IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


තායිලන්තයේ බෝම්බ පිපිරී 13 ක් මරුට:

දකුණු තායිලන්තයේ ඊයේ (1) උදෑසන කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර 13 දෙනක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 533 කි. බෝම්බ පුපුරා ගියේ දකුණු තායිලන්තයේ මැලේසියාවට සහ සිංගප්පූරුවට මායිම් වූ සොංග්මාලා ප‍්‍රාන්තයේ හට්යායි සහ යාලා යන නගරවලය. හට්යායි යනු දකුණු තායිලන්තයේ විශාලතම නගරයයි. එය සංචාරක පුරවරක් ද වෙයි. පළමු කාර් බෝම්බය පුපුරා ගියේ යාලා නගරයේය. ඊට මිනිත්තු කිහිපයකින් දෙවැනි කාර් බෝම්බයත් ඒ අසලම ස්ථානයකදී පුපුරා ගොස් ඇත. එම බෝම්බ ප‍්‍රහාරවලට 10 දෙනෙක් බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 117 කි. තුවාලකරුවන්ගෙන් 29 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. තෙවැනි බෝම්බය පුපුරා ගියේ සංචාරකයන් බහුලව ගැවසෙන ‘ලී ග‍්‍රෑන්ඞ්ස් ප්ලාසා’ හෝටලයේ රථගාලේය. බෝම්බය අටවා තිබුණේ රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක යැයි පොලිසිය පවසයි. එයින් පුද්ගලයෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ අතර මැලේසියා ජාතික සංචාරකයෙක් ද සිටියි. කාර් බෝම්බය පුපුරා යෑමත් සමඟ හෝටලයේ බිමි මහලේ පිහිටි රථගාලේ ගින්නක් හට ගත් අතර එයින් නැගුණු දුම හෝටලය පුරා පැතිර තිබිණි. දුම් ආඝ‍්‍රාණ වීමෙන් සහ බෝම්බ ප‍්‍රහාරයට හසුවී තුවාල ලැබීමෙන් රෝහල් ගත කළ පිරිස 416 ක් යැයි පොලිසිය පවසයි. ඔවුන්ගෙන් 140 දෙනකු මේ වනවිටත් රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටින බව ද වාර්තාවේ. දකුණුදිග තායිලන්තයේ දේශසීමා ආසන්නයේ කි‍්‍රයාත්මක බෙදුම්වාදී සටන්කාමීන්, බෝම්බ ප‍්‍රහාරවල වගකීම බාරගෙන ඇතැයි තායිලන්ත රජය පවසයි. බෙදුම්වාදී සටන්කාමීන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ 2004 වසරේ සිටය. බෝම්බ ප‍්‍රහාරවලින් තුවාලකරුවන්ගේ සුවදුක් බැලීමට හට්යායි රෝහලට ගිය තායිලන්ත හිටපු අගමැති අභිසිත් වෙජ්ජජීවාට (වමේ) බරපතළ තුවාල ලැබූ මසක් වයසැති කුඩා බිලිඳකු ද දකින්න ලැබුණි.  බිලිඳා අසලට වී කඳුළු පුරවාගෙන සිටි  බිලිඳාගේ මවත් පියාත් හමුවී කතාබහ කිරීමට ද හිටපු අගමැතිවරයා අමතක නොකළේය.



අදහස් (0)

තායිලන්තයේ බෝම්බ පිපිරී 13 ක් මරුට:

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 96 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site