12 හැවිරිදි පිරිමි දරුවකු අපෙයෝජනය කළායැයි පාසල් ගුරුවරියක අවුරුදු 38 ක සිර දඩුවම් දීමට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප‍්‍රාන්ත උසාවිය නියෝග කළේය.

එතිල් ඇන්ඩර්සන් (31)නැමැති භාෂා කලා ගුරුවරියක් වන ඇය 6 හැවිරිදි දරුවකුගේ මවකි. එපමණක් නොව ඇය ‘වසරේ හොඳම ගුරුවරිය’ ලෙස සම්මානද ලබා සිටියාය.

ඇය මෙලෙස සිදු කර ඇත්තේ අමතර පන්ති සඳහා දරුවා තම නිවසට ගෙන්වා ගනිමිනි. දරුවාගේ වෙනසක් හා ඔහු ගුරුවරිය සමග ඇති කිට්ටු සබඳතාව ගැන සැක සිතූ ඔහුගේ මව ඔවුන් කතා කරන දෑ හොර රහසේ තැටිගත කළේය. පසුව ඇය පොලිසියට පැමිණිලි කළ ඇය එතිල් වාචිකව පැවසූ දේත් උසාවියට ඉදිරිපත් කළේය.

තමා ඇගේ පෙම්වතා බවත් ආදරේ කරන බවත් ගුරුවරිය පැවසා ඇය කළ දේවල් 12 හැවිරිදි දරුවා උසාවියේදී පැවසීය.

චෝදනාව පිළිගත් ඇය එසේ හැසිරුණේ ඉතා දඩබ්බර හා කරදරකාරී සිසුවකු වන ඔහු පාඩම සදහා පොළඹවා ගැනීමට බවත් අඩමින් පැවසූහ.