යන්ත‍්‍රයකට හසු වී වෙන්වී ගොස් පසුව වළලූකරට බද්ධ කර තිබූ අතක කොටසක් සාර්ථක සැත්කමකින් පසු නැවත අතට බද්දධ කිරීමට වෛද්‍යවරු සමත් වුහ.
ෂියෝ වෙයි මීට මාසයකට පමණ පෙර රැකියා කරන ස්ථානයේදී අනතුරකට මුහුණ පෑවේය. එහිදී ඔහුගේ දකුණු අත මැණික් කටුව ළගින් වෙන් විය. අතත් සමග ඔහු රෝහල් ගත කරන ලදි. පළමු රෝහල ඔහුගේ අත බද්ධ කිරීම ප‍්‍රතික්ෂේප කරන ලද අතර පැය හතකට පමණ පසු වෙනත් රෝහලක් කරා රැගෙන ගියේය.
ඔහුගේ අතට අධික ලෙස හානි වී තිබුණි. බද්ධ කිරීමට නොහැකි වන සේ අත තැලී තිබුණි. එම නිසා වෛද්‍යවරුන් අතේ ඉතිරි කොටස බද්ද කරනවා වෙනුවට තුවාල වලට බෙහෙත් කළහ. පසුව කැඞී ගිය කොටස ප‍්‍රාණවත්ව තබා ගැනීමට තාවකාලිකව කකුළේ වළලූකරට බද්ධ කළහ.
තුවාලය සුව වූ පසු ඔහුට නැවතත් පෙර පරිදිම එම අතෙන් සාමාන්‍ය කටයුතු කළ හැකි බව වෛද්‍යවරු සඳහන් කරයි. මෙවැනි තරුණ වයසේදීම දකුණු අත නැති වීම දරාගත නොහැකි පාඩුවක් බව පැවසූ ෂියෝ නැවත අත දුන්නාට වෛද්‍යවරුන්ට ස්තූති කළේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන වෛද්‍යවරු තවත් හාස්කමක් කරයි