
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් රුසියාවේ මොස්කව් අගනුවර බලා යෑමට සූදානම් වෙයි.
ජගත් මහ ලේකම්වරයා මොස්කව් යන්නේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටය.
රුසියානු ජනාධිපති පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදා සිටය.
මේ වනවිට යුක්රේනයේ නැගෙනහිරින් පිහිටි ඩොන්බාස් පළාත වෙනුවෙන් දරුණු ගැටුම් ඇවිළෙමින් පවතී.
යුද්ධය නවත්වා සාමකාමී අයුරින් අර්බුදය විසඳා ගන්නැයි ජගත් මහ ලේකම්වරයා රුසියන් ජනාධිපති හමුවී පවසනු ඇතැයි ඔහුගේ ප්‍රකාශක එරී කනේකෝ පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd