දකුණු ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරයක වැඩ කටයුතු ඇරඹීම සම්බන්ධයෙන් විරෝධතාව පළකරමින් උද්ඝෝෂණවල නිරත දෙසීයකට අධික කි‍්‍රයාකාරීන් පිරිසක් පොලිසිය විසින් පෙරේදා(20) අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වේ.
න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු ඇරඹීමට සැරසුණ මොහොතේ ප‍්‍රදේශවාසී ජනතාවගෙන් සහ න්‍යෂ්ටික විරෝධී කි‍්‍රයාකාරීන්ගෙන් එල්ලවූ බලවත් විරෝධය හමුවේ එහි කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ කාසිනාත් බලාජි සඳහන් කළේය.
ඉන්දියාවේ නිවාස මිලියන විස්සකට විදුලි බලය ලබාදීමේ අරමුණින් ඉදි කෙරුණු කුන්ඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය තමිල්නාඩුවේ කූඩන්කුලම් පළාතේ පිහිටා ඇත. බලාගාරයේ වැඩ කටයුතු කඩිනමින් නිම කිරීමට අවැසි පියවර ගන්නා බවට තමිල්නාඩු මහඇමැති ජයලලිතා ඉකුත් දා ප‍්‍රකාශ කළේය. ඊට අමතරව විදුලි බලාගාරය පිළිබඳව බිය ඇති කර ගත යුතු නැති බවත් ඒ අවට යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන සියයක් වැය කරන බවත් මහ ඇමැතිවරිය වැඩි දුරටත් කියා සිටියේය.
බලාගාරයේ වැඩ කටයුතු අරඹා කිසිදු ප‍්‍රමාදයකින් තොරව වැඩකටයුතු සිදු කළහොත් රටේ බලශක්ති අර්බුදයට අස්වැසිල්ලක් වනු ඇති අතර එය අගමැති මන්මොහන් සිං අත් කර ගන්නා විශාල ජයග‍්‍රහණයක් වනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.
ඉකුත් වසරේ ජපානයට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා බලාගාරයේ මතු වූ න්‍යෂ්ටික විකිරණ කාන්දුව ලෝකයේ න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරන්නන් හට ඒ පිළිබඳ දෙවරක් සිතන්නට ඉඩ කඩ විවර කළේය. මෙම තත්ත්වයද ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මතු වූ විරෝධතාවට හේතු විය.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාරයට ප‍්‍රදේශවාසීන්ගෙන් විරෝධතා