ජංගම දුරකතන පාවිච්චිය සෞඛ්‍ය ප්‍රශ්ණ ඇති වීමට හේතුවක් නොවන බව එකොලොස් වසරක් තිස්සේ කරණ ලද පර්යේෂණ මගින් සනාථ වී ඇතැයි එංගලන්තයේ විශාලතම පර්යේෂණ වැඩසටහන වන ජංගම සංනිවේදනය සහ සෞඛ්‍ය පර්යේෂණ වැඩසටහන මගින් නිකුත් කළ වාර්තාවක දැක්වේ. පවුම් මිලියන 13.6 ක් වැයවූ මෙම පර්යේෂණය සඳහා එක්සත් රාජධානියේ රජය සහ විදුලි සංදේශ කර්මාන්තය මගින් අරමුදල් සපයා තිබිණි. මෙම පර්යේෂණය මගින් සොයාබලා ඇත්තේ ජංගම දුරකතන තාක්ෂණය සෞඛ්‍ය ගැටළුවලට හේතුවක් වන්නේ ද යන්නයි.
ගර්භනි සමයේ දී ජංගම දුරකතනවල විමෝචනයට නිරාවරණය වීමෙන් උපදින ළදරුවන් කුඩාකාලයේ ලේ පිළිකාවලට ගොදුරුවීමේ අවධානමක්ද ඇතැයි පැවති මතය දුර්මතයක් බව ද මේ පර්යේෂණය මගින් පෙන්වා දි ඇත.
පර්යේෂණයේ ප්‍රධානි මහාචාර්ය ඩේවිඩ් කෝගන් පවසන්නේ මෙම පර්යේෂණය මුලින් ආරම්භකරණ විට ජංගම දුරකතන සහ ඊට සම්බන්ධ තාක්ෂණය මගින් විය හැකි සෞඛ්‍ය ගැටළු රාශියක් ගැන විද්‍යාත්මක අවිනිශ්චිතතා මතුවී තිබු බවයි.
'' මෙය ස්වාධීන පරීක්ෂණයක්. දැන් එය අවසන්ව තිබෙනවා. මේ දීර්ඝ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව පෙනී යනවා ජංගම දුරකථනයේ ගුවන්විදුලි තරංග හේතුවෙන් හෝ එවා සම්බන්ධ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන මගින් කිසිමි සෞඛ්‍ය ගැටළුවක් ඇතිවන්නේ නැහැ. මේ ප්‍රතිඵල අනුව නූතන සන්නිවේදන ක්‍රම සම්බන්ධයෙන් පැහැදිලි විශ්වාසයක් ගොඩනගා ගත හැකියි. "


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට ලෝකය නම් කැරකෙන හැටී නේද අනේ (අ)
අනේ මන්දන්නැ එක එක්කෙනා එක එක කතා, කාලයෙන් කාලයට කියනවා. මම ඉන්න රටේ රූපවාහිනියෙන් පෙන්නුවා ජංගම දුරකථන පාවිච්චි කරන්නන්ට පිළිකා සැදීමට ඇති අවස්ථා වැඩියි කියලා .කවුද හරි ?(දී)
අනේ මන්දා , මේ ගොල්ලෝ කියනවා අපි අහනවා.(දිල්)
ටෙලිෆෝන් කොම්පැනියකින් බරටම තෑගි ලැබෙන්නැති ඔය වාර්තාවට (දී)
අරයත් කියන එක අහල, මෙයත් කියන එක අහල, මේ ලෝකේ හොයා බැලිල්ලක් නැතුව ගොන් කතා කියනවට වඩා නරකද පොඩ්ඩක් හොයල බැලුවොත්? ස්වාධින බුද්ධියක් මටත් තියෙනවා කියල දැන්වත් හිතමුද? (නදී)