
නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් වෙයි.
එසේ වුවත් ඩිමොක්‍රටික් පක්ෂයේ සියයට 80 කගේ අදහස වී ඇත්තේ, බයිඩන්ට වඩා ප්‍රතිවාදී රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝගයක් කිරීමට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා සමත් වනු ඇති බවය.
පසුගිය දා ට්‍රම්ප් සහ බයිඩන් අතරේ සජීවී රූපවාහිනී විවාදය පැවත්වුණු අතර ට්‍රම්ප් හමුවේ බයිඩන් අසරණ විය. ඒ, බයිඩන්ගේ වයස සහ වයස නිසා ඇතිවන දුබලතා නිසාය. එය ට්‍රම්ප්ට වාසියක් විය.
බයිඩන් 81 හැවිරිදි වියෙහි පසුවන අතර, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුණු වයස්ගතම තැනැත්තා ඔහුය.
විවාදයේ දී 78 හැවිරිදි ට්‍රම්ප්ට වැඩි වාසි අත්වූයේ බයිඩන්ට ක්ෂණිකව සහ පැහැදිලිව අදහස් දැක්වීම කළ නොහැකි වීමය.
බයිඩන්ගේ බිරිඳ ජිල්, විවාදය අවසන් වූ පසු ඔහු ළඟට පැමිණ ඔහු සැනැසූ අයුරු ද සජීවීව දකින්න ලැබුණි.
ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් බොහෝ දෙනකුගේ විශ්වාසය ඔවුන්ගේ පක්ෂයෙන් ඔබාමා බිරිඳ මිෂෙල් ඔබාමා ජනාධිපති ධුරයට තරග කළොත් ඇයට නිසැක වශයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවය.
එසේ වුවහොත් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වෙයි. එපමණක් නොව, පළමු කළු ජාතික තාන්තාව වනු ඇත්තේ ද ඇයයි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයිඩන් නිකං ලංකාවේ මහින්ද වගේ ඇවිදින මළ මිනියක් වගේ. ඊට වඩා හොදයි තරුණ කෙනෙක්ට රට දෙන එක. ට්‍රම්ප් වුනත් හොඳ මනුස්සයෙක් නෙමෙයි, ජාතිවාදි වගේම වංචා දුෂණ කරපු මනුස්සයෙක්
ටම්ප් යනු වංචාකාරයකු බව බොහෝ දෙනාගේ මතයයි. ඔහුට එරෙහිව පැවරි ඇති අධිකරණ නඩු විශාලයි.ඔහු අධිකරණයේ දි පවා බොරු කියා නම කිලිටි කරගත් පුද්ගලයෙක්.
ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයන් බොහෝ දෙනකුගේ විශ්වාසය ඔවුන්ගේ පක්ෂයෙන් ඔබාමා බිරිඳ මිෂෙල් ඔබාමා හෝ කෙනඩි පවුලේ සාමාජිකයකු පිළිබද බලාපොරොත්තු තබා ඇත
අපේ කට්ටිය කිව්වේ පවුලේ දේශපාලනය තියෙන්නේ ලංකාවේ විතරයි කියලා දියුණු රටවල නැ කියලා
කුමා වැරැදියි. ඇමරිකාවේ පවුල් පාලනයක් කරන්න බෑ ට්‍රම්ප්, බයිඩන්ගේ පුතා කරපු වැරැදි වැඩත් හව් වුණා දඬුවම් දෙනවා. ලංකාවේ එහෙමද? මොකද ඇමරිකාව පාලනය වෙන්නේ සෙනට් එකට ඕනේ මිස් ජනපතිගේ තනි කැමැත්තට නෙමෙයි..