IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චීන මීදුම සුරැකුම් පලිහක්

මේ දිනවල චීනයේ  බොහෝ ප‍්‍රදේශයන් වසාගෙන සිටින ඝන මීදුම් පටලය සතුරු රටකින් එල්ල වන අවි ප‍්‍රහාරයන් මැඩ පැවැත්වීමේ සමත් හොද ආවරණයකැයි චීනයේ නාවික හමුදාපති රෙයර් අද්මිරාල් සැන්ග් ෂා ඕස්හොන්ග් පවසයි.

චීනයට බලපා ඇති මේ මීදුම් තත්ත්වය මීදුම හා දුම් එකතු වී සෑදී ඇත්තක් බව සදහන්ය.එය සාමාන්‍ය මීදුමට වඩා ඉතා ඝන වන අතර ඉවත්ව යෑමක්ද පෙන්නුම් නොකරන බව චීන විද්‍යාඥයෝ කියති.මෙනිසා එය බලපා ඇති ප‍්‍රදේශයන් වලට හිරු එළිය පවා නොවැටේ.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව ලෙස  සැළකෙනුයේ වායු දුෂණයයි.ඉවක් බවක් නැතිව කර්මාන්තශාලා ඉදිකිරීම හා ඒවායේ කි‍්‍රයාකාරීත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස නිකුත් වන දුම් නිසි පරිදි බැහැර කිරීමේ කි‍්‍රයාපටිපාටියක් නොමැති වීම මෙයට හේතුවී ඇතැයි විද්‍යාඥයින් පෙන්වා දේ.

බීජිං නගරය මෙම තත්ත්වය වඩාත්ම බලපා ඇති ප‍්‍රදේශයයි.පිළියමක් ලෙස නගරයේ කි‍්‍රයාත්මක කර්මාන්තශාලා 147 හි කි‍්‍රයාකාරීත්වය සීමා කිරීමට බළධාරීන් කටයුතු කර ඇතත් එයින් ඵලක් වී නොමැත.

නමුත් චීන නාවික හමුදාපති මෙය යහපත් තත්ත්වයක් ලෙස දකී.ඝන මීදුම් පටලය නිසා ප‍්‍රහාර එල්ල කිරීමට ඉලක්ක හදුනාගැනීමට නොහැකි වනු ඇතැයිද විශේෂයෙන් ඇමරිකාව ලේසර් කිරණ නිකුත් කරනා අවි භාවිතය අරඹා ඇති අවස්ථාවේ මෙය හොද ආරක්ෂක උපක‍්‍රමයක් යැයිද ඔහු කියයි.

ඔහුගේ ප‍්‍රකාශයට චීන ජනතාව නම් යහපත් ප‍්‍රතිචාර දක්වා නොමැත.හිරු එළිය නොවැටෙන,හුස්ම ගැනීම අපහසු කරවන ‘‘ආරක්ෂක උපක‍්‍රමයකින්‘‘ ඇති ඵලය කුමක්දැයි ඔවුහු විමසති.



අදහස් (0)

චීන මීදුම සුරැකුම් පලිහක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site