IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ජගුවර් සමාගමට කනේ පහරක්

පවුම් 53000 ක් (රුපියල් 11713000) ගෙවා මිලදී ගත් ජගුවර් වර්ගයේ සුපිරි මෝටර් රථය නොනවත්වාම ‘‘ලෙඩ‘‘ දීම නිසා අලූත්වැඩියා කරමින් කාලය කා දමනවාට වඩා බූරුවන් එය ඇදගෙන යන ව්‍යාපාරිකයෙක් ඉන්දියාවේ සිටී.

රාහුල් තක්රියම් නම් වන මේ ව්‍යාපාරිකයා තම සිහින මෝටර් රථය වුණු මේ ජගුවර් මෝටර් රිය මිලදී ගෙන ඇත්තේ මෑතකදීය.මිලදී ගත් දිනයේ පටන් ගරාජ ගානේ යනවා විනා තමන් කළ අන් දෙයක් නැතැයි ඔහු කියයි.

‘‘ගෙනල්ලා දවස් කිහිපයකින් විදුලි පහන් වැඩ කරන්නේ නැතිව ගියා.ගිහිල්ලා හදන් ආවා.ආයේ ටික දවසකින් ඉස්සරහා බම්පරය කඩා වැටුණා.ආයේ හදන්න ගියා.ඊළගට පණ ගැන්වෙන්නේ නැතිව ගියා,ඔය විදිහට දවසින් දවසට එක එක ලෙඩ.‘‘ ඔහු පවසයි.

‘‘මගේ පවුලේ අය කියනවා  ඕක ගත්තට වඩා හොදයි බූරු කරත්තයක් ගත්තා නම් කියලා.ඉතින් මමත් කල්පනා කළා කාරයෙන් වැඩක් ගන්නත් බැරි එකේ ඒකට බූරුවන් හරි දාලා ඇදගෙන යනවා කියලා‘‘

‘‘ජගුවර් කරත්තය‘‘ ගැන ඇසූ ඉන්දියාවේ ජගුවර් මෝටර් රථ සමාගමේ නියෝජිතයින් ගැටලූව විසදා දීමේ අරමුණින් රාහුල් හා සාකච්ඡා පවතවමින් සිටින්නේයැයි සදහන්ය.

 

 



අදහස් (0)

ජගුවර් සමාගමට කනේ පහරක්

නඩරාජා Sunday, 15 June 2014 02:56 PM

මටත් තියෙන්නේ මේ වර්ගයේ එකක් (නි)

:       0       0

ඉන්දික Sunday, 15 June 2014 03:35 PM

මම නම් දන්නා විදිහට තවමත් නිෂ්පාදනය කරන බී.එම්.ඩබ්ලිව්.කාර්වල නම් තත්ත්වය උසස් තත්ත්වයේ තිබෙනවා. ලෙඩ නැතුව පරම්පරාවක් පාවිචිචි කරන්න නම් ජර්මන් කාර් තමා හොඳම. (නි)

:       0       0

පෙරේරා Saturday, 14 June 2014 01:10 PM

මගේ ජගුවාර් එකෙත් ඉලෙක්ත්රොනික් පද්දතිවල හරියට ප්‍රශ්න තියෙනවා. ඉස්සර හොඳ නමක් තිබුනට දැන් ජගුඅර් කාර් වල ඒ ප්‍රමිතිය නැහැ වගේ. (අ)

:       0       0

ඉන්දික Friday, 13 June 2014 01:40 PM

පින්තුර දාන්නකෝ. (දී)

:       0       0

බමුණු Friday, 13 June 2014 02:01 PM

අපිටත් ඔහොම කරන්න පුලුවන්නම් (නදී)

:       0       0

දර්ශා සෙනවිරත්න Saturday, 14 June 2014 02:30 PM

ඕක වෙලා තියෙන්නේ මම හිතන්නේ ඉන්දියාවේ මක බාස්ල අතගාලා. මේ ඉතාලියේ ඕන තරම් තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික් පද්ධතිවල දෝෂ විය හැක , නමුත් කිසිදිනක ලෙඩ දෙන්නැති වාහනයක් ' වගේම 4 වීල් ජගුවර් කාරය ලෝකයේ තියෙන හොඳම වාහනය විය හැක. (නදී)

