IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ට්‍රම්ප්-බයිඩන් හමුවෙති

ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුව ධවල මන්දිරයේ දී පැවැත්විණි.

නව ජනාධිපතිවරයාට ඉඩ දී, ධුරය අවසන් කරන ජනාධිපතිවරයාගේ සමුගැනීම සනිටුහන් කිරීම, ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායයි. ජනාධිපති බයිඩන්, ජනාධිපති ධුරයට තේරී පත් වුණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට ඇරැයුම් කළේ ඒ අනුවය.

මෙම 2024 ඇමෙරිකන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් අතරේය. දෙදෙනා අතරේ පැවැති සජීවී රූපවාහිහිනී විවාදයේ දී 81 හැවිරිදි බයිඩන්ට ඔහුගේ වයස හරස් විය. 

වචන පැටැලී අසරණ වෙද්දී, ට්‍රම්ප් විවාදය ජයග්‍රහණය කළේය. ඒ අනුව, ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස බයිඩන්, සිය දෙවැනියා මෙන්ම වත්මන් උප ජනාධිපතිනිය ද වන කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේය. අවසන් සටන ට්‍රම්ප් සහ හැරිස් අතරේ පැවැතියේ ඉන් අනතුරුවය.

මැතිවරණ රැලිවලදී එකිනෙකාට අපහාස කරගත්, චෝදනා කරගත් සහ පරිභව කරගත් ප්‍රතිවාදීන් වූ බයිඩන් සහ ට්‍රම්ප්, ධවල මන්දිරයේ දී එකිනෙකා හමුවූයේ සුහදව සිනාවෙමින් අතට අත දෙමිනි. ඇතැම් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ එය කැමරාවට පෙනෙන ලෙස කළ බොරු රඟපෑමක් බවය. දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී ද මාධ්‍යවේදීහු කණ්ඩායමක් ධවල මන්දිරයේ රැස්ව සිටියහ.

සාමකාමීව බලහුවමාරුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් බයිඩන් සහ ට්‍රම්ප් සාකච්ඡා කළ අතර, සාමකාමීව එම කටයුතු අවශ්‍ය පරිදි කර දෙන බව බයිඩන් ට්‍රම්ප්ට පැහැදිලි කළේය. ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් බයිඩන්ට ස්තුති කළේය.

‘යළිත් වරක් ඔබ ධවල මන්දිරයට සාදරයෙන් පිළිගන්නවා’ යැයි බයිඩන් පවසද්දී,තමන් ද සාමකාමී බල හුවමාරුවක් අපේක්ෂා කරනවා යැයි ට්‍රම්ප්, බයිඩන් හමුවේ පෙන්වා දුන්නේය.

කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප් මීට පෙර ජනාධිපති ධුරය හෙබවූයේ 2016 ජනාධිපතිවරණය ජය ගනිමිනි. 2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් පරාජය විය. ඒ, බයිඩන් හමුවේය.

ට්‍රම්ප්, යළිත් වරක් ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ, 2025 ජනවාරි 20 වැනිදාය.



අදහස් (0)

ට්‍රම්ප්-බයිඩන් හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

දකුණු සුඩානයේ බෝම්බ පිපිරී 7 ක් මරුට
2025 මැයි මස 04 38 0

දකුණු සුඩානයේ ප්‍රාන්ත රෝහලකට සහ වෙළෙ‍ඳසැල පෙළකටත් බෝම්බ ප්‍රහාර එල්ල විය. ඒම ප්‍රහාරවලින් හත් දෙනකු මියගිය බවත් 20 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.


ඇමෙරිකාවට භූමිකම්පාවක්
2025 මැයි මස 04 61 0

ඇමෙරිකා එක්සත් ජනපදය භූමිකම්පාවකින් දෙදරා ගියේය. භූමිකම්පාව හටගෙන ඇත්තේ ටෙක්සාස් ජනපදයේ එල්පැසෝ නගරය ආසන්නයේ යැයි මාධ්‍ය වාර්තා කරයි.


මෙක්සිකෝ ජනාධිපති ට්‍රම්ප්ගේ උදවු එපා කියයි
2025 මැයි මස 04 127 0

මෙක්සිකෝවේ අපරාධ කල්ලි මැඩලීමට තමන් හමුදාව එවීමට සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අසල්වැසි මෙක්සිකෝවේ ජනාධිපතිනී ක්ලෝඩියා ෂෙයින්බෝ


ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජය
2025 මැයි මස 04 1013 0

ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවන


කිඹුලන් පිරි වගුරකට වැටුණු පිරිස බේරා ගැනෙයි
2025 මැයි මස 04 2466 0

බොලිවියාවට අයත් ඇමසන් වනාන්තරයේ කිඹුලන් පිරි වගුරයකට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පස් දෙනකු පැය 36 කට පසු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත


කෘත්‍රිම බුද්ධියෙන් ට්‍රම්ප්ට පාප් ධුරය: හතරවටින්ම දොස්
2025 මැයි මස 04 5811 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පාප්වරයකු ලෙස පෙනී සිටින, කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ ඡායාරූපයක් හේතුවෙන් මේ වනවිට ආන්දෝලනයක් නිර්මාණය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 660 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site