පිරිමින් හා ගැහැණුන් යුගළ වශයෙන් වළදමා තිබූ මිනී වළවල් සමූහයක් සොයාගැනීමට රුසියා පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත.
සයිබීරියාවේ ස්ටාරි ස්ටාර්ටස් නම් ගම්මානයකින් හමුව ඇති මෙම මිනී වළවල් වසර 3500 ක් පමණ පැරණි වේයැයි සදහන්ය.
ඒවායේ පිරිමින් හා ගැහැණුන් වළ දමා තිබී ඇත්තේද ඔවුන් පෙම්වතුන් හෝ සැමියා හා බිරිද ලෙස හඟවන අයුරින් වීම විශේෂය.අත් අල්වාගෙන,එකිනෙකා වැළදගෙන ආදී ඉරියව් දැක්වෙන අයුරින් ඇට සැකිළි සකස් වී තිබුණු බව පුරාවිද්‍යාඥ පිරිස පවසයි.
මෙසේ යුගල වශයෙන් වළදැමිීමට නිශ්චිත හේතුවක් මෙතෙක් ඉදිරිපත් කෙරී නොමැත.පුරාවිද්‍යාඥයන් පවසන්නේ දෙදෙනාම එකටම මියගොස් මෙසේ වළදමන්නට ඇතැයි සිතිය හැකි මුත් මිනිීවළවල් සමූහයක් ඇති හෙයින් එසේ සිතන්නටත් අපහසු බවයි.
සිදුවන්නට ඇතැයි ඉහළ සම්භාවිතාවක් ඇති අවස්ථාව ලෙස ඔවුන් දක්වනුයේ සැමියා පළමුව මියයන්ට ඇති බවයි.අනතුරුව ඔහු හා ‘එහා‘ ලෝකයේදී එකතු වීමේ අරමුණින් බිරිදවද මරණයට කැප කර ඇයව ඔහුත් සමග වළදමන්නට ඇතැයි ඔවුන් මත පල කරයි.
මෙම ඇටසැකිළි වල ඩී.එන්.ඒ පරීක්ෂාවන් සිදුකිරීමට නියමිත අතර එයින් පසු මෙසේ පුද්ගලයින් වළදැමිීම පසුපස ඇති රහස එළි කරගැනීමට හැකි වනු ඇතැයි කැණීම් කටයුතු මෙහෙයවූ පුරාවිද්‍යාඥ පිරිස කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාන්නකෝ පින්තුරු ටිකක් බලන්නත් ආසයි.(නදී)
ඉන්දියාවේ රාජේස්ථාන්වල ඈත පිටිසර පළාත් වල පැවති සති පුජාවට සමාන සිදුවීමක් වගෙයි.(නදී)