
ඉරානය සමඟ ගැටුම් අවසන් කිරීමට, ඉරානය සමග කිසිදු ගිවිසුමකට එළඹීම අනිවාර්ය නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එමෙන්ම, සති දෙකක් හෝ තුනක් වැනි කෙටි කාලයක් තුළ ඉරානය සමඟ ආරම්භ කළ යුද්ධය අවසන් කරන බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් හටගත් අර්බුදය ගැන අදහස් දක්වමින් ට්‍රම්ප් පැහැදිලි කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතයට ගන්නා බටහිර යුරෝපා රටවල් ඒ ගැන ඉරානය සමඟ එකඟතාවක් ඇති කර ගන්නා ලෙසය.
මේ අතර, ට්‍රම්ප්ගේ මෙම අදහසට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd