කෝවිද ගුණසේකර
බිහිසුණු පෙනුමැති විශාල ප්‍රමාණයේ යතුරුපැදි නිපදවීම සම්බන්ධයෙන් නමක් දිනා සිටින ඇමරිකාවේ ‘හාර්ලි ඩේවිඩ්සන්‘ යතුරු පැදි නිෂ්පාදන සමාගම ‘හරිත‘ තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කර ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ලොව මෙතෙක් නොදුටූ විරූ යතුරුපැදියක් එළි දැක්වීමට ඔවුන් කටයුතු කර තිබේ.
‘හාර්ලි ඩේවිඩ්සන්‘ වංශයටම ගැලපෙන හැඩ තිබුණද මෙම යතුරු පැදිය පෙර මෙන් අති විශාල අභ්‍යන්තර දහන එන්ජිමකින් නොව විදුලි මෝටරයකිනි.
‘ලයිව් වයර්‘ නම් වන මේ යතුරු පැදියට තත්පර 4 කදී පැයට සැතපුම් 60 ක වේගයක් අත්කර ගත හැකියැයි සදහන්ය.යතුරු පැදියේ ඇති විදුලි කෝෂ වරක් ආරෝපණය කළ පසු සැතපුම් 130 දුර ප්‍රමාණයක් ගමන් කිරීමට හැකියාව ඇතැයිද නිෂ්පාදකයෝ කියති. විදුලි කෝෂ යළිත් ආරෝපණය කිරීමට වැය වන්නේ පැය භාගයත් - පැයත් අතර කාලයකැයි සදහන්ය.
මෙම නව තාක්ෂණය හාර්ලි ඩේවිඩ්සන් සමාගමේ ප්‍රතිරූපය හා නොගැලපෙන්නක් යැයිද සමාගමේ කඩාවැටීමට මෙය හේතුවක් වනු ඇතැයිද ඇතැම්හු කියති.
නමුත් විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ ඉන්ධන ‘කන‘ අති විශාල යතුරුපැදි තැනීමේ නමක් දිනා සිටින හාර්ලි ඩේවිඩ්සන් වැනි සමාගමක් ‘හරිත‘ තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කර තිබීම යනු හොද ප්‍රවණතාවක් බවයි.ඔවුන් අනුව යමින් තවත් සමාගම් හරිත තාක්ෂණය යොදාගැනීමට කටයුතු කරනු ඇතැයිද සියලූදෙනාගේ එකතුවෙන් හරිත තාක්ෂණයේ ඇති දුර්වලතා ජයගෙන වඩා හොද නිශ්පාදනයන් වෙළදපොලය නිකුත් කිරීමට අනාගතයේදී හැකිවනු ඇතැයිද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවටත් එයිද මේවා? (නි)
ඇමරිකාවේ නිෂ්පාදනය කරන වාහන මෝටර් බයිසිකල් ඉතා ලොකුවට සේදුවට ලෝකයේ බහුලවම පරිසරය දුෂණය කිරීම වන්නේ එම නිෂ්පාදන වලින් . ඔවුන් පරිසර දුෂණය ගෙන තෙකිමක් කරන්නේනැහැ . වෙළදාම පමණක් සිතන නිසා . එහෙත් යුරෝපයේ සහ ජපානයේ නිෂ්පාදිත මෝටර් වාහන සහ මෝටර් සයිකල් පරිසර දුෂණය ඉතාම අවම කර නිෂ්පාදනය කරන්නේ . එනිසා යුරෝපයේ බහුලව පාවිච්චි කරන්නේ යුරෝපෙයේම නිෂ්පාදිත හෝ ජපානයේ නිෂ්පාදිත වාහන මෝටර් සයිකල් . (දී)
ඉතාමත් හොද වැඩක් (ස)
ඉස්සරත් ලංකාවේ තිබුනා මේ වගේ යතුරුපැදි වර්ගයක් (නි)
ලංකාවේ මුදලින් රුපියල් කෝටියක්වත් වේවි (නි)