චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කෙකියැං හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 68 කි.
ලී කෙකියැං, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ පසුගිය මාර්තු මාසයේය. චීන කොමියුනිස්ට් පක්ෂ රජයේ, ජනාධිපතිවරයාගෙන් පසු දෙවැනිය බලවත්ම පුද්ගලයා වන්නේ අග්‍රාමාත්‍යවරයා ය.
ලී කෙකියැං අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දෙකක්, ජනාධිපති ෂී ජින්පින් සමඟ ඉතාමත් සමීපව කටයුතු කළේය.
කෙසේ නමුත් අවසන් කාලයේ ජින්පින් සහ කෙකියැං අතරේ මත ගැටුම් පැවැති බව වාර්තා විය. එම මත ගැටුම් හේතුවෙන්, ජනාධිපති ෂී ජින්පින්, අග්‍රාමාත්‍ය කෙකියැං දේශපාලනික වශයෙන් නිහඬ කළේ යැයි ද පැවැසිණි.
චීනයට වෙළෙඳපොළ ඉලක්ක කරගත් ප්‍රතිපත්ති හඳුන්වා දීමට උත්සාහ කළේ ලී කෙකියැං ය.
චීනයේ වත්මත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ලී කියැංග් ය. ඔහු එම ධුරයට පත් කරනු ලැබුවේ පසුගිය මාර්තු 11 වැනිදාය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චීනයේ හිටපු අගමැති ලී කෙකියැං අභාවප්‍රාප්ත වෙයි
Hafeel Friday, 27 October 2023 03:08 PM
දැන් අපේ පින් ජනාධිපතිට යන්න මළ ගෙයක් තියනවා...