මිනිසුන් සේම චිම්පන්සිනුත් මිතුරන් ඇතිකරගනිතියි ඔස්ට්‍රියාවේ වියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
සත්ත්වෝද්‍යාන කිහිපයක සිටි චිම්පන්සින් ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයකින් ඔවුහු මේ බව කියති.
චිම්පන්සින් තම සගයන්ට ළංවී සිටින ප්‍රමාණය,ඔවුන්ගේ මැක්කන් හා උකුණන් බැලීම,ගැටුම්කාරී අවස්ථාවකට සූදානම් වීම වැනි කරුණු මෙම පර්යේෂණයෙන් අවධානයට ලක්වී ඇත.
චිම්පන්සින්ද තමන් අසලට පැමිණීමට ඉඩ දෙනුයේත්,ගැටුම්කාරී අවස්ථාවල පෙනී සිටිනුයේත් එකිනෙකාට සමාන හැසිරීම් රටා දරන තම සගයන් වෙනුවෙන් පමණක් බව දැකගත හැකි වූයේ යැයි පර්යේෂකයෝ කියති. මේ බව මිනිසුන් අතරේද හොදින්ම දැකිය හැකි කරුණක් බවද ඔවුහු කියති.
සමාජශීලී සතුන් තවත් සමාජශීලී සතුන් සමග පමණක් ගනුදෙනු කරන බවද තනිවී හුදෙකලා වී සිටීමට කැමති සතුන් මිතුරන් ලෙස තෝරාගනුයේ තමන් සේම හුදෙකලා වී සිටීමට කැමති සතුන් බවද නිරීක්ෂණය කිරීමට හැකිවූ බව ඔවුහු පවසති.
මිනිසුන් හා චිම්පන්සින් පැවත එන්නේ එකම පූර්වජයාගෙන් යැයි සැළකේ.පරිනාමයේ එක් අවදියකදී චිම්පන්සීන් හා මනුෂ්‍යයින් දෙපසට ඛෙදී වෙන් වෙන්ම පරිනාමය වී ඇති බවත් චිම්පන්සීන් හා මිනිසුන් අතර වෙනස්කම් දැකිය හැක්කේ මේ නිසාවෙන් බවත් විද්‍යාඥයින් කියයි.
මිතුදම පිළිබඳ හෙළිවූ මේ නව කරුණු වලින් විද්‍යාඥයින් නිගමනය කරන්නේ අප පොදු පූර්වජයාගේ අවදියේදී පවා මිතුදම් පවතින්නට ඇති බවයි.එනම් වසර ලක්ෂ 60 කට ඉහත කාලයකදී පවා මිත්‍ර සබදතා පැවතී තිඛෙන බව ඔවුන්ගේ මතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද සොයාගැනීමක් (දී)
වානරයින්ගෙන් පැවත ගෙන ඇවිල්ලා මුල්ම මානවයා බිහිවුනේ නැගෙනහිර අප්‍රිකාවේ ඔල්ඩුවේ කියන ස්ථානයේ. මිනිසාගෙන් වානරයින් බිහිවන ස්ථානය කොළඹ අවට තැනක් වෙන්න පුළුවන් නේද? (නදී)