IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තත්පර හතරෙන් මයිල 60ක පිම්මක්

කෝවිද ගුණසේකර

බිහිසුණු පෙනුමැති විශාල ප්‍රමාණයේ යතුරුපැදි නිපදවීම සම්බන්ධයෙන් නමක් දිනා සිටින ඇමරිකාවේ ‘හාර්ලි ඩේවිඩ්සන්‘ යතුරු පැදි නිෂ්පාදන සමාගම ‘හරිත‘ තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කර ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ලොව මෙතෙක් නොදුටූ විරූ යතුරුපැදියක් එළි දැක්වීමට ඔවුන් කටයුතු කර තිබේ.

‘හාර්ලි ඩේවිඩ්සන්‘ වංශයටම ගැලපෙන හැඩ තිබුණද මෙම යතුරු පැදිය පෙර මෙන් අති විශාල අභ්‍යන්තර දහන එන්ජිමකින් නොව විදුලි මෝටරයකිනි.

‘ලයිව් වයර්‘ නම් වන මේ යතුරු පැදියට තත්පර 4 කදී පැයට සැතපුම් 60 ක වේගයක් අත්කර ගත හැකියැයි සදහන්ය.යතුරු පැදියේ ඇති විදුලි කෝෂ වරක් ආරෝපණය කළ පසු සැතපුම් 130 දුර ප්‍රමාණයක් ගමන් කිරීමට හැකියාව ඇතැයිද නිෂ්පාදකයෝ කියති. විදුලි කෝෂ යළිත් ආරෝපණය කිරීමට වැය වන්නේ පැය භාගයත් - පැයත් අතර කාලයකැයි සදහන්ය.

මෙම නව තාක්ෂණය හාර්ලි ඩේවිඩ්සන් සමාගමේ ප්‍රතිරූපය හා නොගැලපෙන්නක් යැයිද සමාගමේ කඩාවැටීමට මෙය හේතුවක් වනු ඇතැයිද ඇතැම්හු කියති.

නමුත් විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ ඉන්ධන ‘කන‘ අති විශාල යතුරුපැදි තැනීමේ නමක් දිනා සිටින හාර්ලි ඩේවිඩ්සන් වැනි සමාගමක් ‘හරිත‘ තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කර තිබීම යනු හොද ප්‍රවණතාවක් බවයි.ඔවුන් අනුව යමින් තවත් සමාගම් හරිත තාක්ෂණය යොදාගැනීමට කටයුතු කරනු ඇතැයිද සියලූදෙනාගේ එකතුවෙන් හරිත තාක්ෂණයේ ඇති දුර්වලතා ජයගෙන වඩා හොද නිශ්පාදනයන් වෙළදපොලය නිකුත් කිරීමට අනාගතයේදී හැකිවනු ඇතැයිද ඔවුහු කියති.



අදහස් (0)

තත්පර හතරෙන් මයිල 60ක පිම්මක්

එමිල් Thursday, 26 June 2014 11:09 PM

ලංකාවටත් එයිද මේවා? (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 26 June 2014 04:07 PM

ඇමරිකාවේ නිෂ්පාදනය කරන වාහන මෝටර් බයිසිකල් ඉතා ලොකුවට සේදුවට ලෝකයේ බහුලවම පරිසරය දුෂණය කිරීම වන්නේ එම නිෂ්පාදන වලින් . ඔවුන් පරිසර දුෂණය ගෙන තෙකිමක් කරන්නේනැහැ . වෙළදාම පමණක් සිතන නිසා . එහෙත් යුරෝපයේ සහ ජපානයේ නිෂ්පාදිත මෝටර් වාහන සහ මෝටර් සයිකල් පරිසර දුෂණය ඉතාම අවම කර නිෂ්පාදනය කරන්නේ . එනිසා යුරෝපයේ බහුලව පාවිච්චි කරන්නේ යුරෝපෙයේම නිෂ්පාදිත හෝ ජපානයේ නිෂ්පාදිත වාහන මෝටර් සයිකල් . (දී)

:       0       0

නිලන්ත Tuesday, 24 June 2014 10:20 PM

ඉතාමත් හොද වැඩක් (ස)

:       0       0

සමන්ති Friday, 27 June 2014 06:39 AM

ඉස්සරත් ලංකාවේ තිබුනා මේ වගේ යතුරුපැදි වර්ගයක් (නි)

:       0       0

ගයාන් Wednesday, 25 June 2014 06:43 AM

ලංකාවේ මුදලින් රුපියල් කෝටියක්වත් වේවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site