දකුණු ඉන්දියාවට බලපෑ ‘තේන්’ සුළි කුණාටුවෙන් ප‍්‍රංශ ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් 42 දෙනකු පසුගිය සිකුරාදා (30) වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව තමිල්නාඩු මහ ඇමති ජේ. ජයලලිතාගේ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තමිල්නාඩු ප‍්‍රාන්තයේ කුඩාලෝර් වෙරළ සහ පොන්ඩිචරි අතර පිහිටි වෙරළ කලාපය හරහා පැයට කිලෝමීටර් 140ක වේගයෙන් සුළි සුළඟ පැයක් පුරා හමා ගියේය. දරුණු ලෙස සුළි කුණාටුවෙන් බැට කෑ තමිල්නාඩුවේ පිහිටි කුඩාලෝර් දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් 26 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. සුළි කුණාටුව බලපෑ ප‍්‍රදේශවල බොහෝ මරණ සිදු වී ඇත්තේ විදුලිය වැදීමෙන් සහ තාප්ප කඩා වැටීමෙනි. තමිල්නාඩුවේ වෙරළබඩ දිස්ත‍්‍රික්ක හතරක වගා බිම් අක්කර සිය ගණනක් සුළි කුණාටුවෙන් විනාශයට පත්ව ඇති අතර ධීවර බෝට්ටු 70කට ද හානි සිදු වී තිබේ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd