IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩෙන්මාර්ක් නාවික හමුදාව ප‍්‍රාණඇපකරුවන් මුදා ගනී

සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් විසින් රඳවා ගනු ලැබ සිටි ප‍්‍රාණඇපකරුවන් 16 දෙනකු බේරා ගැනීමට ඩෙන්මාර්ක නාවික හමුදාව සමත්වී ඇති අතර එම ප‍්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුර සිදුවූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇබ්සලන් නමැති ඩෙන්මාර්ක් යුද නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට අයත් ප‍්‍රධාන නෞකාවක් ඉලක්ක කරගෙන මෙම මුදාගැනීමේ මෙහෙයුම දියත් කර ඇති බව වාර්තා වේ. බේරා ගනු ලැබූ සහ ජීවිතක්ෂයට පත්වූ ප‍්‍රාණඇපකරුවන් කුමන ජාතිකයන්දැයි මෙතෙක් හෙළි වී නොමැති බව ඩෙන්මාර්ක් නාවික හමුදාව පවසයි. ඩෙන්මාර්ක් යුද නෞකාව දින ගණනක් තිස්සේ  කොල්ලකරුවන්ට අයත් නෞකාව ලූහුබැඳ ගොස් ඇති අතර අවසානයේදී ඔවුන් කොටුකර ගැනීමට හැකි වූ බව ඩෙන්මාර්ක් නාවික හමුදාව වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.



අදහස් (0)

ඩෙන්මාර්ක් නාවික හමුදාව ප‍්‍රාණඇපකරුවන් මුදා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site