නොවැම්බරයේදී පැවැත්වෙන ජනපතිවරණයේදී පසු තමන්ට යළි බලය හිමි වුණොත්, රුසියාව සමඟ එක් වී න්‍යෂ්ටික අවිහරණ කටයුතු වඩාත් පුළුල් අයුරින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා රුසියා ජනපති දිමිති‍්‍ර මෙඞ්වදේව්ට පෙරේදා (26) පැවැසුවේය. සෝල් නුවර න්‍යෂ්ටික සමුළුව අතරතුරේ, ජනපති ඔමාබා සහ දිමිති‍්‍ර මෙඞ්වදේව් අතර එම කතාබහ සිදු වූයේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට පෙරය. එහෙත් ජනපතිවරුන් දෙදෙනා නොදැන සිටිය ද මාධ්‍ය හමුවට පෙර ඔවුන් දෙදෙනා අතර පැවැති දෙබස මාධ්‍යවේදීන්ගේ කැමරාවල සහ මයික‍්‍රෆෝනවල සටහන් වී තිබුණි. ”මේ මාගේ අවසන් ඡන්දයයි. ඡන්දයෙන් මා දිනුවොත් මට පුළුවන් නිදහසේ කටයුතු කරන්න” ජනපති ඔබාමා, රුසියානු ජනපති මෙඞ්වදේව්ට පැවැසීය. ”මට ඔබේ තත්ත්වය තේරෙනවා. මා ඒ බව ව්ලැඩිමීර්ට දන්වන්නම්” යැයි මෙඞ්වදේව් පිළිතුරු දුන්නේය. රුසියානු ජනපති මෙඞ්වදේව් ජනපති ධුරයට සමු දීමට සූදානමින් සිටින අතර මීළඟට රුසියාවේ ජනපති ධුරයට පත් වන්නේ පසුගිය දා පැවැති ජනපතිවරණයෙන් ජය ගත් ව්ලැඩිමීර් පුටින්ය. ජනපතිවරුන් දෙදෙනාගේ මෙම දෙබස් මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධ වේ යැයි ඔවුන් නොසිතූ නමුත් ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් සේවය ඊයේ (27) එය ප‍්‍රසිද්ධ කිරීමට පියවර ගත්තේය. ඇමෙරිකා දේශපාලන විචාරකයන් පවසන්නේ නොවැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට මුහුණ දීමට සූදානමින් සිටින ඔබාමා ලොකු පීඩනයකින් සිටින බවත්, ජයග‍්‍රහණය කිරීමට හැකි වේ යන්න ගැන ඔහු අවිනිශ්චතායකින් පෙළෙන බවත්ය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1956										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඡන්දෙන් දිනුවොත් රුසියාව සමඟ න්‍යෂ්ටික අවිහරණ පුළුල් කරනවා