:       0       0

බමුණු Tuesday, 17 June 2014 03:49 PM

"මටත් තියෙන්නේ මේ වර්ගයේ එකක්" මොන වර්ගයේ එකක්ද (දී)

:       0       0

දිස්සා Sunday, 15 June 2014 06:01 PM

අපේ රටෙත් ඔය මැති ඇමති වරුන්ගේ සුකොපබෝගී වාහන අදින්නේ බොරුවෝ තමයි. (ස)

:       0       0

අනුර Wednesday, 18 June 2014 03:57 PM

ජගුවර් අපේ ගෙදර ගහක බැඳලා ඉන්නේ. හැමෝගම ඇඟට කඩා පනින නිසා (නදී)

:       0       0

බමුණු Saturday, 14 June 2014 04:18 AM

"අපිටත් ඔහොම කරන්න පුලුවන්නම්" ඔව් ඔව් අරගොල්ලන්ට එන කාර් අදින්නේ අපිනේ (දී)

:       0       0

ඉන්ද්‍රලාල් Saturday, 14 June 2014 06:33 AM

වැරදි ඉතින් කා අතිනුත් වෙනව‍ානේ. එයාලා හදලා දෙන්න භාරගන්නවා නම් අවස්ථාවක් දීලා බලන්න (නි)

:       0       0

කාලිංග Monday, 16 June 2014 11:51 PM

ඉන්දියාවේ ඔහොම සිද්ධි හරියට වාර්තා වෙනවා (නි)

:       0       0

චානක Sunday, 15 June 2014 10:48 AM

ජගුවර් දැන් හදන්නේ ඉන්දියාවේනේ (නි)

:       0       0

ක්‍රිස් Saturday, 14 June 2014 05:39 PM

ජගුවර් සමගම දැන් හිමි ප්‍රංසයට(අ)

:       0       0

රොෂාන් Sunday, 15 June 2014 10:56 AM

ඔන්න දැක්කා නේද ඉන්දියාවේ හදන බඩු වල ප්‍රමිතිය? (නි)

:       0       0

ගයන් Saturday, 14 June 2014 07:08 PM

2008 සිට ජගුවර් සමාගම ඉන්දියාවේ ටාටා සමාගමට අනුබද්ධිතයි.(අ)

:       0       0

මාධවී Friday, 20 June 2014 05:07 AM

අපොයි! බී.එම්. ඩබලිව් කියන්නේ මට නම් සල්ලි කන වාහනයක්. ‍ සෝබනයට නම් හොඳයි. (නි)

:       0       0

සම්පත් Wednesday, 18 June 2014 03:49 AM

දැන්නම් කිසිම දෙයක් ගැන විශ්වාසයක් තියන්න බැරිපාටයි (නි)

:       0       0

බෙනට් Friday, 13 June 2014 07:03 PM

ජගුවර් කොම්පැනිය දැන් අයිති ඉන්දියාවේ අනිල් අම්බානි ට ...අම්බානිට තරු පේන්න ගොම්බානකට කරත්තේ ඇදන් යන්න දුන්න නම් වඩා හොඳයි ...(අ)

:       0       0

ඩී.සී. Sunday, 15 June 2014 12:47 AM

අනේ අපොයි (දී)

:       0       0

සමන් Wednesday, 18 June 2014 08:03 AM

ජගුවර් කිසිදිනක ලෙඩ දෙන්නෙ නැති වාහනයක් කියලා කියන්න බැහැ. බී.එම්.ඩබ්ලිව්. එක්ක හැරෙන්න ජගුවර් තියා වෙන කිසිම වාහනයකට බැහැ. බී.එම්.ඩබ්ලිව්. වාහන කියන්නේ මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණයේ ආශ්චර්යය.  (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 314 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site