IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජීවීන් සිටිය හැකි ග‍්‍රහලොවක් හමුවෙයි

අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටා ඇති ග‍්‍රහලෝකයක ජීවය පැවැතිය හැකි බවට සාක්ෂි තමන්ට ලැබී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (5) අනාවරණය කළේය.නාසා විද්‍යාඥයන් මේ බව ප‍්‍රකාශ කළේ ඔවුන් විසින් අභ්‍යවකාශයේ රඳවනු ලැබූ ‘කෙප්ලර්’ නමැති අති ප‍්‍රබල දුරේක්ෂයෙන් ලබා ගත් ඡුායාරූප සහ දත්ත පාදක කර ගනිමින්ය. ඔවුන් එම ග‍්‍රහලොව නම් කර ඇත්තේ ‘කෙප්ලර් 22බී’ යනුවෙනි.නාසා විද්‍යාඥයන් කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයේ රඳවා තිබෙන්නේ ද අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටා ඇති ග‍්‍රහලෝකවල ජීවීන් සිටිත්දැයි සෙවීමේ අරමුණ ඇතිවය.නාසා ආයතනය අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ ප‍්‍රබල කැමරාවකින් ද සමන්විත කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයේ රැඳවූයේ 2009 වසරේදීය. එය ලබන වසරේ එනම් 2012 වසරේ නොවැම්බර් මාසය තෙක් විශ්වයේ ඈත කෙළවරේ ඇති දත්ත සහ ඡුායාරූප පෘථිවියට එවනු ඇත.‘කෙප්ලර් 22 බී’ ග‍්‍රහලෝකයේ ජීවය පවතින බවට සාක්ෂි විද්‍යාඥයන්ට හමුවී ඇත්තේ ඒ අනුවය.‘කෙප්ලර් 22බී’ පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600 ක් දුරින් යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම ග‍්‍රහලොව ගැන මුලින්ම තාරකා විද්‍යාඥයන්ට තොරතුරු ලැබී ඇත්තේද 2009 වසරේදීය. පෘථිවියට වඩා විශාල වන මෙම ග‍්‍රහලෝකය අපගේ සූර්යයාට වඩා කුඩා තරුවක් වටේ භ‍්‍රමණය වෙයි. ග‍්‍රහලොවේ ජීවය පැවැතීමට අවශ්‍ය සාධක තිබෙන බවත් එය විශ්වයේ පිහිටා ඇත්තේ ජීවය පැවැතිය හැකි කලාපයක බවත් හෙළි කර ගැනීමට හැකි වී ඇත්තේ කෙප්ලර් දුරේක්ෂයේ උදව්වෙනි.



අදහස් (0)

ජීවීන් සිටිය හැකි ග‍්‍රහලොවක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site