IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


තරබාරුව සුළුදිය සමග එළියට

සිරුරේ තරබාරු බව ඇතිකරන අනවශ්‍ය මේදය මුත්‍රා සමගම පිටකර හැරිය හැකි ආකාරයට පත්කරවන එන්නතක් හදුන්වාදීමට බි්‍රතාන්‍යයේ මිල්ස් මෙඩිකල් සර්විසස් ආයතනය සමත්ව තිබේ.

ජලයෙහි දියවන, ශාක සාර වලින් සැදි සංයෝගයක් අඩංගු වන බව පැවසෙන මෙම එන්නතෙන් සිදුවනුයේ මේදය රුධිරයේ දිය කරවීම බව සදහන්ය.අනතුරුව වකුගඩු වලදී රුධිරය පෙරෙන විට එහි දියවී ඇති මේදය මුත්‍රා සමග සිරුරෙන් බැහැර වන බව නිර්මාපකයින් කියයි.

මෙම එන්නත සිරුරේ උදරය, කම්මුල්, කළවා, තට්ටම් ආදී ඕනෑම ස්ථානයකට එන්නත් කළ හැකියැයි සදහන්ය.

නිර්මාපකයින්ට අනුව තවදුරටත් තරබාරු බව අඩු කිරීමට දහඩිය වගුරුවාගෙන ව්‍යායාමයන්හි යෙදීම අවශ්‍ය නොවේ.

කෙසේනමුත් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් අතර නම් මෙම එන්නත ගැන එතරම් පැහැදීමක් නොමැත.

ඔවුන් පවසනුයේ රුධිරයේ මේදය දියකරවීම භයානක විය හැකි බවයි.එය සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම සීඝ්‍රලෙස ඉහළ යෑමට හේතුවක් වනු ඇතැයිද එය පසුව වෙනත් රෝගාබාධ ඇතිකරවනු ඇතැයිද ඔවුන් කියයි.

මෙයට පිළිතුරු දී ඇති මිල්ස් ආයතනය පවසා ඇත්තේ මේදය දිය කර හැරියද නිසි ආහාර රටාවක් අනුගමනය කිරීම හා ප්‍රමාණවත් තරම් ව්‍යායාමයන්ගේ යෙදීම එන්නත ලබා ගන්නා පුද්ගලයා කළ යුතුම වන්නක් බවයි.මෙම එන්නත නිපදවූයේ වැඩ පහසු කර දීමට මිස ලෙඩ වැඩිකර දීමට නොවන බව එම ආයතනය කියයි.

 



අදහස් (0)

තරබාරුව සුළුදිය සමග එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 519 2

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 121 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 686 1

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 516 2

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 2294 1

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 117 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1549 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site