IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස්

ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා ගත්තේය. 

රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය විස්කොන්සින් ජනපදයේ, මිල්වෝකී නුවරදී පැවැත්වුණු අතර, ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂයා ලෙස ට්‍රම්ප් නිල වශයෙන් පිළිගැනීම එහිදී සිදුවිය. ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස ජේ.ඩී. වැන්ස් තෝරා ගත්තේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. ඒ අනුව, නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරදවා ට්‍රම්ප් ජනාධිති ධුරයට පත්වුවහොත්, උප ජනාධිපතිවරයා වනු ඇත්තේ ජේ.ඩී. වැන්ස්ය.

39 හැවිරිදි ජේ.ඩී. වැන්ස්, ඇමෙරිකානුවන් අතරේ කීර්තියට පත් වූයේ 2016 වසරේදීය. ඒ, වැන්ස්, ඔුහගේ මතක සටහන් එකන් කරමින්, ට්‍රම්ප් වර්ණනා කර ‘හිල්බිලි එලෙජ්’ නමැති කෘත්‍රිය එළිදැක්වීමෙනි.

වැන්ස් ඇමෙරිකන් සෙනෙට් සභිකයකු ලෙස තේරී පත් වූයේ 2022 වසරේදීය. ට්‍රම්ප්ගේ ‘ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨ තැනක් කරමු’ සංකල්පයට කැපී පෙනෙන ලෙස දායක වූ තැනැත්තකු වන්නේ ද වැන්ස්ය. එසේ වුවත්, මෙවර ජනාධිපතිවරණයේ උප ජනාපධිති අපේක්ෂකයා ලෙස ට්‍රම්ප්, වැන්ස් තෝරා ගනීවි යැයි බොහෝ දෙනකු අපේක්ෂා නොකළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස වැන්ස් තෝරා ගැනීම සම්බන්ධයෙන්, ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟවදින වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පාර්ශ්වය කනස්සල්ල සහ අප්‍රසාදය පළ කර ඇත. ඒ, වැන්ස් දැඩි දක්ෂිණංශික අදහස් ඇති දැඩි අන්තවාදියකු බව පෙන්වා දෙමිනි. 



අදහස් (2)

ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස්

Dayasena Tuesday, 16 July 2024 06:04 AM

ට්‍රම්ප්ට වරින්වර ලංකාවට එන මොළ හතා දෙවැනියා හැටියට ගත්තා නම් ඉහළම ජයග්‍රහණය ගන්න තිබුනා. දැන් නම් ශුවර් නැහැ

:       5       9

Lalla Tuesday, 16 July 2024 07:45 AM

තරුණ ජවය පිළිබඳව තැබූ විශ්වාසය... අපේ මහලු නිවාස දේශපාලක ඇත්තන්ට ආදර්ශයක් විය යුතුයි.....

:       5       10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17880 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10692 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 154 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 49 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site