
චීන රජයේ දලදඬු සෞඛ්‍ය නීති සහ සීමාවලට එරෙහිව සාමකාමී අයුරින් විරෝධතා පවත්වන චීන විරෝධතාකරුවන්ට තමන්ගේ පූර්ණ සහාය හිමිවන බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසයි.
විරෝධතා මර්දනය කිරීමට චීන රජය ගෙන යන වැඩපිළිවෙළ තරයේ හෙලා දැකීමට ද අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පියවර ගෙන ඇත. රජයට නිදහසේ විරෝධය දැක්වීමට චීන වැසියන්ට අවසර තිබිය යුතු යැයි ද කැනඩා අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.
චීන රජයට එරෙහිව පැවැත්වෙන සාමකාමී විරෝධතා සඳහා තමන් ද සහාය දක්වන බව ඇමෙරිකාව ද පවසා ඇත.
චීන රජයට එරෙහිව එරට බෙයිජීං, ෂැංග්හායි ආදී ප්‍රධාන නගරවල දිනෙන් දින උත්සන්න වන විරෝධතා සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විමසිල්ලෙන් පසුවන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජස්ටින් ගොයියෝ ඔහෙට ලබන සැරේ ගෙදර යන්න වෙනවා ෂුවර්. නැතිනම් ඇල්බ්ර් ටා පළාත වෙනම රටක් වෙනවා.