ඇෆ්ගන් රජය තලේබාන් සංවිධානයත් සමඟ සාමකතා පැවැත්වීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද පාකිස්තානය එම සාම කතාවලට එරෙහි වූයේ යැයි ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි චෝදනා කරයි. ඇෆ්ගන් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ පෙරේදා (3) ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්ගේ ප‍්‍රධානත්වයෙන් ජර්මනියේදී පැවැත්වුණු බොන් සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය. ඇෆ්ගන් සංග‍්‍රාමය ආරම්භ වූ දා සිට තලේබාන් සටන්කාමීන් සමඟ අවස්ථා කිහිපයකදී සාම කතා පැවැත්වීමට ඇෆ්ගන් රජය උත්සාහ කර තිබේ. එම අවස්ථාවලදී ඇෆ්ගන් රජය, ඒ සඳහා සහයෝගය දෙන්නැයි පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර ඇත. එහෙත් පාකිස්තාන රජය එම සාම කතාවලට මැදිහත් නොවන බව දන්වා ඇත. ඇෆ්ගන් ජනපති කර්සායි පවසන්නේ පාකිස්තානයේ එම තීරණය නිසා තලේබාන් සංවිධානය සමඟ සාම කතා අසාර්ථක වූ බවය. ජර්මනිය, ඇමෙරිකාව සහ යුරෝපා රටවල මැදිහත් වීමෙන් බොන් සමුළුව පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තානයේ දස අවුරුදු යුද්ධය නිමා කර එරටට ස්ථාවරත්වයක් උදා කර දීමේ අරමුණින්ය. 2014 වසර වනවිට විදෙස් හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කොට පිටවී යෑමට ද නියමිතය. ඇෆ්ගනිස්තානයේ ස්ථාවරභාවයක් ඇති කිරීමට නම් ඇෆ්ගනිස්තානයේ අසල්වැසියා වන පාකිස්තානයේ සහාය අත්‍යාවශ්‍ය වේ. එහෙත් බොන් සමුළුවට සහභාගී වීම වර්ජනය කිරීමට පාකිස්තානය තීරණය කර ඇත. ඒ, නේටෝ ප‍්‍රහාරයෙන් පාකිස්තානයේ හමුදා සෙබළුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමක් වශයෙනි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තලේබාන්-ඇෆ්ගන් සාම කතා අවුල් කරන්නේ පාකිස්තානයයි