ඩුබායිහි රූප සුන්දරිය තේරීමේ තරගය සඳහා විශාල තරගකාරියෝ රැසක් එක්සත් අරාබි එමීර් රාජයයේ ලිවා නගරයට එක් රැස් වී ඇති බව වාර්තා වේ. තරගයෙහි තේමාවෙන් කාන්තාවන් මුල් වුවත් මෙහි විශේෂත්වය වන්නේ මෙම තරගය සම්පූර්ණයෙන් කාන්තාවන්ට තහනම් තරගයකි.
තරගකාරිනියන් සියල්ල ඔටු දෙන්නුය. මෙහි අරමුණ කාන්තාවන්ට වඩා ඔටුවන් ලස්සන බව පෙන්වීම බව පැවසේ.
අයිතිකරුවන් දෙනුන්ගෙන් කිරි දොවා පෙන්වීමෙන් අනතුරුව ඔටු දෙනුන් දිවීමේ තරගයකට සහභාගි විය යුතුය.
තරගාවලියෙන් ජය ගන්නා ඔටු දෙනුන් සඳහා තොල් සැකසීම, කෘතිම ඇස් පිහාටු සහිතව රූපලාවන්‍ය සත්කාරයක් නොමිලේ ලබා දෙන අතර පවුම් මිලියන 2 ක මුදලක් පිරිනැමේ.
ඔටු දෙනුන් අයිතිකරුවන් දහස් ගණනක් තම ඔටුවන් සමග මාස ගණනක් සිට කාන්තාර පසු කරමින් මෙම ප‍්‍රදේශය කරා පැමිණෙති. එපමණක් නොව දහස් ගණනක් වියදම් කර ලස්සන ඔටු දෙනුන් මිළඳී ගෙන දින ගණනක් ගමන් කිරීමට අකමැති පොහොසතුන් තම සතුන් මෙහි ගෙන ඒමට හෙලිකොප්ටර් පවා කුලියට ගන්නේ කෙසේ හෝ තරගය ජය ගන්නා අරමුණෙනි.
‘කාන්තාවන්ට වඩා ඔටු දෙනුන් ලස්සන’ බව පෙන්වීමේ අරමුණින් මෙම තරගාවලිය පවත්වන බවත් ඔවුන්ට සමාන ලස්සනක් ඇති වෙනත් කිසිදු ජීවීයෙක් මේ මිහිමඬලේ නොමැති බව ඔවුන් අදහස් කරන බවත් තරගාවලියට සහභාගි වූ ඔටු දෙනුන් හිමිකරුවන්ගේ අදහසයි.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩුබායි රූ රැජින තරගය ගැහැණුන්ට තහනම්
ජයලාල් Wednesday, 05 March 2014 06:10 PM
ඔන්න මොලේත(නදී)
චින්තක Wednesday, 05 March 2014 06:24 PM
කාන්තාවන්ට වඩා ඔටු දෙනුන් ලස්සන නම් පිරිමින්ට වඩා ඔටු නාම්බෝ ලස්සන ද ? අපි නම් ඔය පැත්තේ අයට කියන්නේ ඔටුවෝ කියලම තමයි. මේකත් නියම ඔටු වැඩක්.(නදී)
බණ්ඩාර කුවේට් Thursday, 06 March 2014 09:54 AM
මෙන්න අරාබියේ කාන්තාවන්ට හිමිවෙන තැන (අ)
ජයතිලක Thursday, 06 March 2014 11:31 AM
ඔටු අයිති කාරයෝ කියන විදියට ඔටුවෝ, ඔයතරම්ම ලස්සනද කියලා මම නම් දන්නේ නැහැ.හැබැයි දත් ටිකනම් ගන්නම දෙයක් නැහැ. (නදී)
නිරාන් Wednesday, 05 March 2014 11:16 AM
ඔටුවොම තමයි.(නදී)
ලංකාසිරි Wednesday, 05 March 2014 03:13 PM
ඔව් ඉතින් ගොන් හරක්ට ඔටුවෝ ලස්සනට තමයි පේන්නේ.(නදී)
නාලක Wednesday, 05 March 2014 03:18 PM
" තරගකාරිනියන් සියල්ල ඔටු දෙන්නුය. මෙහි අරමුණ කාන්තාවන්ට වඩා ඔටුවන් ලස්සන බව පෙන්වීම බව පැවසේ." අන්න වැඩේ (දී)