චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වනු ලබන අප්‍රිකා රටවල් 53 ක් සඳහා ලබන මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 'ශුන්‍ය තීරුබදු' සහනය ලබාදීමට චීන රජය තීරණය කර තිබේ.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ඓතිහාසික තීරණය අනුව අප්‍රිකානු රටවලින් චීනයට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා කිසිදු බද්දක් අය නොකෙරයි.

මෙම පියවර මගින් චීනය සහ අප්‍රිකානු මහද්වීපය අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිත බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.