IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ජපානයේ භූමිකම්පාවක් : සුනාමි අනතුරක් නෑ

ජපානයේ ඊසාන සහ නැගෙනහිර ප‍්‍රදේශ ඊයේ (01) රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 7.0ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගිය අතර මේ වන විට කිසිවකුටත් අනතුරක් සිදුව නොමැති බවත් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොකළ  බවත් වාර්තා වේ. මධ්‍යම ටෝකියෝව, ෆුකුෂිමා සහ අවට ප‍්‍රදේශ භූකම්පනයේ බලපෑමට ලක්ව ඇත. භූ කම්පනයෙන් අනතුරුව උතුරු ජපානයේ අධිවේගී දුම්රිය ගමන් තාවකාලිකව නවතා දමා ඇති බව ද වාර්තා වේ. දකුණු ජපානයේ ඉසු දුපත්වලට සැතපුම් 217 ඔබ්බෙන් පිහිටි ස්ථානයක භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බව ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙයි. ජපානයට භූ කම්පන ඇති වීම දුලබ තත්ත්වයක් නොවේ. ලොව සිදුවන රික්ටර් පරිමාණය ඒකක 6ට වැඩි භූ කම්පනවලින් සියයට 20ක් සිදු වන්නේ ජපානයේය. මෑත කාලයේ සිදු වූ රික්ටර් මාපක අගය ඒකක 9ක් සටහන් කළ දරුණුතම භූ කම්පනය පසුගිය වසරේ මාර්තු මාසයේ දී ජපානය සසල කළේය.



අදහස් (0)

ජපානයේ භූමිකම්පාවක් : සුනාමි අනතුරක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 182 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 58 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site