීමට ඇෆ්ගනිස්ථානය සැරසෙන්නේ යැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කරයි.
මෙම චෝදනා වලට නිසි පිළිතුරු දීමට ඇෆ්ගනිස්ථානයේ වත්මන් ජනපති හමිීඩ් කර්සායි හට නොහැකි වුවහොත් ඇෆ්ගනිස්ථානයට බටහිර සහය අහිමිවීම නොවැළැක්විය හැකි වනු ඇතැයි විචාරකයින් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ප්‍රතිචාරයක් දක්වන්න අමාරුයි. ටිකක් සංකීර්ණයි (නි)
මේ නීතිය අපේ රටේ අවොත් මුලින්ම යන්නේ අර ප්‍රාදේශීය සභාවල කට්ටිය. (නදී)
සජිත් මම බය නැතිව කියනවා අපි සිංහලයෝ මේක සිංහලයන්ගේ රට වගේම සිංහල ජනතාවගේ වැරදි නිවැරදි කර යහමග කරා ගෙන ඒමට නම් මෙවැනි දඩුවමි අප රටේද තිබිය යුතුයි කියලා. සජිත් ඒ අතින් ඔබ නිවැරදියි.(නදී)
මම නම් හිතන්නේ ඕගොල්ලෝ ඔය ඉස්ලාමීය නීතිය කියන පොත අරන් බලන්න කියලයි. (ස)
මාගරි, ඒත් අපි කියන්නේ අපේ රට බුදුන්ගේ රට කියලනේ. ඒ හින්දනේ මම කියන්නේ මෙවන් දේවල් නොවිය යුතුයි කියලා. ඒ වගේම අපිට කියන්න බැහැ අනිත් රටවල් මේවා එලියට දාන්නේ නැහැයි කියලා. අපි අපේ අයව නලවන්නේ නැතුව ඔය ඛේදවාචකයෙන් මිදෙන්න බලන්න ඕනේ. අපි පාරට බැහැල ඔය වගේ මිලේච්ච වැඩ කරන උන්ව ගෙල ගසා දාල මරල දාන්න කියන්න ඕනේ . (ස)
අපේ නම් මිනී මැරුවත් පහුවදාට ඇප(නදී)
මාත් මේකේ හොද පැත්තක් දකිනවා, අපේ රටට ඕව ගේන්න බැරි ගෙනාවොත් ඉස්සෙල්ලම අහුවෙන්නේ ලොකු ලොකු මිනිස්සුම තමයි. ඒකයි මානව හිමිකම් නාමයෙන් යටගහගෙන ඉන්නේ, වැරදි කරපු මිනිස්සුන්ටනේ දඩුවම් දෙන්නේ, කිසි වැරද්දක් නැහැ, වැරදි නොකර ඉන්න අයට.(නදී)
රටක පැවැත්මට නීතිය එයාලගේ අයිතියක් (නි)
සජිත්,අපි බය නැතුව කියනවා අපි සිංහලයෝ.මේක සිංහලයාගේ රට. (නි)
අර ආගම තමා (ස)
මගේ සුභ පැතුම්! (නි)
සජිත් ,වැරදිකරන අය ලංකාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙම ඉන්නවා. සමහර රටවල සිදුවෙන මෙවන් වැරදි වාර්තා වෙන්නේ නැහැ.තවත් රටවල ළමා අපචාර වගේ දේවල් ආගමේ නාමයෙන් වැරදි විදියට සළකන්නේ නැහැ.බුදුහාමුදුරුවන්ට ධර්මය දේශනා කරන්න සිද්ධ වුණෙත් එකල ද වැරදි කරන අය සිටි නිසාය. (නි)
ජයා එතකොට බීගෙන ඇවිල්ලා තමන්ගේම දරුවාව දූෂණය කරන්න පුළුවන් නේද? (නදී)
ඔහොම දෙන එක හොඳයි නැතිනම් ලංකාව වගේ තමයි වෙන්නේ තාත්තල තමන්ගේම දරුවන්ව කෙලසන එකම රට මම හිතන්නේ ලංකාව ලාල් මෝඩයා වගේ ජාතිවාදය දාන්නේ නැතුව හිතන්න පොඩ්ඩක්.(නදී)
ජයා , ඔබ විතරක් නෙමෙයි. ඇස , කන , නාසය සහ හදවත, මොළය වැඩ කරන මිහිපිට ඉන්න කිසිම මනුස්සයෙක් මේ වගේ මිලේච්ඡ දඬුවම් අනුමත නොකරනු ඇති (නි)
මම නම් මෙවන් දේවලට අකමැතියි (නි)
අමනුශ්‍යත්වයේ නිර්මාතෘ (අ)