ජංගම දුරකතන පාවිච්චිය සෞඛ්‍ය ප්‍රශ්ණ ඇති වීමට හේතුවක් නොවන බව එකොලොස් වසරක් තිස්සේ කරණ ලද පර්යේෂණ මගින් සනාථ වී ඇතැයි එංගලන්තයේ විශාලතම පර්යේෂණ වැඩසටහන වන ජංගම සංනිවේදනය සහ සෞඛ්‍ය පර්යේෂණ වැඩසටහන මගින් නිකුත් කළ වාර්තාවක දැක්වේ. පවුම් මිලියන 13.6 ක් වැයවූ මෙම පර්යේෂණය සඳහා එක්සත් රාජධානියේ රජය සහ විදුලි සංදේශ කර්මාන්තය මගින් අරමුදල් සපයා තිබිණි. මෙම පර්යේෂණය මගින් සොයාබලා ඇත්තේ ජංගම දුරකතන තාක්ෂණය සෞඛ්‍ය ගැටළුවලට හේතුවක් වන්නේ ද යන්නයි.
ගර්භනි සමයේ දී ජංගම දුරකතනවල විමෝචනයට නිරාවරණය වීමෙන් උපදින ළදරුවන් කුඩාකාලයේ ලේ පිළිකාවලට ගොදුරුවීමේ අවධානමක්ද ඇතැයි පැවති මතය දුර්මතයක් බව ද මේ පර්යේෂණය මගින් පෙන්වා දි ඇත.
පර්යේෂණයේ ප්‍රධානි මහාචාර්ය ඩේවිඩ් කෝගන් පවසන්නේ මෙම පර්යේෂණය මුලින් ආරම්භකරණ විට ජංගම දුරකතන සහ ඊට සම්බන්ධ තාක්ෂණය මගින් විය හැකි සෞඛ්‍ය ගැටළු රාශියක් ගැන විද්‍යාත්මක අවිනිශ්චිතතා මතුවී තිබු බවයි.
'' මෙය ස්වාධීන පරීක්ෂණයක්. දැන් එය අවසන්ව තිබෙනවා. මේ දීර්ඝ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව පෙනී යනවා ජංගම දුරකථනයේ ගුවන්විදුලි තරංග හේතුවෙන් හෝ එවා සම්බන්ධ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන මගින් කිසිමි සෞඛ්‍ය ගැටළුවක් ඇතිවන්නේ නැහැ. මේ ප්‍රතිඵල අනුව නූතන සන්නිවේදන ක්‍රම සම්බන්ධයෙන් පැහැදිලි විශ්වාසයක් ගොඩනගා ගත හැකියි. "
2025 දෙසැම්බර් මස 18
561
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජංගම දුරකථනයෙන් හානියක් නැතැයි කියති
වෙනුර Wednesday, 26 February 2014 11:09 PM
අනේ ඇත්තට ලෝකය නම් කැරකෙන හැටී නේද අනේ (අ)
ජයතිලක Wednesday, 26 February 2014 10:58 AM
අනේ මන්දන්නැ එක එක්කෙනා එක එක කතා, කාලයෙන් කාලයට කියනවා. මම ඉන්න රටේ රූපවාහිනියෙන් පෙන්නුවා ජංගම දුරකථන පාවිච්චි කරන්නන්ට පිළිකා සැදීමට ඇති අවස්ථා වැඩියි කියලා .කවුද හරි ?(දී)
අසෝකා Wednesday, 26 February 2014 02:07 PM
අනේ මන්දා , මේ ගොල්ලෝ කියනවා අපි අහනවා.(දිල්)
කුමාරන Wednesday, 26 February 2014 09:12 PM
ටෙලිෆෝන් කොම්පැනියකින් බරටම තෑගි ලැබෙන්නැති ඔය වාර්තාවට (දී)
පානි Thursday, 27 February 2014 03:44 PM
අරයත් කියන එක අහල, මෙයත් කියන එක අහල, මේ ලෝකේ හොයා බැලිල්ලක් නැතුව ගොන් කතා කියනවට වඩා නරකද පොඩ්ඩක් හොයල බැලුවොත්? ස්වාධින බුද්ධියක් මටත් තියෙනවා කියල දැන්වත් හිතමුද? (නදී)