සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් විසින් රඳවා ගනු ලැබ සිටි ප‍්‍රාණඇපකරුවන් 16 දෙනකු බේරා ගැනීමට ඩෙන්මාර්ක නාවික හමුදාව සමත්වී ඇති අතර එම ප‍්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර සිදුවූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇබ්සලන් නමැති ඩෙන්මාර්ක් යුද නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට අයත් ප‍්‍රධාන නෞකාවක් ඉලක්ක කරගෙන මෙම මුදාගැනීමේ මෙහෙයුම දියත් කර ඇති බව වාර්තා වේ. බේරා ගනු ලැබූ සහ ජීවිතක්ෂයට පත්වූ ප‍්‍රාණඇපකරුවන් කුමන ජාතිකයන්දැයි මෙතෙක් හෙළි වී නොමැති බව ඩෙන්මාර්ක් නාවික හමුදාව පවසයි. ඩෙන්මාර්ක් යුද නෞකාව දින ගණනක් තිස්සේ කොල්ලකරුවන්ට අයත් නෞකාව ලූහුබැඳ ගොස් ඇති අතර අවසානයේදී ඔවුන් කොටුකර ගැනීමට හැකි වූ බව ඩෙන්මාර්ක් නාවික හමුදාව වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd