
කවුරු මොනවා කීවත්, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්, තමන් කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති 81 හැවිරිදි ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ කටයුතු කරන වයස්ගතම පුද්ගලයා බයිඩන්ය. මෙම වසරේ නෙවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට බයිඩන් ඉදිරිපත් වන්නේ, හිටපු ජනාධිපතිවරයකු වන රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවය.ෙ
පසුගිය දා බයිඩන් සහ ට්‍රම්ප් අතර සජීවී රූපවාහිනී විවාදයක් පැවැත්විණි. ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් සජීවී රූපවාහිනී විවාදයකට සහභාගී වීම ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායයි.
විවාදයේ දී බයිඩන් අපහසුතාවට පත් වුණු අතර, ඔහුට හරිහැටි වචන ගලවා ගැනීමට පවා නොහැකි විය. ඒ, ඔහුගේ වයස හේතුවෙනි. 78 හැවිරිදි ට්‍රම්ප්ට එය වාසියක් වුණු අතර, බයිඩන්ට ‘මඩ ගැසීමට’ ට්‍රම්ප් සමත් විය.
විවාදයෙන් අනතුරුව ඩිමොක්‍රටික් පක්ෂයේ වැඩි දෙනා බයිඩන්ට පැවැසුවේ, වෙන තරුණ අපේක්ෂකයකුට ඉඩ දී, ජනාධිපති සටනින් ඉවත් වන ලෙසය.
බයිඩන් වෙනුවට, ට්‍රම්ප්ට අභියෝග කළ හැකි අපේක්ෂක අපේක්ෂිකාවන් කීප දෙනකු ඩිමොක්‍රටික් පක්ෂයේ සිටින බවත්, බයිඩන් කළ යුත්තේ ජනාධිපතිවරණ සටනින් ඉවත් වීම බවත් ඇමෙරිකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන පෙන්වා දුන්නේය.
‘ඔව්, මම වයසයි. මම ඉස්සර වගේ නැහැ. අදහස් ඔළුවට ගලාගෙන එන්නේ නැහැ තමයි. වචන පැටලෙනවා තමයි. ඒත් ට්‍රම්ප්ට අභියෝගයක් වෙන්න මට තවමත් පුළුවන්. ට්‍රම්ප් කියන්නේ බොරු කාරයෙක්. තමන්ගේ වාසිය ගැන හිතන කෙනෙක්. මම ජනපති සටනින් ඉවත් වෙන්නේ නැහැ’ යැයි බයිඩන් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ හරි එල්ලිලා හිටියේ නැත්නම් මෙයා බීම ඉදන් වැටෙනවා ඒ තරමට කයිකාව දුර්වලයි
බයිඩනුත් ට්‍රම්ට දිනන්න උදව් කරනවා වගේ, හරියට ලංකාවේ සජිත් අනුරට දිනන්න උදව් කරනවා වගේ.
රාජපක්ෂ වරුන්ගෙන් ටියුෂන් අරගෙන වගේ....
මෙහෙත් එහෙම අය ඉන්නවා! මැරෙනකං අතහරින්නේ නෑ. හැරමිට්ටෙන් ගියත් පැරදුනත්, දෙන්නෙක් දෙපැත්තෙන් උස්සං නැත්නම් ගිලං රථයෙන් හරි පාර්ලිමෙන්තුවට යන්න තමයි ඕනකම.
තවත් මහින්ද කෙනෙක් .
නිවන්සුව
හේයි ජනාධිපතිතුමනි, මෙය පැවසීම ගැන කණගාටුයි. නමුත් ට්‍රම්ප් තරඟය ජයග්‍රහණය කරනු ඇති අතර ඔහු එක්සත් ජනපදයට මෙතෙක් සිටි නරකම ජනාධිපතිවරයා විය හැකිය.
ඕක සුළුදෙයක්නේ.. ගෝලයෙකුට කියලා පෙත්සමක් ගහලා ජනාධිපතිවරණේ කල් දමාගන්න. ඊට පස්සේ කැළණි ගගේ නයාගේ ස්ටෝරි එක, වඳ කොත්තු තියරිය වැනි දෙයක් ස්ටඩි කරලා, හඩ්සන් ගඟෙන් හරි, මිසිසිපි ගඟෙන් හරි නයෙක් හරි පිඹුරෙක් හරි මතුකරගෙන, මුස්ලිම් බිල්ලෙක් මවලා ගේමක් ගහමු ... අර 69 ලක්ෂයක් ඡන්දේ ගත්තු පැරැණි ඇමරිකන් කාරයාගෙන් ටියුෂන් අරන් වැඩේ ගොඩ දමමු.