සීත සෘතුවේ ද්‍රැරිය නොහැකි තරම් සීතලක් හෝ අයිස් තත්ත්වය නිසා ලොව වටා ප‍්‍රදේශ ගණනාවක් අවුල් ජාලයක් වී ඇත. ඒ අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 0ටත් වඩා අඩු වූ ප‍්‍රදේශද වාර්තා වේ. චීනයේ බෙයිජින් ප‍්‍රාන්තයේ උතුරුදිග මියුන් ප‍්‍රදේශයේද උෂ්ණත්වය සෙල්සියස් අංශක බිංදුව වී ඇත.
එහි තිබෙන ලොකුම දිය ඇල්ල අයිස් කන්දක් වී ඇති ඡායාරූප පෙළක් ඉදිරිපත් කර තිබේ. කොපමණ සීතල ප‍්‍රදේශයක් වුනත් දැන් මේ ප‍්‍රදේශය අයිස් කදු නගින්නන්ගෙන් නම් අඩුවක් වී නැත. ඔවුන්ට සුභ ආරංචියක් වී ඇති සේම මෙයින් සංචාරකයින් පැමිණිමත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ -70 ට යන තැන් තියනවා , ඒවගෙත් මිනිස්සු ඉන්නවා. (නදී)
කැනඩාවේ අල්බෙර්ටා ප්‍රාන්තය ගැන ඔයාල මොනවද හිතන්නේ ...(අ).
සීත සෘතුවේ උෂ්ණත්වය බින්දුවට හෝ ඊට වඩා අඩුවීම පුදුම දෙයක් නෙවි නේ. නවසීලන්තේ තියෙනවා සම්පූර්ණෙන් මිදුන ගංගාවල් දෙකක්.(දිල්)
ඇයි අනේ ඇමරිකාවේ -60 නේ (දී)
කොරියාවෙද? (නදී)
ඡායාරූප පෙළක් ඉදිරිපත් වී ඇත කිව්වට අපිට බලන්න එකක්වත් නැහැනේ. (නදී)
මෙය වෙනදා තිබෙන සීත සෘතුවට සමාන නැත. මේ දිනවල සූර්යාගේ ක්‍රියා කාරිත්වය අවම වී ඇත. එය අවුරුදු 100-200 පමණක් වන දෙයකි. එනිසා ලෝකයේ බොහෝ ප්‍රදේශ වලට අධික ශිත තත්වයක් බලපා ඇත.(නදී)
සීත සෘතුවේ උෂ්ණත්වය බින්දුවට හෝ ඊට වඩා අඩුවීම පුදුම දෙයක් නෙවි කොරියාවේ මේ දිනවල ඍණ 2-9 අතර (දිල්)
මේක ලියපු ඇමරිකාවේ කෙනා ගැන දුකයි.(නදී)
ලෝකයේ කොහේ හෝ රටක උෂ්ණත්වය අංශක 0 වට යන එක එතරම් පුදුම වෙන්න දෙයක් නෙමේ තමයි.නමුත් ප්‍රශ්නය තියෙන්නේ, මේ අදාල ප්‍රදේශ වල ජිවත් වෙන මිනිසුන්ගේ නිවාස වල මෙවැනි උෂ්ණත්වයකට ඔරොත්තු දෙන විදිහේ පහසුකම් තිබෙනවද යන්නයි. බටහිර යුරෝපය, ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය,රුසියාව වැනි රටවල නාගරික නිවාස වල තිබෙන පහසුකම් චීනයේ ග්‍රාමීය ප්‍රදේශ වල ඇති අඩු පහසුකම් සහිත නිවාස හා සසඳන්න පුලුවන්ද? (අ)
අය්යෝ එක මොන සීතලක්ද. අපිට ස්වීඩන් වල -15ක් දැනට,. -30,,35 වෙන දවසුත් තියෙනවා. (දී)
මෙල්බර්න් වල උෂ්ණත්වය ලඟදි සෙල්සියස් අංශක 44 වැඩිය ගියා. මේ හැමදේටම හේතුව මිනිසා ස්වබාව ධර්මයට කරන විනාශය කියලයි මට හිතෙන්නේ. (නදී)
බින්දුවට අඩුවීම පුදුමයක්යැ. බෙයිජිංවල -20ට බහිනවා. ඒ වගේම හර්බින්වල -40ට විතර බහිනවා. හර්බින්ග්වල අයිස් සිමෙන්ති ගල්වගේ කපල ඒ කැටවලින් නොයෙක් නිර්මාණ කරනවා. ගොඩනැගිලි. ඒ වා තනිකර වීදුරු ගෙවල් වගේ ලස්සනයි. ඒ වගේම හිමවලිනුත් ගොඩනැගිලි හදනවා. ඒවා පුලුන් වගේ සුදුපාටයි. (නදී)