සියදිවි නසාගන්නෙමියි තට්ටු ගොඩනැගිල්ලක ජනේලයකින් පැනීමට ගිය පුද්ගලයෙකු වෙත අධි බල ජල පහරක් අල්ලා ඔහු පනින්න තැත් කළ ජනේලයෙන්ම ගොඩනැගිල්ල ඇතුළට තල්ලූ කර දැමිමට චීනයේ ෂැන්ග්ඩොන්ග් ප‍්‍රාන්තයේ කුවින්ගාඩෝ නගරයේ ගිනි නිවීමේ භටයෝ සමත් වූහ.
පැය 2 ක් පමණ ජනෙල් පඩියේ වාඩිවී හුන් මෙම පුද්ගලයා තමන්ගේ බිඳ වැටුණු ආදර සබඳතාද,ආර්ථික ගැටළුද ආදී මෙකී නොකී දෑ සම්බන්ධයෙන් උපන් දුකට අදෝනා නගමින් සිටියේය.මොහු දුටුවෝ වහා ආදාළ අංශ දැනුම්වත් කිරීමට කටයුතු කළහ.
වහා එහි පැමිණි ගිනි නිවීම් භටයෝ ඔහු පැන්නහොත් අල්ලා ගනු පිණිස පහළින් දැලකුදු එලූහ.
පැය 2 ක් ගතවූ තැන ඔහු තවමත් අදෝනා නගමින් සිටිනු රිස්සනු නොහැකිව ඔවුහු අවසානයේ ගිනි නිවීම් රථයේ වූ අධි බල ජල විදිනය ඔහුට එල්ල කර ජල පහරක් විද්දහ.ගොඩනැගිල්ල ඇතුළට විසිවී ගිය ඔහුව පොලිස් නිළධාරීහු තමන්ගේ භාරයට ගත්හ.
දැන් ඔහු සිටින්නේ මානසික රෝහලකය. චීනයේ මෙවන් සියදිවි නසාගන්නෝ හා සියදිවි නසාගැනීමට උත්සාහ කරන්නෝගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ඇත.ඔවුන්ගේ පි‍්‍රයතම ස්ථානයන් වන්නේ උස් ගොඩනැගිලිය.
ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි නසාගන්නෙමැයි කියමින් සිටින පුද්ගලයින් බලා පහළ සිට ඔට්ටු ඇල්ලීමටත් ඇතැම් චීන ජාතිකයෝ පුරුදුව සිටින්නෝය.ඒ ඔහු පනීදැයි නොපනීදැයි කියාය.
සියදිවි නසාගැනීමට උත්සාහ කර අවසානයේ කෙසේහෝ ගිනි නිවීම් භටයින්ගේ හෝ වෙනත් පුද්ගලයින්ගේ පිහිටෙන් දිවි ගලවාගන්වුන්ද ඇත.ඔවුන් බොහෝ දෙනා පවසන්නේ තමන් මෙවැනි දේ රූපවාහිනියේ දකින නිසා එවැන්නක් අත්හදා බැලීමට තැත් කළ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සෝ. (ස)
ලංකාවේ මිනිස්සුත් මේවගේ උපක්‍රම දන්නවා. ප්‍රශ්නය තියෙන්නේ අධි බල ජල පහර අල්ලන ගේන රථයේ ප්‍රමාණවත් ජලය නැති එක .(දී)
ඉසුරන්දි... අපි මිනිස්සු නිසා, ජීවිතයට බලාපොරොත්තු නැතත් අපි අපිට ආදරෙයිනම් ඒ ආදරේ නාමෙන් ජීවත් වෙන්න පුළුවන් නේද? (දී)
ජීවිතය ජිවත් කරවන්නේ බලාපොරොත්තුයි. ඉතින් බලාපොරොත්තු සුන් උනාම ජිවත්වි මොකටද කියල හිතෙන්න ඇති.(නදී)
ඒ උනාට මං දැක්ක අන්තර්ජාලයේ තියෙනවා , තමන් වැරද්දක් කලේ නැහැ කියා ඔප්පු කරන්න ශ්‍රී ලංකා පොලිස් නිලදාරීන් ඉදිරිපිට වස පානය කරපු නිවුස් එකක් අපේ නිලදාරීන් ඔහු වස පානය කරන තුරු බලා ඉදල එයින් ඔහු මිය ගිහින් කොහොමද අපේ අය ගේ වැඩ නේද ...?(දී)
කොහොම වුනත් මේ ප්‍රවෘත්තියේ තියෙන වැඩ වගේ දක්ෂතා තියෙන මිනිස්සු ලංකාවෙත් ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ වතුර විදින රථයක් ගෙනාවොත් ජලය නැති එක. (නදී)
මැරෙන්න ඕන එවුන්ට මැරෙන්න දුන්නනම් හොදයි. පොඩි ප්‍රශ්න වලටත් මැරෙන්න හදන උන් කොහොමහරි ජීවත් වෙන්න දඟලන අයට කරදරයක්. (අ)