
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඩොලර් මිලියන 400 ක වියදමින් ධවල මන්දිරයේ උත්සව ශාලාවක් ඉදිකිරීමට කර තිබූ සැලැස්ම, නතර කරන ලෙස එරට ෆෙඩරල් අභියාචනාධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ.
ඊට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2 ට 1 ක බහුතර කැමැත්ත අනුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ යැයි ද පැවැසෙයි. මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියට කොංග්රස් අනුමැතිය අවශ්‍ය බව අභියාචනාධිකරණය පෙන්වා දී ඇත.
කොංග්රස් අනුමැතියකින් තොරව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉඩ දීම සඳහා ධවල මන්දිරයේ නැගෙනහිර කොටස කඩා දැමීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ නඩුවකදී මීට පෙර ලබා දී තිබූ තාවකාලික තහනම් නියෝගයක් ද අධිකරණය විසින් තහවුරු කරනු ලැබුණි.
ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd