පවුම් 53000 ක් (රුපියල් 11713000) ගෙවා මිලදී ගත් ජගුවර් වර්ගයේ සුපිරි මෝටර් රථය නොනවත්වාම ‘‘ලෙඩ‘‘ දීම නිසා අලූත්වැඩියා කරමින් කාලය කා දමනවාට වඩා බූරුවන් එය ඇදගෙන යන ව්‍යාපාරිකයෙක් ඉන්දියාවේ සිටී.
රාහුල් තක්රියම් නම් වන මේ ව්‍යාපාරිකයා තම සිහින මෝටර් රථය වුණු මේ ජගුවර් මෝටර් රිය මිලදී ගෙන ඇත්තේ මෑතකදීය.මිලදී ගත් දිනයේ පටන් ගරාජ ගානේ යනවා විනා තමන් කළ අන් දෙයක් නැතැයි ඔහු කියයි.
‘‘ගෙනල්ලා දවස් කිහිපයකින් විදුලි පහන් වැඩ කරන්නේ නැතිව ගියා.ගිහිල්ලා හදන් ආවා.ආයේ ටික දවසකින් ඉස්සරහා බම්පරය කඩා වැටුණා.ආයේ හදන්න ගියා.ඊළගට පණ ගැන්වෙන්නේ නැතිව ගියා,ඔය විදිහට දවසින් දවසට එක එක ලෙඩ.‘‘ ඔහු පවසයි.
‘‘මගේ පවුලේ අය කියනවා ඕක ගත්තට වඩා හොදයි බූරු කරත්තයක් ගත්තා නම් කියලා.ඉතින් මමත් කල්පනා කළා කාරයෙන් වැඩක් ගන්නත් බැරි එකේ ඒකට බූරුවන් හරි දාලා ඇදගෙන යනවා කියලා‘‘
‘‘ජගුවර් කරත්තය‘‘ ගැන ඇසූ ඉන්දියාවේ ජගුවර් මෝටර් රථ සමාගමේ නියෝජිතයින් ගැටලූව විසදා දීමේ අරමුණින් රාහුල් හා සාකච්ඡා පවතවමින් සිටින්නේයැයි සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් තියෙන්නේ මේ වර්ගයේ එකක් (නි)
මම නම් දන්නා විදිහට තවමත් නිෂ්පාදනය කරන බී.එම්.ඩබ්ලිව්.කාර්වල නම් තත්ත්වය උසස් තත්ත්වයේ තිබෙනවා. ලෙඩ නැතුව පරම්පරාවක් පාවිචිචි කරන්න නම් ජර්මන් කාර් තමා හොඳම. (නි)
මගේ ජගුවාර් එකෙත් ඉලෙක්ත්රොනික් පද්දතිවල හරියට ප්‍රශ්න තියෙනවා. ඉස්සර හොඳ නමක් තිබුනට දැන් ජගුඅර් කාර් වල ඒ ප්‍රමිතිය නැහැ වගේ. (අ)
පින්තුර දාන්නකෝ. (දී)
අපිටත් ඔහොම කරන්න පුලුවන්නම් (නදී)
ඕක වෙලා තියෙන්නේ මම හිතන්නේ ඉන්දියාවේ මක බාස්ල අතගාලා. මේ ඉතාලියේ ඕන තරම් තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික් පද්ධතිවල දෝෂ විය හැක , නමුත් කිසිදිනක ලෙඩ දෙන්නැති වාහනයක් ' වගේම 4 වීල් ජගුවර් කාරය ලෝකයේ තියෙන හොඳම වාහනය විය හැක. (නදී)
"මටත් තියෙන්නේ මේ වර්ගයේ එකක්" මොන වර්ගයේ එකක්ද (දී)
අපේ රටෙත් ඔය මැති ඇමති වරුන්ගේ සුකොපබෝගී වාහන අදින්නේ බොරුවෝ තමයි. (ස)
ජගුවර් අපේ ගෙදර ගහක බැඳලා ඉන්නේ. හැමෝගම ඇඟට කඩා පනින නිසා (නදී)
"අපිටත් ඔහොම කරන්න පුලුවන්නම්" ඔව් ඔව් අරගොල්ලන්ට එන කාර් අදින්නේ අපිනේ (දී)
වැරදි ඉතින් කා අතිනුත් වෙනවානේ. එයාලා හදලා දෙන්න භාරගන්නවා නම් අවස්ථාවක් දීලා බලන්න (නි)
ඉන්දියාවේ ඔහොම සිද්ධි හරියට වාර්තා වෙනවා (නි)
ජගුවර් දැන් හදන්නේ ඉන්දියාවේනේ (නි)
ජගුවර් සමගම දැන් හිමි ප්‍රංසයට(අ)
ඔන්න දැක්කා නේද ඉන්දියාවේ හදන බඩු වල ප්‍රමිතිය? (නි)
2008 සිට ජගුවර් සමාගම ඉන්දියාවේ ටාටා සමාගමට අනුබද්ධිතයි.(අ)
අපොයි! බී.එම්. ඩබලිව් කියන්නේ මට නම් සල්ලි කන වාහනයක්. සෝබනයට නම් හොඳයි. (නි)
දැන්නම් කිසිම දෙයක් ගැන විශ්වාසයක් තියන්න බැරිපාටයි (නි)
ජගුවර් කොම්පැනිය දැන් අයිති ඉන්දියාවේ අනිල් අම්බානි ට ...අම්බානිට තරු පේන්න ගොම්බානකට කරත්තේ ඇදන් යන්න දුන්න නම් වඩා හොඳයි ...(අ)
අනේ අපොයි (දී)
ජගුවර් කිසිදිනක ලෙඩ දෙන්නෙ නැති වාහනයක් කියලා කියන්න බැහැ. බී.එම්.ඩබ්ලිව්. එක්ක හැරෙන්න ජගුවර් තියා වෙන කිසිම වාහනයකට බැහැ. බී.එම්.ඩබ්ලිව්. වාහන කියන්නේ මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණයේ ආශ්චර්යය. (නි)