යන්ත‍්‍රයකට හසු වී වෙන්වී ගොස් පසුව වළලූකරට බද්ධ කර තිබූ අතක කොටසක් සාර්ථක සැත්කමකින් පසු නැවත අතට බද්දධ කිරීමට වෛද්‍යවරු සමත් වුහ.

ෂියෝ වෙයි මීට මාසයකට පමණ පෙර රැකියා කරන ස්ථානයේදී අනතුරකට මුහුණ පෑවේය. එහිදී ඔහුගේ දකුණු අත මැණික් කටුව ළගින් වෙන් විය. අතත් සමග ඔහු රෝහල් ගත කරන ලදි. පළමු රෝහල ඔහුගේ අත බද්ධ කිරීම ප‍්‍රතික්ෂේප කරන ලද අතර පැය හතකට පමණ පසු වෙනත් රෝහලක් කරා රැගෙන ගියේය.

ඔහුගේ අතට අධික ලෙස හානි වී තිබුණි. බද්ධ කිරීමට නොහැකි වන සේ අත තැලී තිබුණි. එම නිසා වෛද්‍යවරුන් අතේ ඉතිරි කොටස බද්ද කරනවා වෙනුවට තුවාල වලට බෙහෙත් කළහ. පසුව කැඞී ගිය කොටස ප‍්‍රාණවත්ව තබා ගැනීමට තාවකාලිකව කකුළේ වළලූකරට බද්ධ කළහ.

තුවාලය සුව වූ පසු ඔහුට නැවතත් පෙර පරිදිම එම අතෙන් සාමාන්‍ය කටයුතු කළ හැකි බව වෛද්‍යවරු සඳහන් කරයි. මෙවැනි තරුණ වයසේදීම දකුණු අත නැති වීම දරාගත නොහැකි පාඩුවක් බව පැවසූ ෂියෝ නැවත අත දුන්නාට වෛද්‍යවරුන්ට ස්තූති කළේය.