IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තමිල්නාඩු ප‍්‍රාන්ත සභාවේ ගාලගෝට්ටියක්

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්ත සභාව පෙරේදා (1) රැස්වූ අවස්ථාවේදී මහ ඇමැතිනී ජයරාම් ජයලලිතා සහ  ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂ නායක විජයකාන්ත් අතරේ බහින් බස් වීමක් සිදුවී එය පසුව ගාලගෝට්ටියක් බවට පත්විය. එම බහින් බස් වීමට හේතු වූයේ ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂ නායක විජයකාන්ත්, මහ ඇමැතිනී ජයලලිතාගේ රජයට එරෙහිව කළ චෝදනාවක් හේතුවෙනි. විජයකාන්ත් චෝදනා කළේ මැතිවරණයෙන් පසු ජයලලිතාගේ රජය ප‍්‍රාන්තයේ කිරි මිලත් විදුලි බිලත් නැංවීමට පියවර ගත් බවටය.  එම චෝදනාවලට ප‍්‍රතිචාර දක්වමින් ජයලලිතා කියා සිටියේ විදුලි ගාස්තු වැඩි කරන ලද්දේ රජය විසින් නොව තමිල්නාඩු විදුලිබල කොමිසම විසින් බවය. ඉන්පසු ජයලලිතා කියා සිටියේ 2010 ප‍්‍රාන්ත සභා මැතිවරණයේදී ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂය සමඟ සන්ධානගත වීම තමා කළ මෝඩ කි‍්‍රයාවක් බවත් තමා ඒ ගැන පසුතැවෙන බවත්ය. මහ ඇමැතිනියගේ එම ප‍්‍රකාශයත් සමඟ ප‍්‍රාන්ත සභාවේ ගාලගෝට්ටියක්  ගට ගැණුනි. 2010 වසරේ පැවැති තමිල්නාඩු ප‍්‍රාන්ත සභා මැතිවරණයේදී ජයලලිතා සහ ඇයගේ ‘අන්නා මුනේත‍්‍ර ද්‍රවිඩ කලගම්’ පක්ෂය, ඡුන්ද සටනට එක් වුණේ ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂ නායක විජයකාන්ත් සමඟ සන්ධානගත වෙමිනි. එහෙත් වසරකට පසු ‘ඞී.එම්.ඞී.කේ.’ පක්ෂය, ‘අන්නා මුනේත‍්‍ර ද්‍රවිඩ කලගම්’ පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයට එක් විය. මහ ඇමැතියගේ එම ප‍්‍රකාශයට විරෝධය පළ කරමින් විජයකාන්ත් සහ ‘ඞී.එම්.ඞී.කේ.’ මන්තී‍්‍රවරුන් කලහකාරීව හැසිරෙන්න වූ අතර එයින් ප‍්‍රාන්ත සභාවේ කටයුතුවලට බාධා එල්ල විය.



අදහස් (0)

තමිල්නාඩු ප‍්‍රාන්ත සභාවේ ගාලගෝට්ටියක්

ඉලංකා Monday, 06 February 2012 02:05 AM

එක වල්ලෙ පොල්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site